Pages

Saturday, March 2, 2019

වැල් කහඹිලියා ශාකයේ ගුණ


ශාක සාරයන්ගෙන් හදපු ඖෂධ දේශිය වෙදකම ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඒ වගේ එක ඖෂධීය ශාකයක් විදිහට වැල්කහඹිලියා ශාකය හඳුන්වන්න පුලුවන්. මේ ශාකය වල් පැලෑටියක් විදිහට සලකනවා. මේකෙ බූව ගැවුනහම සමේ කැසීම් සහ ආසාදන ඇතිවෙනව. මේක හැමෝම වගේ දන්නවා. ඒ උනාට අපි කවුරුවත් නොදන්න දේ තමයි මේකෙ තියන ඖෂධීය ගුණය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මේ ශාකය කැස්ස උණ ඇදුම හෘද රෝග හා වකුගඩු හා මුත්‍රා ආශිත රෝග වැනි විවිධ ආබාධ සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරනවා. වැල්කහඹිලියා මුළු ශාකයම තම්බාගත් කසාය මුත්‍රා ආශ්‍රිත රෝග සඳහා දේශීය වෙදකමේ භාවිතා කර ඇති නිසා මේ ශාකය මුත්‍රා කාරක ගුණයන් විද්‍යාත්මකව පර්යේෂණ කරලා තියෙනවා.
මේ අධ්‍යයනය සිදු කරලා තියෙන්නෙ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ පවත්වන කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ.
වියලි වැල් කහඹිලියා ශාකය උණු වතුරෙන් තම්බා සාදාගත් ද්‍රවනය විවිධ මාත්‍ර වලින් පර්යේෂණාගාර මීයන්ට ලබා දී නියමිත කාලයක් තුළ මේ සතුන් පිට කරන මුත්‍රා පරීක්ෂාවට ලක්කරන ලදී. එම මුත්‍රාවල පරිමාව pH අගය සෝඩියම් සහ පොටෑසියම් අයන වල සාන්ද්‍රණයන් ද මැන ගන්නා ලදී.
වැල් කහමිලියා ශාක සාර මාත්‍රාව වැඩි වන විට එහි මුත්‍රා කාරක ගුණය ද වැඩි වෙනව. වැල්කහඹිලියා ශාකසාර ලබාදුන් මීයන්ගේ මුත්‍රා පරිමාව එය මුදුන් මීයන්ගෙන් මුත්‍රා පරිමාව මෙන් දෙගුණයක් පමණ විය. ශාකසාර මාත්‍රය වැඩි කරන විට උපරිම අගයක් දක්වා එය වැඩිවිය. තවද ශාකසාර ලබා දී පළමු පැය තුළ මේ මුත්‍රාකාරක ගුණය මීයන්ගේ වැඩි බව දැකගත හැකි විය.
තවද මේ ශාකයේ ඇති මුත්‍රා කාරක ගුණ තවදුරටත් තව දුරටත් විශ්ලේෂණය කිරීමේ දී එය loop diyuretic නැමැති මුත්‍රා මුත්‍රා කාරක ගුණයෙන් සමන්විත බව මේ පර්යේෂණයේදී තහවුරු විය. මෙවැනි මුත්‍රා කාරක ඖෂධ සායනික ලෙස හෘදයාබාධ අධිරුධිර පීඩනය හා ඉදිමුම වැනි රෝගවලදී භාවිතා කළ හැකි වේ. එබැවින් shark ඖෂධයක් වන වැල් කහඹිලියා ශාකය මෙවැනි අවස්ථාවන්හිදී ඉතා ප්ර‍රයෝජනවත් වුණු ඇති බව අපට කිව හැකිය.
මුත්‍රා කාරක ගුණය මෙන්ම මේ ශාකයේ ඇති තවත් ගුණයක් වන්නේ මධුමේහහර ගුණයයි. මෙය තවදුරටත් පරීක්ෂණ කරමින් පවතින ගුණයක්.
තවද මේ ශාකයෙ කිසිදු ආකාරයක විෂ සහිත බවක් නැති බව මේ පරීක්ෂණවලදී තහවුරු වෙලා තියෙනවා.

No comments:

Post a Comment