Pages

Saturday, March 4, 2017

ඉතා ප්‍රබල ශ්‍රවණ උපකරණයක්.....




 සෙනග පිරුණු ඝෝෂාකාරී පරිසරයක, ඈත සිට කතා කරන ඔබේ යාළුවකු, ඈත සිට කියන දෙයක් ඔබට සිටි තැන ම සිට, වෙනත් කටහඬ අතරින් තෝරා බේරා අසා ගන්නට ලැබෙනවා නම් එය ඔබේ සතුටට හේතුවක් නේ. දැන් ඒක හිතන තරම් පුදුම දෙයක් නෙමෙයි. දැන් එම උපකරණයේ ආකෘතියක් හදල තියනවා. තව වසරකින් හෝ දෙකකින් ඒක වෙළඳ පොළට ඒවි. මේ අපූරු උපකරණය විශේෂයෙන් ම ප‍්‍රසිද්ධ ස්ථානවල සෙනග අතර ගැවසෙන පොලිස් නිලධාරින්ට අපරාධ වැළැක්වීමේ කටයුතුවටලත් ප‍්‍රයෝජනවත් වේවි. ඇමරිකාවේ කැලිෆෝනියාවේ ආගෝඩිසයින් ආයතනයේ මාක් රොල්ස්ටන් කියන්නේ අනිත් අයට නොදැනෙන්නට ඈත සිටින අයකුගේ කතාවට ඇහුම්කන් දිය හැකි ‘සුපිරි ඇසීමේ බලයක්’ සහිත උපකරණයක් පලඳින්නට අනාගතයේ දී අප කාටත් ලැබෙන බවයි.

 අනාගතයේ දී අපට පලඳින්නට ලැබෙන ‘සුපිරි ඇසීමේ බලයක්’ සහිත උපකරණය ‘ලාලාලා‘ පලඳින අයුරු. අවට සියලූම ශබ්ද වළක්වා තමන්ට අවශ්‍ය ශබ්දය පමණක් හොඳින් ඇසෙන සේ මේ සුපිරි ශ‍්‍රවණාධාරය ඒ සඳහා සුසර කළ හැකියි. මාක් රොල්ස්ටන් තමයි මේ ‘ලාලාලා’ යන අලූත්ම ශ‍්‍රවණාධාර උපකරණය නිපදවීමට සැලසුම් කරල තියෙන්නේ. ආගෝඩිසයින් ආයතනයේ මෙහෙයුම් කළමනාකරු රෙනේ ඔල්සොබෲක් කියන්නේ, ‘මෙ ලාලාලා කියන ශ‍්‍රවණාධාරය සුවිශේෂී එකක්. ඒකට පුළුවන් දුර ඉන්නා අයකුගේ කටහඬට ඔබ තෝරාගන්නා කැමති විධියකට ඇහුම්කන් දෙන්න. අනෙක් ශබ්ද කපා හැරලා විතරක් නෙවෙයි, ඒ හඬ වැඩි කරලා අසන්නත් පුළුවන්.’ කියායි. මේ නව අදහස ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නංවා මේ නව මෙවලම වෙළඳපොළට ආවාම ඒ මගින් ඔබට අවශ්‍ය පුද්ගලයා තෝරාගෙන ඒ දිහාට කන හරවා ඔහුගේ කටහඬ ඔබට අවශ්‍ය පරිදි වැඩි කර ඇහුම්කන් දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එයාගෙ කැමැත්ත නැතුව වුවත් එයාට නොදැනුවත්ව එයාගෙ හඬට හොඳින් සවන් දීමේ හැකියාව ඔබට ලැබෙනවා. හැබැයි මෙහි ඇති මානව හිමිකම් උල්ලංඝනය වන පැත්තකුත් අපට පෙනෙනවා. එයින් කෙනකුගේ පුද්ගලිකත්වයට පහර වැදීමක් සිද්ධවෙනවා. මෙයින් අනුන්ගේ රහස් කතාබහට හොරෙන් සවන් දෙන්නත් පුළුවන් වන නිසා.


 මෙහි මූලික මෙවලමෙහි කටහඬට සවන්දීමට ඇති හැකියාව පමණක් ඇතුළත් වුනත් පසුව එන නව්‍යකරණවල දී ඒ හඬ එන්නේ ඔබ නොදන්නා බසකින් නම් එය පර්වර්තනය කර දීමටත් හැකි වන සේ සකසාදීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.එම නිසා මෙම උපකරණයේ කාර්‍යක්ෂම භාෂා පරිවර්තකයක් අන්තර්ගතයි. එවිට වෙනත් භාෂා දෙකක් කතා කරන දෙදෙනකු අතර එවේලේම අදහස් හුවමාරු කර ගත හැකි පරිවර්තකයකු ලෙසටත් මෙය යොදා ගන්නත් පුළුවන්. ඉතා ප්‍රබල හඬ ග්‍රාහක හැකියාවක් ඇති මෙම උපකරණයේ සංඛ්‍යාත පෙරන තාක්ෂණය (Frquence filtering)අන්තර්ගතයි. ඉතා දියුණු තත්වයේ මයික්‍රෝෆෝන මේ සඳහා යොදා ගන්නවා.ඒ වගේම චලන සංවේදී සූක්‍ෂම කැමරාවක් මෙහි සවි කර තියෙනවා. ඒ නිසා ලාලාලාට පුළුවන් ඔබ අසල ඇති උස් හඬ ඇති කතාබහ මග හැර කැමරාවෙන් ඔබ තෝරා ගන්නා අයගේ හඬ විතරක් ඔබට ඇහෙන්න සලස්වන්න.’ යැයි ඔල්සොබෲක් පැහැදිලි කරනවා. ‘මේ මෙවලම කනේ ගහන කුඩා බ්ලූටූත් එකක් වගෙයි. එහි ඇති නැනෝ මයික්‍රෝෆෝන පොකුරෙන් තමයි ශබ්ද වෙන් කරන්නෙ. රූප හඳුනා ගන්නත් ඔබ කරන ඉඟි අනුව කි‍්‍රයාත්මක වෙන්නත් එයට පුළුවන්. ඒ මේ තුළ ඇති කැමරාවෙන්. ඔබට අවශ්‍ය පින්තූර ගන්නත් ඔබේ කතාබහ පටි ගත කරන්නත් එයට හැකියාව තියෙනවා.’ ඔහු වැඩිදුරටත් කියනවා. රොල්ස්ටන් කියන්නේ මේ නව උපකරණය අනාගතයේ දී ස්මාට් ෆෝන්වල තැන ගන්නා බවයි. ‘අනාගතයේ දී වැඩිදෙනකුට මේ මෙවලම පැලඳ සිටින්නට නිසැකවම සිදුවේවි’ ඔහු කියනවා. ‘අනාගතයේ දී අපේ මෙවලමට ටෙලි සමුළුවල විශෙෂ තැනක් හිමි වේවි. ඒ වගේම බොහොමයක් මෙවලම් ස්මාට්ෆෝන්වලින් කරන කාර්යයභාරයත් කරන්න පටන් ගනීවි. කුඩයක් වැනි මෙවලමක් කාලගුණ අනාවැකි කියන්න, වහින බව කල්තියා කියන්න පටන් ගනීවි.’ යයි ඔල්සොබෲක් තවදුරටත් කියනවා.

අනාගතයේදී තමන් අසන බස තමන්ට තේරෙන බසට එසැනින් පරිවර්තනය කිරීමේ පහසුකමත් මෙයට එක් වේවි. ඒ වගේම රහස් පරීක්‍ෂකයන්ගේ අංක එකේ මෙවලම වෙන්නත් පුළුවන්.

Wednesday, March 1, 2017

චිලී හි ඉදිවෙමින් පවතින ලොව විශාලතම දුරේක්ෂය


ඔබ දන්නවා අභ්‍යාවකාශ නිරීක්ෂණයේදී විශාල සේවයක් මේ දක්වා සිදු වුනේ හබල් දුරේක්ෂයෙනි. එතුලින් සොයාගත් අභ්‍යාවකාශයේ කෙලවරක් නැති විශ්වයෙන් සොයාගත් දැනුමත් ඉතා විශාලයි නමුත් දැන් විද්‍යාඥයන් සැරසෙන්නේ මේ හබල් දුරේක්ෂයට වඩා ප්‍රබල විශ්වයම සිසාරා යා හැකි නව දුරේක්ෂයක් නිර්මාණය කිරීමටයි. මේ වන විටත් මෙහි වැඩකටයුතු ආරම්භ කෙරී ඇති අතර 2021 වසර වන විට මෙය පනගැන්වීම විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවයි. මෙහි සම්පූර්ණයෙන්ම වැඩ නිම කිරිමට අපේක්ෂා කෙරෙන්නේ 2024 වසරේදියි. මෙය නිර්මාණය කිරීම සඳහා සමාගම් 11ක් තමන්ගේ දායකත්වය ලබා දේ එම සමාගම් වන්නේ,

 Observatories of the Carnegie Institution of Washington,University of Chicago, Harvard University,Smithsonian Astrophysical Observatory,Texas A&M University,University of Arizona,University of Texas at Austin,Australian National University,Astronomy Australia Limited,Korea Astronomy and Space Science Institute,University of São Paulo


 මේ දුරේක්ෂයේ විශාලත්වය වැඩි නිසාම එයට නතු කරගත හැකි ආලෝක කිරණ ප්‍රමාණය ඉතා ඉහලයි. ඒ නිසා විශ්වයේ ඈතින්ම පිහිටන ග්‍රහවස්තු මෙන්ම මිට වසර මිලියන 12කට පමණ පෙර පැවති ග්‍රහවස්තු වල ආලෝක පවා මෙයට ග්‍රහණය කරගත හැකි බවට විද්‍යාඥයන් පවසයි. ඒ වගේම දැනට හඳුනාගෙන ඇති ග්‍රහලෝක, තාරකා සහ තවත් ග්‍රහ වස්තු බොහොමයක් ඉතා හොඳින් සමීපව නැරඹීමේ හැකියාව මෙමගින් ලැබෙනවා. නව ග්‍රහලෝක සොයාගැනීමට පවා මෙමගින් විශාල දායකත්වයක් ලැබෙනු ඇත. මේ ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියනයක් වැය වන බවට ගණන් බලා තිබෙන අතර මෙහි වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා මේ වන විට ඩොලර් මිලියන 500ක මුදලක් මේ වන විට ලැබී තිබේ. මෙහි දෘෂ්ටි පෘෂ්ඨය අඩි 80ක් පමණ වනවා. හබල් දුරේක්ෂයේ දෘෂ්ටි පෘෂ්ඨය අඩි 7.8ක් පමණයි. මේ නිසා හබල් දුරේක්ෂයට වඩා දස ගුණයක තීව්‍රතාවයක් සහිත දසුන් නැරඹීමේ හැකියාවක් මෙමගින් ලැබේ.

 මේ දුරේක්ෂය මගින් මිනිස් වාසයට සුදුසු පිටසක්වල ග්‍රහලෝක සොයාගැනීමටත් හැකි වන බවට පැවසෙනවා. විශ්වයම මහා පිපිරුමකින් ආරම්භ වුනු බව සලකන විද්‍යාඥයන්ට වසර බිලියන 13.2කට පමණ පෙර සිදු මේ සිදුවීමෙන් නිකුත් වූ ආලෝක කිරණ පවා මේ දුරේක්ෂයට නතු කර ගැනීමට හැකි වනු ඇතැයි මේ ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂක කටයුතු කරන ගඟනගාමි Patrick McCarthy පවසා සිටිනවා. ඒ විශ්වයේ විශාලත්වය නිසාම ආලෝකය එක් තැනක සිට තවත් තැනකට යාමට විශාල කාලයක් ගතවේ.


 ගණන් බලා ඇති ආකාරයට විශ්වය වසර බිලියන 13,7ක් පමණ පැරණියි. 2018 වසරේ NASA ආයතනයේ James Webb දුරේක්ශයත් පනගැන්වෙනවා. මේ නව දුරේක්ෂ දෙකේ එකතුවෙන් හබල් දුරේක්ෂය කල කාර්යට විශාල දායකත්වයක් ලබා දෙනු ඇති බවට විද්‍යාඥයින් විශ්වාස කරනවා