ඉතින් මේ ගැන කතා කරද්දි හැමෝම දන්න දෙයක් තමයි මේ adds click කරන එක. මේකෙනුත් යම්කිසි මුදලක් හොයන්න පුලුවන්. නමුත් මේක එච්චර සාර්ථක ක්‍රමයක්නම් නෙමෙයි. ඉතාමත්ම සුලු ගානක් තමයි මේකෙන් හම්බ වෙන්නෙ.ඒ විතරක් නෙමෙයි මේ ක්‍රමය එච්චර ආරක්ෂාකාරීත් නෑ. මම දැක්ක තවත් බ්ලොග් ලියන සහෝදරයෙක් දාල තිබුන ක්‍රමයක් මේ ඇඩ් ක්ලික් කරල සල්ලි හොයන හැටි. එක ක්ලික් එකකට US$2 ක් ගෙවනවලු. දවසකට අපිට ඇඩ් 8ක් දෙනවලු ක්ලික් කරන්න. මුලු මුදල ඩොලර් 1000 ක් උනාම අපිට සල්ලි ගන්න පුලුවන් කියල ඒ සහෝදරයම කියල තිබුන. පොඩ්ඩක් හිතල බලන්න දවසකට ඩොලර් දෙක ගානෙ ඇඩ් අටකට ඩොලර්16 යි. දිනපතා කලොත් මාසෙට ඩොලර් 480 යි. මාස තුනෙන් ඩොලර් දාහ පනිනව. මේ දවස්වල exchange rate එක අනුව ඩොලර් දාහක් කියන්නෙ රුපියල් එක්ලක්ෂ පනස්දාහක් විතර. ඉතින් එහෙනම් අපිමොකටද අප්ප මේ කට්ට කාගෙන ඉස්කෝලෙ ගිහින් පාඩං කොරල විභාග පාස් වෙන්නෙ. ගෙදරට වෙලා ඇඩ් ක්ලික් කර කර ඉන්නවනෙ😂😂😂😂😂 වෙන රස්සා ඕනෙ නෑනෙ. ඉතින් මේ ඇඩ් ක්ලික් කරන එකනම් සාර්ථක ක්රමයන් නෙවෙයි.
තව ක්‍රමයක් තමයි links shrink කරන ක්‍රමය. මේකත් ඉතින් ගොඩක් සාර්ථක ක්‍රමයක් නම් නෙමෙයි. හැබැයි ඇඩ්ස් ක්ලික් කරනවට වඩානම් හොඳයි. මේකෙදි වෙන්නෙ අපි ලඟ තියන මොකක්හරි ලින්ක් එකක් ශෝට් කරන එක. ඔය shrink කරපු ලින්ක්ස් වලින් යද්දි අපිට තත්පර පහක ඇඩ් එකක් පේනව. එතකොට ඒ ඇඩ් එක බලන පිරිස ඒ කිව්වෙ අර ශෝට් කරපු ලින්ක් එක පාවිච්චි කරන කොට ඒ ලින්ක් එක දාපු අයට පොඩි මුදලක් හම්බෙනව. ගොඩාක් දෙනෙක් ඔය ලින්ක් එකෙන් ගියාම එතකොට ඉතින් ඔය පොඩි ගාන නිකම්ම ලොකු වෙනව. එත් ඉතින් ගොඩාක් ලොකු ගනන් හොයන්න බෑ. එක්කෙනෙක් ගියාම ඔයාලට රුපියල් එකත් දහයත් අතර ගානක් හම්බෙන්නෙ. මේ ලින්ක්ස් ශ්රින්ක් කරල කීයක් හරි හොයාගන්න ඕනෙ නම් මම නිර්දේශ කරන්නෙ adf.ly කියන සයිට් එක. ඕනෙනම් ට්‍රයි එකක් දාල බලන්න පුලුවන්. ඒත් ඉතින් ඔයාට ලැබෙන මුදල තීරණය කරන්නෙ ඒ ලින්ක් එක භාවිතා කරන පිරිස අනුව තමයි. ඉතින් ඔයා ඔය ලින්ක් එක සාමාජිකයො ගොඩාක් ඉන්න group එකකට share කලොත් ඉතින් සැලකිය යුතු ගානක් හොයාගන්න පුලුවන්.
තව ක්‍රමයක් තමයි ඉතින් Google ad-sens. මේකනම් ඉතින් සුපිරිම ක්‍රමයක් තමයි කරන්න පුලුවන්නම්. මේක කරන්න නම් ඔයාට බ්ලොග් එකක් හරි YouTube channel එකක් හරි තියෙන්න ඕන. අපි දැන් බ්ලොග් එකකට ඇඩ් සෙන්ස් දාන හැටි බලමු. කියන්න කනගාටුයි ගූගල් ඇඩ්සෙන්ස් සිංහල බ්ලොග් වලට දාන්න බෑ දැනට. සමහර විට ඉදිරියේදි සිංහල භාෂාවත් පුලුවන් පුලුවන් වෙයි. ඉතින් ඔයාට ඉංග්‍රීසියෙන් බ්ලොග් එකක් කරන්න පුලුවන්නම් ගූගල් ඇඩ්සෙන්ස් පාවිච්චි කරන්න පුලුවන්. එහෙම කියල ඉතින් හිතන්න එපා අද බ්ලොග් එකක් හදල හෙට ගූගල් ඇඩ් සෙන්ස් දාන්න. ගූගල් ඇඩ්සෙන්ස් එහෙම ආවට ගියාට දෙන්නෙ නෑ. ඉතින් තමන්ගෙ බ්ලොග් එක ගූගල් එක විසින් ඇඩ් සෙන්ස් වලට තෝරගත්තොත් ඒක ලොකූ ජයග්රහනයක් හොඳේ. මේකට ඉතින් ඔයාගෙ බ්ලොග් එකේ හොඳ ට්‍රැෆික් එකක් තියෙන්න ඕන. ඉතින් සරලව කිව්වොත් කට්ටිය ඔයාගෙ බ්ලොග් එක පොරකකා බලන්න ඕන. යූටියුබ් එක ගත්තහම වෙන විදිහක්. එකෙ ඔයාගෙ චැනල් එක ඇඩ්සෙන්ස් වලට තෝරගන්නවනම් භාෂාව සලකා බලන්නෙ නෑ. ඒකට ඕන වෙන්නෙ subscribers and views තමයි. ඒකෙත් ඉතින් ලේසියෙන් ඇඩ්සෙන්ස් දාන්න බෑ. ඔයාගෙ චැනල් එක ගූගල් එකෙන් තෝරගන්න ඕනෙ. මේකනම් ඉතින් හරිගියොත් ගොඩම තමයි. දැන් ඔයාල හැමෝටම එන ප්‍රශ්නයක් තමෛ ඉතින් අපි කොහොමද එහෙම සල්ලි ගත්තොත් අපි ඒ සල්ලි ගන්නෙ කියල. ඇඩ්සෙන්ස් වලින් ඒ මුදල ගොඩක් වෙලාවට චෙක් එකක් විදිහට ගෙදරටම එනව.
ඔයාලගෙ බ්ලොග් එක සිංහලනම් ඒකට ඇඩ් දාන්නත් ක්‍රම තියනව. ඒකට බොහෝ දුරට විශ්වාසී සයිට් එකක් තමයි Yillix කියන්නෙ. මේකෙන් පුලුවන් ඕනම සිංහල බ්ලොග් එකකට ඇඩ් දාන්න පුලුවන්. ඉතින් ඔයාලට මේකෙන් සල්ලි ලැබෙන්නෙ ඔයාගෙ බ්ලොග් එකේ ට්‍රැෆික් එක අනුව තමයි. ඔයාල බ්ලොග් එකක් කරනවනම් කවදාවත් සල්ලි හොයන්න බලාගෙන ඒක කරන්න එපා. ටික දවසකින්ම ඔයාට ඒක එපා වෙනව. ඉතින් ඔයාලට කැමැත්තක් තියනවනම් මේ යිලික්ස් පාවිච්චි කරන්න ඔයාලට මෙතනින් රෙජිස්ටර් වෙන්න පුලුවන්. මං එහෙම ඇඩ් දාන විදිහ කියල දීපු පෝස්ට් එක කියෙව්වෙ නැත්නම් මෙතනින් ඒක කියවල දැනගන්න.
මේ වගේ තවත් බොහෝ ක්‍රම තියනව අන්තර්ජාලයෙන් මුදල් උපයන්න. මම ඉදිරියේදි ඒ වගේ තවත් ක්‍රම කිහිපයක් මේ බ්ලොග් එකේ පල කරන්න බලාපොරොත්තු වෙනව. ඉතින් අපි දැන් කතා කරපු දේවල් ගැන මොනොවහරි ප්‍රශ්නයක් තියනවනම් පහළ තියන comment section එකේ දාන්න. ඒ වගේම ඔයාලගෙ අදහසුත් පහලින් අපි කතාකරමු. ඉතින් අපි අයෙත් මේ වගේ පෝස්ට් එකකින් හමුවෙමු.
No comments:
Post a Comment