“අඩු මිල මෝටර් රථ”කියූ සැනින් අප සිහියට නැගෙන්නේ ප්‍රමිතියෙන්ද අඩු මෝටර් රථ යන්නයි. මෙසේ වීමට හේතුව වන්නේ සමහර ඉන්දීය, චීන හා කොරියානු අඩු මිලට මෝටර් රථ බොහෝමයක් මිළෙන් අඩු වීම සදහා ප්‍රමිතියෙන්ද ඉතා විශාල ලෙස පහල වැටි තිබීමයි. Suzuki සමාගමේ 2017 Ignis රථය මෙම අදහස ව්‍යර්ථ කිරීමේ අරමුණ ඇතිව නිපදවූ රථයක් වන අතර මෙය සාපේකෂව මිළෙන් අඩු අලංකාර හා පහසුකම් වලින් සපිරි කුඩා මෝටර් රථයකි. මීටර් 3.7 ක් දිගින් යුතු, මීටර් 1.7 ක් පළල Mini SUV වර්ගයේ රථයක් වන මෙය ඉතාමත් අලංකාර හා හුරුබුහුටි නිමාවකින් යුතු රථයකි. Suzuki සමාගමේ 1.2 liter 89bhp එන්ජිමකින් සම්පුර්ණ වන මෙම රථයෙහි Auto හෝ Manual මාදිලි මෙන්ම Mid Hybrid මාදිලියක්ද නිකුත් වන අතර Suzuki Ignis SZ3, SZ-T හා SZ5 ලෙස මාදිලි තුනකින් වෙළදපොලට නිකුත් වනු ඇත.
ප්‍රමාණයෙන් කුඩා වුවද, උපරිම ඉඩක් ලැබෙන පරිදි නිපදවා ඇති රථයේ ඇතුලත සුවපහසු හා නවීන ලෙසද නිපදවා තිබීම විශේෂත්වයකි. මිලට ගන්නා මාදිලිය අනුව power Shutters, Central, Cocking, Multifunction, Air Bags පමණක් නොව, අවශ්‍ය නම් Pioneer ස්පර්ශ සංවේදී තිරයන්ද ලබා ගැනීමට හැකිය. රථයේ පිටුපස , ආසන තුනක් ලෙස භාවිතා කළ හැකි දිගු අසුනක් වෙනුවට ආසන දෙකක් යොදා තිබීම මෙම රථයේ විශේෂත්වයකි. මෙම ආසන අවශ්‍ය නම් සම්පුර්ණයෙන්ම පහතට නවා වැඩිපුර ගබඩා ඉඩක් රථය පිටුපසට ලබාගැනීමටද හැකියාව ඇත.
රථයේ කුඩා එන්ජිම, කුඩා ප්‍රමාණය හා සුළං ප්‍රතිරෝධය අවම වන ලෙස සැකසු පිටත නිමාව නිසා මෙය ඉතාමත් ඉහල ඉන්ධන පිරිමැස්මක් ඇති රථයක් බව Suzuki සමාගම පවසා සිටියි. මෙහි සාමාන්‍ය රථය අවම වශයෙන් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 20 පමණ ඉන්ධන පිරිමැස්මක් ලබා දෙන බව සමාගම පවසා සිටින අතර ප්‍රායෝගික තත්ව යටතේ මෙය අවම වශයෙන් කිලෝමීටර් 15කට වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා දෙනු අතර, මෙහි Hybrid මාදිලියේ ඉන්ධන පිරිවැස්ම පිළිබද තවමත් තොරතුරු හෙළි කර නොමැත. ඇ.ඩො. 12,000 ක පමණ මිලකට වෙළදපොලට පැමිණීමට තිබෙන නව 2017 Suzuki Ignis රථය යුරෝපිය හා ආසියානු වෙළදපලට මෙම වසර මැද භාගය වන විට පිවිසීමට නියමිතය.
Subscribe to:
Post Comments (Atom)
-
ශාක සාරයන්ගෙන් හදපු ඖෂධ දේශිය වෙදකම ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඒ වගේ එක ඖෂධීය ශාකයක් විදිහට වැල්කහඹිලියා ශාකය හඳුන්වන්න පුලුවන්. මේ ශාකය වල...
-
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමියක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙවලපොල ආනන්ද මහා විද්‍යාල භූමියෙන් හම...
-
Suzuki සමාගම විසින් 2014 වසරේ හදුනවා දෙනු ලැබූ Wagon R hybrid මෝටර් රථ දැන් ලංකාවේ සීග්‍ර අලෙවියක් පවතින මොටර් රථයක්. Wagon R FZ මෝට...
37 m දිග?
ReplyDelete