Wednesday, March 1, 2017
චිලී හි ඉදිවෙමින් පවතින ලොව විශාලතම දුරේක්ෂය
ඔබ දන්නවා අභ්‍යාවකාශ නිරීක්ෂණයේදී විශාල සේවයක් මේ දක්වා සිදු වුනේ හබල් දුරේක්ෂයෙනි. එතුලින් සොයාගත් අභ්‍යාවකාශයේ කෙලවරක් නැති විශ්වයෙන් සොයාගත් දැනුමත් ඉතා විශාලයි නමුත් දැන් විද්‍යාඥයන් සැරසෙන්නේ මේ හබල් දුරේක්ෂයට වඩා ප්‍රබල විශ්වයම සිසාරා යා හැකි නව දුරේක්ෂයක් නිර්මාණය කිරීමටයි. මේ වන විටත් මෙහි වැඩකටයුතු ආරම්භ කෙරී ඇති අතර 2021 වසර වන විට මෙය පනගැන්වීම විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවයි. මෙහි සම්පූර්ණයෙන්ම වැඩ නිම කිරිමට අපේක්ෂා කෙරෙන්නේ 2024 වසරේදියි. මෙය නිර්මාණය කිරීම සඳහා සමාගම් 11ක් තමන්ගේ දායකත්වය ලබා දේ එම සමාගම් වන්නේ,
Observatories of the Carnegie Institution of Washington,University of Chicago, Harvard University,Smithsonian Astrophysical Observatory,Texas A&M University,University of Arizona,University of Texas at Austin,Australian National University,Astronomy Australia Limited,Korea Astronomy and Space Science Institute,University of São Paulo
මේ දුරේක්ෂයේ විශාලත්වය වැඩි නිසාම එයට නතු කරගත හැකි ආලෝක කිරණ ප්‍රමාණය ඉතා ඉහලයි. ඒ නිසා විශ්වයේ ඈතින්ම පිහිටන ග්‍රහවස්තු මෙන්ම මිට වසර මිලියන 12කට පමණ පෙර පැවති ග්‍රහවස්තු වල ආලෝක පවා මෙයට ග්‍රහණය කරගත හැකි බවට විද්‍යාඥයන් පවසයි. ඒ වගේම දැනට හඳුනාගෙන ඇති ග්‍රහලෝක, තාරකා සහ තවත් ග්‍රහ වස්තු බොහොමයක් ඉතා හොඳින් සමීපව නැරඹීමේ හැකියාව මෙමගින් ලැබෙනවා. නව ග්‍රහලෝක සොයාගැනීමට පවා මෙමගින් විශාල දායකත්වයක් ලැබෙනු ඇත. මේ ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියනයක් වැය වන බවට ගණන් බලා තිබෙන අතර මෙහි වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා මේ වන විට ඩොලර් මිලියන 500ක මුදලක් මේ වන විට ලැබී තිබේ. මෙහි දෘෂ්ටි පෘෂ්ඨය අඩි 80ක් පමණ වනවා. හබල් දුරේක්ෂයේ දෘෂ්ටි පෘෂ්ඨය අඩි 7.8ක් පමණයි. මේ නිසා හබල් දුරේක්ෂයට වඩා දස ගුණයක තීව්රතාවයක් සහිත දසුන් නැරඹීමේ හැකියාවක් මෙමගින් ලැබේ.
මේ දුරේක්ෂය මගින් මිනිස් වාසයට සුදුසු පිටසක්වල ග්‍රහලෝක සොයාගැනීමටත් හැකි වන බවට පැවසෙනවා. විශ්වයම මහා පිපිරුමකින් ආරම්භ වුනු බව සලකන විද්‍යාඥයන්ට වසර බිලියන 13.2කට පමණ පෙර සිදු මේ සිදුවීමෙන් නිකුත් වූ ආලෝක කිරණ පවා මේ දුරේක්ෂයට නතු කර ගැනීමට හැකි වනු ඇතැයි මේ ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂක කටයුතු කරන ගඟනගාමි Patrick McCarthy පවසා සිටිනවා. ඒ විශ්වයේ විශාලත්වය නිසාම ආලෝකය එක් තැනක සිට තවත් තැනකට යාමට විශාල කාලයක් ගතවේ.
ගණන් බලා ඇති ආකාරයට විශ්වය වසර බිලියන 13,7ක් පමණ පැරණියි. 2018 වසරේ NASA ආයතනයේ James Webb දුරේක්ශයත් පනගැන්වෙනවා. මේ නව දුරේක්ෂ දෙකේ එකතුවෙන් හබල් දුරේක්ෂය කල කාර්යට විශාල දායකත්වයක් ලබා දෙනු ඇති බවට විද්‍යාඥයින් විශ්වාස කරනවා
Subscribe to:
Post Comments (Atom)
-
ශාක සාරයන්ගෙන් හදපු ඖෂධ දේශිය වෙදකම ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඒ වගේ එක ඖෂධීය ශාකයක් විදිහට වැල්කහඹිලියා ශාකය හඳුන්වන්න පුලුවන්. මේ ශාකය වල...
-
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමියක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙවලපොල ආනන්ද මහා විද්‍යාල භූමියෙන් හම...
-
Suzuki සමාගම විසින් 2014 වසරේ හදුනවා දෙනු ලැබූ Wagon R hybrid මෝටර් රථ දැන් ලංකාවේ සීග්‍ර අලෙවියක් පවතින මොටර් රථයක්. Wagon R FZ මෝට...
No comments:
Post a Comment