Pages

Saturday, June 17, 2017

මිලෙන් අඩු සුපිරි මෝටර් රථයක් : Suzuki Ignis

“අඩු මිල මෝටර් රථ”කියූ සැනින් අප සිහියට නැගෙන්නේ ප්‍රමිතියෙන්ද අඩු මෝටර් රථ යන්නයි. මෙසේ වීමට හේතුව වන්නේ සමහර ඉන්දීය, චීන හා කොරියානු අඩු මිලට මෝටර් රථ බොහෝමයක් මිළෙන් අඩු වීම සදහා ප්‍රමිතියෙන්ද ඉතා විශාල ලෙස පහල වැටි තිබීමයි. Suzuki සමාගමේ 2017 Ignis රථය මෙම අදහස ව්‍යර්ථ කිරීමේ අරමුණ ඇතිව නිපදවූ රථයක් වන අතර මෙය සාපේකෂව මිළෙන් අඩු අලංකාර හා පහසුකම් වලින් සපිරි කුඩා මෝටර් රථයකි. මීටර් 3.7 ක් දිගින් යුතු, මීටර් 1.7 ක් පළල Mini SUV වර්ගයේ රථයක් වන මෙය ඉතාමත් අලංකාර හා හුරුබුහුටි නිමාවකින් යුතු රථයකි. Suzuki සමාගමේ 1.2 liter 89bhp එන්ජිමකින් සම්පුර්ණ වන මෙම රථයෙහි Auto හෝ Manual මාදිලි මෙන්ම Mid Hybrid මාදිලියක්ද නිකුත් වන අතර Suzuki Ignis SZ3, SZ-T හා SZ5 ලෙස මාදිලි තුනකින් වෙළදපොලට නිකුත් වනු ඇත.

ප්‍රමාණයෙන් කුඩා වුවද, උපරිම ඉඩක් ලැබෙන පරිදි නිපදවා ඇති රථයේ ඇතුලත සුවපහසු හා නවීන ලෙසද නිපදවා තිබීම විශේෂත්වයකි. මිලට ගන්නා මාදිලිය අනුව power Shutters, Central, Cocking, Multifunction, Air Bags පමණක් නොව, අවශ්‍ය නම් Pioneer ස්පර්ශ සංවේදී තිරයන්ද ලබා ගැනීමට හැකිය. රථයේ පිටුපස , ආසන තුනක් ලෙස භාවිතා කළ හැකි දිගු අසුනක් වෙනුවට ආසන දෙකක් යොදා තිබීම මෙම රථයේ විශේෂත්වයකි. මෙම ආසන අවශ්‍ය නම් සම්පුර්ණයෙන්ම පහතට නවා වැඩිපුර ගබඩා ඉඩක් රථය පිටුපසට ලබාගැනීමටද හැකියාව ඇත.

රථයේ කුඩා එන්ජිම, කුඩා ප්‍රමාණය හා සුළං ප්‍රතිරෝධය අවම වන ලෙස සැකසු පිටත නිමාව නිසා මෙය ඉතාමත් ඉහල ඉන්ධන පිරිමැස්මක් ඇති රථයක් බව Suzuki සමාගම පවසා සිටියි. මෙහි සාමාන්‍ය රථය අවම වශයෙන් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 20 පමණ ඉන්ධන පිරිමැස්මක් ලබා දෙන බව සමාගම පවසා සිටින අතර ප්‍රායෝගික තත්ව යටතේ මෙය අවම වශයෙන් කිලෝමීටර් 15කට වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා දෙනු අතර, මෙහි Hybrid මාදිලියේ ඉන්ධන පිරිවැස්ම පිළිබද තවමත් තොරතුරු හෙළි කර නොමැත. ඇ.ඩො. 12,000 ක පමණ මිලකට වෙළදපොලට පැමිණීමට තිබෙන නව 2017 Suzuki Ignis රථය යුරෝපිය හා ආසියානු වෙළදපලට මෙම වසර මැද භාගය වන විට පිවිසීමට නියමිතය.

ෂර්ලොක් හෝම්ස්ගේ බිහිවීම


සර් ආතර් කොනන් ඩොයිල් විසින් බිහිකල ෂර්ලොක් හෝම්ස් චරිතය ගැන නොදන්න කෙනෙක් නැනේ. ඔයාලා දන්නවාද, කොනන් ඩොයිල් ෂර්ලොක්ව බිහිකලේ ඇත්තම මිනිස් චරිත බලාගෙන කියලා.

ක්‍රි.ව 1887 දී ආතර් කොනන් ඩොයිල් විසින් A Study in Scarlet කෘතිය හරහා ෂර්ලොක් හෝම්ස් හා ජෝන් වොට්සන් හට උපත ලබාදුනි. A Study in Scarlet කෘතිය සිංහලට පරිවර්තනය වන්නේ ලෝහිත පරික්ෂණය ලෙසයි. අද වන විට ජනප්‍රිය කෘතියක් වුවද, A Study in Scarlet එවකට පුලුල් පාඨක අවධානය දිනාගැනිමට සමත්වූය් නැ. A Study in Scarlet කෘතියට පසුව එලිදුටු, The Sign of Four (සිවු රහස් සලකුණ) කෘතියද එතරම් පාඨක අවධානයක් දිනාගත්තේ නැ.

කොනන් ඩොයිල්


ශර්ලොක් පුළුල් පාඨක අවධානයකට නතු වන්නේ, 1891 වසරේදි The Strand Magazine සගරාවට කොනන් ඩොයිල් විසින් ලියු ෂර්ලොක් හෝම්ස් පරික්ෂණයක් රැගත් කෙටි කතා මාලාව මගිනි. ශර්ලොක් ගේ පරික්ෂණ තතු කියවන ඕනැම පාඨකයකුට නැගෙන කුකුසක් ඇත. ශර්ලොක් ඇත්ත පුද්ගලයෙකුද? කොනන් ඩොයිල් ශර්ලොක් හෝම්ස් ලිව්වේ ඇත්තටම හිටපු පුද්ගලයකු ඇසුරින්ද? ශර්ලොක් හෝම්ස් නමින් ඇත්තටම පුද්ගලයකු ඉදලා නැතත්, හෝම්ස්ව නිර්මාණය කරද්දි කොනන් ඩොයිල් විසින් පුද්ගලයින් දෙදෙනකුවම ඇසුරු කරගෙන තියනවා. කොනන් ඩොයිල්, එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ශිල්ප හදාරණ සමයේදි. විශ්වවිද්‍යාලයේ කා අතරත් ජනප්‍රිය ආචාර්යවරයකු සිට තිබෙනවා. ඔහු නමින්, ජෝසප් බෙල්

ජෝසප් බෙල්, අහංකාර නමුත් ආකර්ෂණිය චරිතයක්. සත්‍ය වශයෙන්ම දක්ෂයෙක්. ජෝසප් හමුවිමට පැමිණෙන රෝගින්ගෙන් තොරතුරු විමසිමකින් තොරව, බාහිර ලක්ෂණ නිරික්ෂනයෙන් විවිධ පුරෝකතන සිදුකර තිබෙනවා. මෙය නිරන්තරයෙන්ම ශර්ලොක් හෝම්ස් කතා කියවන ඔබට හමුවි ඇති. ශර්ලොක් පවා ඔහු හමුවට පැමිණෙන පුද්ගලයින් නිරික්ෂණය කර ඔවුන් පිලිබද විවිධ නිගමන වලට එලැබෙනවානේ. මේ ලක්ෂණ කොනන්ඩොයිල් අරන් තියෙන්නේ ජෝසප් බෙල් ගේ චරිතය ඇසුරින්. ඔබ දන්නවාද, ජෝසප් ගේ ‘‘වොට්සන්‘‘ වෙලා තියෙන්නෙත් කොනන් ඩොයිල් තමයි. ජෝසප් ගේ සහයකයා ඩොයිල් කටයුතු කරලා තියෙනවා. ජෝසප් හා ඩොයිල් සුසංයෝගයෙන් ඩොයිල් ලබපු ඇත්දැකිම්, ජෝන් වොට්සන් චරිතය බිහිවෙන්නත් හේතු වෙලා තියෙනවා. ශර්ලොක් චරිතයට පාදක වෙච්ච ප්‍රධානතම චරිතය, වෛද්‍ය ජෝසප් බෙල් වුනාට, තවත් වැදගත් චරිතයක් සිහිපත් කලයුතුමයි. ඔහු නමින්, හෙන්රි ලිට්ල්ජෝන්

ලිට්ල්ජෝන් යනු, එඩින්බරෝ හී සිටි දක්ෂ වෝහාරික වෛද්‍යවරයෙක්, කාය විඡ්ඡේදකයෙක් මෙන්ම සෞඛ්‍ය පරික්ෂකවරයෙක්. ශර්ලොක් හෝම්ස් ගේ අධිකරණ වෛද්‍ය හැකියාවන් ට පාදක වි ඇත්තේ ලිට්ල්ජෝන් ගේ හැකියාවන්ය. එඩින්බරෝ හී සිදුවන හදිසි මරණ,ඝාතන අවස්ථා වලදි ලිට්ල්ජෝන්ගේ හැකියාවන් කැපි පෙනුනා. ඔහු ඇගිලි සලකුණු අපරාධකරුවන් සෙවිමට යොදාගත් පරපුරේ පුරෝගාමියෙක්. කොනන් ඩොයිල් The Final Problem(අවසන් ගැටලුව) ලියනසමයේදි ලිට්ල්ජෝන්, රටම කැලබූ ආඩ්ලමන්ට් නඩුවට සම්බන්දව සිටියා. යම් පුද්ගලයකු විසින් දඩයම් සවාරියක් අතරතුර තරුණයකුට වෙඩිතබා තිබෙනවා. විත්තිකරු නඩුවේදි කියාසිටියේ තමා අතින් අත්වැරදිමකින් තරුණයාට වෙඩි වැදුනු බවයි. නමුත් ලිට්ල්ජෝන් විසින් අපරාධ ස්ථානය ගොස් උණ්ඩය වැදුනු දිශාව, වෙඩි වැදුනු දුර, තුවාලයේ ගැබුර හා ස්වභාවය නිරික්ෂණය කර මෙය අත්වැරදිමකින් වූ වෙඩි තැබිමක් නොව ඝාතනයක් ලෙස ඔප්පු කලා. මෙයට සමාන අපරාධ පරික්ෂණ බොහොමයක් ඔබට ශර්ලොක් කතා මලාවෙන් සොයාගත හැකියිනේ. ශර්ලොක් චරිතය නිර්මාණට දායක වූ පුද්ගලයින් ගැන දැන් දන්නවානේ. ඔයාලා දන්නවාද ශර්ලොක් හොම්ස් නම හැදුන හැටි? Sherlock Holmes නාමයේ ‘‘Holmes‘‘ යන කොටස ලබාගෙන ඇත්තේ, ඩොයිල්ගේ මිත්‍ර වෛද්‍යවරයකු වන ඔලිවර් වෙන්ඩල් හෝම්ස් ගේනම ඇසුරින්. ඩොයිල් ගේ ප්‍රියතම සංගීතඥ ඇල්ෆ්‍රඩ් ශර්ලොක් ගේ නම ඇසුරින් ‘‘Sherlock‘‘ යන නම ලබාගත්තා. ඔන්න ඔහොමයි ශර්ලොක් හොම්ස් නම හැදුනේ.  

උපුටා ගැනීමකි. අයිතිය මුල් කතෘ සතුය.