Pages

Wednesday, August 16, 2017

සිංහලෙන් කතා කරන ගමන් ටයිප් කරමු..


ඔන්න අද අපි කතා කරන්න යන්නේ සිංහල කතා කරන ගමන් type කරන්නේ කොහොමද කියන එක ගැන. මේක ඕගොල්ලන්ට හිතෙනවට වඩා වැඩක් බොහෝම වටිනා දෙයක්. මේකත් ගූගල් සමාගම අපිට දෙන අපූරු දෙයක් තමයි. මේකෙදි අපි කියන දේ 95% කට වඩා නිවැරදිව ටයිප් කරන කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? මේකෙදි අපිට කරන්න තියෙන බොහොම පහසු දෙයක් හැබැයි එකක් කියන්න ඕන මේක ගොඩාක් සාර්ථකව වැඩ කරන්නේ android marshmellows තියෙන phones වලට විතරයි ගොඩක් වෙලාවට android lollipop 5.01 phone වලටත් මේක වැඩ කරනවා. android kit kat kat එනම් දැනට මම දන්න හැටියට voice typing පහසුකම දීල නෑ.

යාලට මේකෙදි කරන්න තියෙන්නෙ google play store එකට ගිහිල්ලා Gboard කියලා ටයිප් කරලා google සමාගමෙන් Gboard කියන application ඔයාලගේ phone එකට ස්ථාපනය කරගන්න.

 
 රි ඊළඟට වර්ග phone එකේ settings වල ඇති language & input method කියලා එකක් අන්න ඒකට යන්න.


ට පස්සේ ඒකෙන් Gboard කියන එක active කරගන්න. ,ඊට පස්සෙ Gboard කියන එක touch කරන්න.

ට පස්සෙ මේවගේ එකක් එයි. අන්න ඒකෙ voice typing කියන එක touch කරන්න.

ට පස්සෙ ඔයාලට මේවගේ එකක් එයි.


කෙ languages කියන එකට යන්න. එතකොට ඔයාලට මේ වගේ popup screen එකක් එයි.


කෙන් සිංහල කියන එක touch කරල save කරන්න. දැන් ඔයාල ඔයාලගෙ ෆෝන් එකේ default keyboard එක විදිහට Gboard එක දාන්න ඕනෙ. ඒකට ආපහු language & input කියන එකට යන්න.ගිහිල්ල ඒකෙ default keyboard කියන එකට යන්න.


ට පස්සෙ එන popup window එකේ Gboard කියන එක තෝරන්න.


Sinhala English කියන දෙකෙන් ඕනම එකක් තේරුවට කමක් නෑ. මොකද අපිට keyboard interface එකෙන් language එක මාරු කරන්න පුලුවන්. ඔන්න දැන් වැඩේ හරි. දැන් අපි බලමු කොහොමද type කරන්නෙ කියල. දැන් keyboard එක open උනාම මේ වගේ වෙයි.


දැන් ඔය රතු පාටින් රවුම් කරල  තියන එකෙන් තමයි language එක මාරු කරන්නෙ. ඔයාල ඒ විදිහට සිංහල තෝරගෙන අර උඩ නිල් පාටින් රවුම් කරල තියන මයික් එක වගේ සලකුණ touch කරන්න. එතකොට initializing කියල වැට්ල speak now කියල වැටෙයි. අන්න එතකොට ඔයාලට පෙනෙයි ඔයාල කතාකරන දේ හරියටම සිංහලෙන් type වෙන හැටි. ඉතින් මං මගේ keyboard එකේ photo එකක් දාල තියනව වගේ ඔයාලටත් Gboard එකේ themes වලට ගිහිල්ල දාගන්න පුලුවන්.
     
ඔන්න දැන් අපේ වැඩේ හරි. ඉතින් ඔයාලගෙ අදහසුත් පහල comment section එකේ දාන්න පුලුවන්. ඉතින් ඒ වගේම ඔයාලට මොනොවහරි ගැටලුවක් ආවොත් ඒකත් පහල තියන comment section එකේ දාන්න පුලුවන්.
ආයෙත් අපි මේ වගේ අලුත් දෙයකින් හමුවෙමු....