Thursday, February 28, 2019
ගුවන් යානයක් හදන්නෙ එකම කර්මාන්තශාලාවකද?
ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානාව වන්නේ ප්‍රංශ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදන සමාගම විසින් නිපදවනු ලබන A380 ගුවන් යානාවයි. මේ වන විට ගුවන් යානා ඒකක 200 ඉක්මවූ ප්‍රමාණයක් ලොව පුරා මගී ප්‍රවාහනයේ නිරතවන අතර ඒ අතරින් ගුවන්යානා 101 භාවිතා කරනු ලබන්නේ dubai කේන්ද්‍ර කරගත් ලොව ප්රමුඛ පෙළේ එමිරේට්ස් ගුවන් සේවයයි. මෙම ගුවන් යානා ප්‍රංශයයේ ටොලූස් හි පිහිටි එයාබස් කර්මාන්ත ශාලාවේ දී එකලස් කිරීමේ කටයුතු නිම වනු ලබන අතර ඒ වෙනුවෙන් යුරෝපයේ මෙන්ම ලොව පුරා පිහිටි කර්මාන්ත ශාලාවල නිපදවනු ලබන කොටස් ටොලූස් වෙත ගෙනෙ එනු ලබන්නේ සුවිශේෂී වූ සැලසුම් කළ ක්‍රමවේදයකට අනුවය.
මූලික වශයෙන් ගත් කළ ප්‍රධාන උපාංග යුරෝපය කේන්ද්‍රකරගත් ගුවන් යානා කොටස් නිෂ්පාදන සමාගම් කිහිපයක් නිපදවනු ලබන අතර එහිදී පියාපත් කොටස් වේල්ස් හීද ගුවන් බඳ කොටස් ජර්මනියේ සහ ප්‍රංශයේ ද පිටුපස තිරස් පියාපත් ස්පාඤ්ඤයේ ද පිටපස සිරස් පියාපත ජර්මනියේද නිපදවනු ලැබේ.අනෙකුත් ඇණ මුරිච්චි සිට ආසන මෙන්ම engine ඇතුළු සියලු කොටස් ප්‍රමාණයක් එක් A380 ගුවන් යානාවක් සඳහා පමණක් මිලියන හතරක් පමණ වන අතර ඒවා ලොව පුරා රටවල් 30ක නිෂ්පාදන සමාගම් 1500ක පමණ නිපදවෙයි. එක් එක් ස්ථාන වල නිපදවෙන මේ සියල්ල ඒකරාශි කොට ගුවන්යා යානාවක් එකලස් කර ගුවන් යෝග්‍යතා අවශ්‍යතා සපුරමින් මෙහෙයුම් කළ හැකි තත්ත්වයට පත් කිරීම සුළුපටු කාරණාවක් නොවෙයි.
A380 ගුවන් යානාවක ප්‍රධාන උපාංග හයක් ලෙස හඳුනාගත හැකි අතර ඒවා ගුවන් බඳ කොටස් තුනක් ලෙසත් පියාපත් කොටස් දෙකක් ලෙසත් පසුපස තිරස් පියාපත ලෙස හඳුනාගත හැකි ය. මේවා Pauillac හි පිහිටි නැව් තටාංගනය සිට ටොලූස් හි පිහිටි ගුවන් යානා ගුවන්යා යානා එකලස් කිරීමේ අංගනය වෙත ප්‍රවාහනය වෙනුවෙන් සුවිශේෂී බහුකාර්ය ට්‍රක් රථ නිපදවා ඇත. ඉහත කොටස් 6 එම ට්රක්රථ උපයෝගී කරගනිමින් ඒ වෙනුවෙන්ම තනන ලද ද්විතීක මාර්ගයක් ඔස්සේ කිලෝ මීටර් දෙසිය හතළිහක් පමණ දුරක් ප්‍රවාහනය කරනු ලබන්නේ රාත්‍රී කාලයේ දී ය. ඒ වෙනුවෙන් රාත්‍රී කාලයේ තෝරාගෙන ඇත්තේ නගර ආශ්‍රිතව හට ගන්නා මාර්ග තදබදය මඟහැරවීමේ මූලික අරමුණ ඇතිවය.
තවත් සුවිශේෂී කරුණක් වන්නේ ඉහත සඳහන් කළ මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් airbus සමාගම ඩොලර් මිලියන 205 ක පමණ මුදලක් රජයට ප්රදානය කළ තිබීමයි. තවද මෙම මාර්ගය හරහා ඇතිවන තද සුළං ධාරාව දැවැන්ත ට්‍රක් රථ මෙහෙයුමට තරමක බාධාවක් ගෙන දෙන බැවින් දෙපස ගස් 6500ක් පමණ සිටුවන්නට කටයුතු කර ඇත. ඒ අතරම පාපැදි සහ අශ්වයන් ධාවනය වෙනුවෙන්ම නිමවූ කිලෝ මීටර් 35ක පමණ දිගින් යුත් මංතීරුවක් ද එම මාර්ගයට සමගාමීව ඉදි කර ඇත.
නිෂ්පාදන කර්මාන්ත ශාලාවල සිට මෙම කොටස් Pauillac නැව් තටාකය වෙත ප්‍රවාහනය කරනුයේ ප්‍රංශ සීමාවෙහි පිහිටි අත්ලාන්තික් සාගරය ඔස්සේ වන මුහුදු මාර්ගය මතිනි. ඒ වෙනුවෙන් විශේෂ වූ තාක්ෂණික හැකියාවන්ගෙන් යුත් සන්නද්ධ නැව් සූදානම් කර තිබේ.
යානාවේ පසුපස පියාපත් ආශ්රිත සිරස් ස්ථායිකාරකය සුවිශේෂී කොටසකි. එය ට්‍රක් රථ යොදාගෙන ප්‍රවාහනය හා පහසු කරුණකි. එයට පිළිතුරු ලෙස එයාර් බස් සමාගම තම තාක්ෂණය යොදවා A300-600ST නිපදවීය. A380 ගුවන් යානයේ සිරස් ස්ථායිකාරක කොටස ප්‍රවාහනය කළ හැක්කේ A300-600ST super transporters ගුවන් යානාවට පමණි. Beluga ලෙස එයාර් බස් සමාගම හඳුන්වා දී ඇති මෙම ගුවන් යානාව නිපදවා ඇත්තේ එයාර් බස් ගුවන් යානා කොටස් ප්‍රවාහනය සඳහා ම ය.
ගොඩබිමින් ගුවන් යානා කොටස් ප්‍රවාහනය සිදුවන්නේ රාත්‍රි කාලයේ වුවද එය Levignac නගරවැසියන්ටනම් විනෝද ජනක අවස්ථාවක්. ඇතැම් ස්ථානවල නිවස ට්‍රක් රථය අතර පවතින්නේ cm 50ක පමණ ඉතා අවම පරතරයක්. නිවැසියන් ජනේල අසලට වී දැවැන්ත කොටස් ගෙන යන ආකාරය නරඹන්නේ නිදි වර්ජිතවය. ඒ වගේම අප මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ සුරක්ෂිතතාවයට මුල්තැන ලබා දෙමින් සහ සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක් නොවන ලෙසින්. මේ ආකාරයට විදෙස් මාධ්‍යවලට අදහස් දක්වා තිබුණේ එයාර් බස් සමාගමේ ප්‍රවාහන කළමනාකරුවෙකු විසින්.
Subscribe to:
Posts (Atom)
-
ශාක සාරයන්ගෙන් හදපු ඖෂධ දේශිය වෙදකම ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඒ වගේ එක ඖෂධීය ශාකයක් විදිහට වැල්කහඹිලියා ශාකය හඳුන්වන්න පුලුවන්. මේ ශාකය වල...
-
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමියක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙවලපොල ආනන්ද මහා විද්‍යාල භූමියෙන් හම...
-
Suzuki සමාගම විසින් 2014 වසරේ හදුනවා දෙනු ලැබූ Wagon R hybrid මෝටර් රථ දැන් ලංකාවේ සීග්‍ර අලෙවියක් පවතින මොටර් රථයක්. Wagon R FZ මෝට...