Pages

Wednesday, August 16, 2017

සිංහලෙන් කතා කරන ගමන් ටයිප් කරමු..


ඔන්න අද අපි කතා කරන්න යන්නේ සිංහල කතා කරන ගමන් type කරන්නේ කොහොමද කියන එක ගැන. මේක ඕගොල්ලන්ට හිතෙනවට වඩා වැඩක් බොහෝම වටිනා දෙයක්. මේකත් ගූගල් සමාගම අපිට දෙන අපූරු දෙයක් තමයි. මේකෙදි අපි කියන දේ 95% කට වඩා නිවැරදිව ටයිප් කරන කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? මේකෙදි අපිට කරන්න තියෙන බොහොම පහසු දෙයක් හැබැයි එකක් කියන්න ඕන මේක ගොඩාක් සාර්ථකව වැඩ කරන්නේ android marshmellows තියෙන phones වලට විතරයි ගොඩක් වෙලාවට android lollipop 5.01 phone වලටත් මේක වැඩ කරනවා. android kit kat kat එනම් දැනට මම දන්න හැටියට voice typing පහසුකම දීල නෑ.

යාලට මේකෙදි කරන්න තියෙන්නෙ google play store එකට ගිහිල්ලා Gboard කියලා ටයිප් කරලා google සමාගමෙන් Gboard කියන application ඔයාලගේ phone එකට ස්ථාපනය කරගන්න.

 
 රි ඊළඟට වර්ග phone එකේ settings වල ඇති language & input method කියලා එකක් අන්න ඒකට යන්න.


ට පස්සේ ඒකෙන් Gboard කියන එක active කරගන්න. ,ඊට පස්සෙ Gboard කියන එක touch කරන්න.

ට පස්සෙ මේවගේ එකක් එයි. අන්න ඒකෙ voice typing කියන එක touch කරන්න.

ට පස්සෙ ඔයාලට මේවගේ එකක් එයි.


කෙ languages කියන එකට යන්න. එතකොට ඔයාලට මේ වගේ popup screen එකක් එයි.


කෙන් සිංහල කියන එක touch කරල save කරන්න. දැන් ඔයාල ඔයාලගෙ ෆෝන් එකේ default keyboard එක විදිහට Gboard එක දාන්න ඕනෙ. ඒකට ආපහු language & input කියන එකට යන්න.ගිහිල්ල ඒකෙ default keyboard කියන එකට යන්න.


ට පස්සෙ එන popup window එකේ Gboard කියන එක තෝරන්න.


Sinhala English කියන දෙකෙන් ඕනම එකක් තේරුවට කමක් නෑ. මොකද අපිට keyboard interface එකෙන් language එක මාරු කරන්න පුලුවන්. ඔන්න දැන් වැඩේ හරි. දැන් අපි බලමු කොහොමද type කරන්නෙ කියල. දැන් keyboard එක open උනාම මේ වගේ වෙයි.


දැන් ඔය රතු පාටින් රවුම් කරල  තියන එකෙන් තමයි language එක මාරු කරන්නෙ. ඔයාල ඒ විදිහට සිංහල තෝරගෙන අර උඩ නිල් පාටින් රවුම් කරල තියන මයික් එක වගේ සලකුණ touch කරන්න. එතකොට initializing කියල වැට්ල speak now කියල වැටෙයි. අන්න එතකොට ඔයාලට පෙනෙයි ඔයාල කතාකරන දේ හරියටම සිංහලෙන් type වෙන හැටි. ඉතින් මං මගේ keyboard එකේ photo එකක් දාල තියනව වගේ ඔයාලටත් Gboard එකේ themes වලට ගිහිල්ල දාගන්න පුලුවන්.
     
ඔන්න දැන් අපේ වැඩේ හරි. ඉතින් ඔයාලගෙ අදහසුත් පහල comment section එකේ දාන්න පුලුවන්. ඉතින් ඒ වගේම ඔයාලට මොනොවහරි ගැටලුවක් ආවොත් ඒකත් පහල තියන comment section එකේ දාන්න පුලුවන්.
ආයෙත් අපි මේ වගේ අලුත් දෙයකින් හමුවෙමු....

Saturday, July 8, 2017

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න උනන්දු අයට උපදෙස් ටිකක්

මේ කාලෙ ගොඩක් අය උනන්දු වෙන දෙයක් තමයි මේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්නෙ කොහොමද කියන එක. මම අද ඔයාලට ඒ ගැන පොඩි උපදෙස් ටිකක් දෙන්න තමයි හදන්නෙ. ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද? ඇත්තම කිව්වොත් පුලුවන්.

තින් මේ ගැන කතා කරද්දි හැමෝම දන්න දෙයක් තමයි මේ adds click කරන එක. මේකෙනුත් යම්කිසි මුදලක් හොයන්න පුලුවන්. නමුත් මේක එච්චර සාර්ථක ක්‍රමයක්නම් නෙමෙයි. ඉතාමත්ම සුලු ගානක් තමයි මේකෙන් හම්බ වෙන්නෙ.ඒ විතරක් නෙමෙයි මේ ක්‍රමය එච්චර ආරක්ෂාකාරීත් නෑ. මම දැක්ක තවත් බ්ලොග් ලියන සහෝදරයෙක් දාල තිබුන ක්‍රමයක් මේ ඇඩ් ක්ලික් කරල සල්ලි හොයන හැටි. එක ක්ලික් එකකට US$2 ක් ගෙවනවලු. දවසකට අපිට ඇඩ් 8ක් දෙනවලු ක්ලික් කරන්න. මුලු මුදල ඩොලර් 1000 ක් උනාම අපිට සල්ලි ගන්න පුලුවන් කියල ඒ සහෝදරයම කියල තිබුන. පොඩ්ඩක් හිතල බලන්න දවසකට ඩොලර් දෙක ගානෙ ඇඩ් අටකට ඩොලර්16 යි. දිනපතා කලොත් මාසෙට ඩොලර් 480 යි. මාස තුනෙන් ඩොලර් දාහ පනිනව. මේ දවස්වල exchange rate එක අනුව ඩොලර් දාහක් කියන්නෙ රුපියල් එක්ලක්ෂ පනස්දාහක් විතර. ඉතින් එහෙනම් අපිමොකටද අප්ප මේ කට්ට කාගෙන ඉස්කෝලෙ ගිහින් පාඩං කොරල විභාග පාස් වෙන්නෙ. ගෙදරට වෙලා ඇඩ් ක්ලික් කර කර ඉන්නවනෙ😂😂😂😂😂  වෙන රස්සා ඕනෙ නෑනෙ. ඉතින් මේ ඇඩ් ක්ලික් කරන එකනම් සාර්ථක ක්‍රමයන් නෙවෙයි.

ව ක්‍රමයක් තමයි  links shrink කරන ක්‍රමය. මේකත් ඉතින් ගොඩක් සාර්ථක ක්‍රමයක් නම් නෙමෙයි. හැබැයි ඇඩ්ස් ක්ලික් කරනවට වඩානම් හොඳයි. මේකෙදි වෙන්නෙ අපි ලඟ තියන මොකක්හරි ලින්ක් එකක් ශෝට් කරන එක. ඔය shrink කරපු ලින්ක්ස් වලින් යද්දි අපිට තත්පර පහක ඇඩ් එකක් පේනව. එතකොට ඒ ඇඩ් එක බලන පිරිස ඒ කිව්වෙ අර ශෝට් කරපු ලින්ක් එක පාවිච්චි කරන කොට ඒ ලින්ක් එක දාපු අයට පොඩි මුදලක් හම්බෙනව. ගොඩාක් දෙනෙක් ඔය ලින්ක් එකෙන් ගියාම එතකොට ඉතින් ඔය පොඩි ගාන නිකම්ම ලොකු වෙනව. එත් ඉතින් ගොඩාක් ලොකු ගනන් හොයන්න බෑ. එක්කෙනෙක් ගියාම ඔයාලට රුපියල් එකත් දහයත් අතර ගානක් හම්බෙන්නෙ. මේ ලින්ක්ස් ශ්‍රින්ක් කරල කීයක් හරි හොයාගන්න ඕනෙ නම් මම නිර්දේශ කරන්නෙ adf.ly කියන සයිට් එක. ඕනෙනම් ට්‍රයි එකක් දාල බලන්න පුලුවන්. ඒත් ඉතින් ඔයාට ලැබෙන මුදල තීරණය කරන්නෙ ඒ ලින්ක් එක භාවිතා කරන පිරිස අනුව තමයි. ඉතින් ඔයා ඔය ලින්ක් එක සාමාජිකයො ගොඩාක් ඉන්න group එකකට share කලොත් ඉතින් සැලකිය යුතු ගානක් හොයාගන්න පුලුවන්.

ව ක්‍රමයක් තමයි ඉතින් Google ad-sens. මේකනම් ඉතින් සුපිරිම ක්‍රමයක් තමයි කරන්න පුලුවන්නම්. මේක කරන්න නම් ඔයාට බ්ලොග් එකක් හරි YouTube channel එකක් හරි තියෙන්න ඕන. අපි දැන් බ්ලොග් එකකට ඇඩ් සෙන්ස් දාන හැටි බලමු. කියන්න කනගාටුයි ගූගල් ඇඩ්සෙන්ස් සිංහල බ්ලොග් වලට දාන්න බෑ දැනට. සමහර විට ඉදිරියේදි සිංහල භාෂාවත් පුලුවන් පුලුවන් වෙයි. ඉතින් ඔයාට ඉංග්‍රීසියෙන් බ්ලොග් එකක් කරන්න පුලුවන්නම් ගූගල් ඇඩ්සෙන්ස් පාවිච්චි කරන්න පුලුවන්. එහෙම කියල ඉතින් හිතන්න එපා අද බ්ලොග් එකක් හදල හෙට ගූගල් ඇඩ් සෙන්ස් දාන්න. ගූගල් ඇඩ්සෙන්ස් එහෙම ආවට ගියාට දෙන්නෙ නෑ. ඉතින් තමන්ගෙ බ්ලොග් එක ගූගල් එක විසින් ඇඩ් සෙන්ස් වලට තෝරගත්තොත් ඒක ලොකූ ජයග්‍රහනයක් හොඳේ. මේකට ඉතින් ඔයාගෙ බ්ලොග් එකේ හොඳ ට්‍රැෆික් එකක් තියෙන්න ඕන. ඉතින් සරලව කිව්වොත් කට්ටිය ඔයාගෙ බ්ලොග් එක පොරකකා බලන්න ඕන. යූටියුබ් එක ගත්තහම වෙන විදිහක්. එකෙ ඔයාගෙ චැනල් එක ඇඩ්සෙන්ස් වලට තෝරගන්නවනම් භාෂාව සලකා බලන්නෙ නෑ. ඒකට ඕන වෙන්නෙ subscribers and views තමයි. ඒකෙත් ඉතින් ලේසියෙන් ඇඩ්සෙන්ස් දාන්න බෑ. ඔයාගෙ චැනල් එක ගූගල් එකෙන් තෝරගන්න ඕනෙ. මේකනම් ඉතින් හරිගියොත් ගොඩම තමයි. දැන් ඔයාල හැමෝටම එන ප්‍රශ්නයක් තමෛ ඉතින් අපි කොහොමද එහෙම සල්ලි ගත්තොත් අපි ඒ සල්ලි ගන්නෙ කියල. ඇඩ්සෙන්ස් වලින් ඒ මුදල ගොඩක් වෙලාවට චෙක් එකක් විදිහට ගෙදරටම එනව.



ඔයාලගෙ බ්ලොග් එක සිංහලනම් ඒකට ඇඩ් දාන්නත් ක්‍රම තියනව. ඒකට බොහෝ දුරට විශ්වාසී සයිට් එකක් තමයි Yillix කියන්නෙ. මේකෙන් පුලුවන් ඕනම සිංහල බ්ලොග් එකකට ඇඩ් දාන්න පුලුවන්. ඉතින් ඔයාලට මේකෙන් සල්ලි ලැබෙන්නෙ ඔයාගෙ බ්ලොග් එකේ ට්‍රැෆික් එක අනුව තමයි. ඔයාල බ්ලොග් එකක් කරනවනම් කවදාවත් සල්ලි හොයන්න බලාගෙන ඒක කරන්න එපා. ටික දවසකින්ම ඔයාට ඒක එපා වෙනව. ඉතින් ඔයාලට කැමැත්තක් තියනවනම් මේ යිලික්ස් පාවිච්චි කරන්න ඔයාලට මෙතනින් රෙජිස්ටර් වෙන්න පුලුවන්. මං එහෙම ඇඩ් දාන විදිහ කියල දීපු පෝස්ට් එක කියෙව්වෙ නැත්නම් මෙතනින් ඒක කියවල දැනගන්න.

මේ වගේ තවත් බොහෝ ක්‍රම තියනව අන්තර්ජාලයෙන් මුදල් උපයන්න. මම ඉදිරියේදි ඒ වගේ තවත් ක්‍රම කිහිපයක් මේ බ්ලොග් එකේ පල කරන්න බලාපොරොත්තු වෙනව. ඉතින් අපි දැන් කතා කරපු දේවල් ගැන මොනොවහරි ප්‍රශ්නයක් තියනවනම් පහළ තියන comment section එකේ දාන්න. ඒ වගේම ඔයාලගෙ අදහසුත් පහලින් අපි කතාකරමු. ඉතින් අපි අයෙත් මේ වගේ පෝස්ට් එකකින් හමුවෙමු.

සිංහල බ්ලොග් එකකට ඇඩ්ස් දාල සල්ලි හොයමු



ඔන්න අද අපි කතාකරන්න යන්නෙ කොහොමද අපි සිංහලෙන් කරන බ්ලොග් එකකට ඇඩ් දාල සල්ලි හොයන්නෙ කොහොමද කියල. මේකට සිංහලම වෙන්න ඕනෙ නෑ. ඕනම භාෂාවකින් කරන බ්ලොග් එකකට දාන්න පුලුවන්. ලංකාවෙ ගොඩක් දෙනෙක් සිංහලෙන් බ්ලොග් කරන නිසා තමයි මං ඓහල කියල කිව්වෙ. වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නෙ කියල.

මේකට අපි පාවිච්චි කරන Web එක තමයි Yillix කියන්නෙ. දැන් අපි බලමු කොහොමද මේක කරන්නෙ කියන්නෙ. මෙතනින් ඔයාලට ඒ වෙබ්සයිට් එකට යන්න පුලුවන්. ගිහින් ඔයාලගෙ බ්ලොග් එක හදපු මේල් එකම දාල රෙජිස්ටර් වෙන්න. මං ඒකම දාන්න කිව්වෙ පස්සෙ errors එහෙම එයි කියල. තව දෙයක් කියන්න ඕනෙ. මං මේ කියලදෙන්නෙ blogger domain එකෙන් හදපු බ්ලොග් වලට විතරයි. හැබැයි wordpress එකේ බ්ලොග් වලටත් ඇඩ් දාන ක්‍රමයත් මීට සමානයි.
දැන් ඔයාල රෙජිස්ටර් උනානම් sign in වෙන්න ඊට පස්සෙ පහල තියන විදිහට පේජ් එකක් එයි.

ඔය පිංතූරෙ කොල පාට බාර් එකේ ad tag කියන tab එක select කරන්න. ඊට පස්සෙ පහල තියන විදිහේ පේජ් එකෙක් එයි.

 ඒකෙ ඔයාල කැමති ඇඩ් සයිස් එකක් තෝරල get ad tag කියන ටැබ් එක සිලෙක්ට් කරන්න. එතකොට පහල තියන විදිහට පේජ් එකක් එයි.
Get ad tag කියන ටැබ් එකට පහලින් තියන code එක copy කරගන්න. ඊට පස්සෙ ඔයාලගෙ ඔයාල blogger එකට සයින් වෙලා ඒකෙ layout එකේ gadget එකක් add කරන්න. මේක html java script එකක් විදිහට ඇඩ් කරන්න. ඊට පස්සෙ save කරන්න. දැන් ඔයාල ඔයාලගෙ බ්ලොග් එකේ ඇඩ් දාල ඉවරයි. ඒ උනත් මේකෙන් සල්ලි හම්බෙන්නනම් ඔයාලගෙ බ්ලොග් එකේ traffic වැඩිවෙන්න ඕනෙ. ඔයාලට මේකෙන් සල්ලි ගන්න skiril account එකක් ඕනෙ. මොකද සල්ලි ගන්න නම් paypal ලංකාවට support කරන්නෙ නැති නිසා. Skiril account එකක් හදන්න ලේසියි. Gmail account  එකක් හදනව වගේ. එහෙම හදල ඔයාගෙ online payment තියන credit card එකක් ඕනෙ. මමනම් ඒකට නිර්දේශ කරන්නෙ nations trust bank එක. නැත්නම් ගොඩක් බැංකු වලින් ඒ පහසුකම ගන්න පුලුවන්. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. දැන් ඔයාල ඔයාගෙ බ්ලොග් එකේ සාර්ථකව ඇඩ්දාල ඉවරයි. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් පහල තියන comment section එකේ දාන්න.

Saturday, June 17, 2017

මිලෙන් අඩු සුපිරි මෝටර් රථයක් : Suzuki Ignis

“අඩු මිල මෝටර් රථ”කියූ සැනින් අප සිහියට නැගෙන්නේ ප්‍රමිතියෙන්ද අඩු මෝටර් රථ යන්නයි. මෙසේ වීමට හේතුව වන්නේ සමහර ඉන්දීය, චීන හා කොරියානු අඩු මිලට මෝටර් රථ බොහෝමයක් මිළෙන් අඩු වීම සදහා ප්‍රමිතියෙන්ද ඉතා විශාල ලෙස පහල වැටි තිබීමයි. Suzuki සමාගමේ 2017 Ignis රථය මෙම අදහස ව්‍යර්ථ කිරීමේ අරමුණ ඇතිව නිපදවූ රථයක් වන අතර මෙය සාපේකෂව මිළෙන් අඩු අලංකාර හා පහසුකම් වලින් සපිරි කුඩා මෝටර් රථයකි. මීටර් 3.7 ක් දිගින් යුතු, මීටර් 1.7 ක් පළල Mini SUV වර්ගයේ රථයක් වන මෙය ඉතාමත් අලංකාර හා හුරුබුහුටි නිමාවකින් යුතු රථයකි. Suzuki සමාගමේ 1.2 liter 89bhp එන්ජිමකින් සම්පුර්ණ වන මෙම රථයෙහි Auto හෝ Manual මාදිලි මෙන්ම Mid Hybrid මාදිලියක්ද නිකුත් වන අතර Suzuki Ignis SZ3, SZ-T හා SZ5 ලෙස මාදිලි තුනකින් වෙළදපොලට නිකුත් වනු ඇත.

ප්‍රමාණයෙන් කුඩා වුවද, උපරිම ඉඩක් ලැබෙන පරිදි නිපදවා ඇති රථයේ ඇතුලත සුවපහසු හා නවීන ලෙසද නිපදවා තිබීම විශේෂත්වයකි. මිලට ගන්නා මාදිලිය අනුව power Shutters, Central, Cocking, Multifunction, Air Bags පමණක් නොව, අවශ්‍ය නම් Pioneer ස්පර්ශ සංවේදී තිරයන්ද ලබා ගැනීමට හැකිය. රථයේ පිටුපස , ආසන තුනක් ලෙස භාවිතා කළ හැකි දිගු අසුනක් වෙනුවට ආසන දෙකක් යොදා තිබීම මෙම රථයේ විශේෂත්වයකි. මෙම ආසන අවශ්‍ය නම් සම්පුර්ණයෙන්ම පහතට නවා වැඩිපුර ගබඩා ඉඩක් රථය පිටුපසට ලබාගැනීමටද හැකියාව ඇත.

රථයේ කුඩා එන්ජිම, කුඩා ප්‍රමාණය හා සුළං ප්‍රතිරෝධය අවම වන ලෙස සැකසු පිටත නිමාව නිසා මෙය ඉතාමත් ඉහල ඉන්ධන පිරිමැස්මක් ඇති රථයක් බව Suzuki සමාගම පවසා සිටියි. මෙහි සාමාන්‍ය රථය අවම වශයෙන් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 20 පමණ ඉන්ධන පිරිමැස්මක් ලබා දෙන බව සමාගම පවසා සිටින අතර ප්‍රායෝගික තත්ව යටතේ මෙය අවම වශයෙන් කිලෝමීටර් 15කට වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා දෙනු අතර, මෙහි Hybrid මාදිලියේ ඉන්ධන පිරිවැස්ම පිළිබද තවමත් තොරතුරු හෙළි කර නොමැත. ඇ.ඩො. 12,000 ක පමණ මිලකට වෙළදපොලට පැමිණීමට තිබෙන නව 2017 Suzuki Ignis රථය යුරෝපිය හා ආසියානු වෙළදපලට මෙම වසර මැද භාගය වන විට පිවිසීමට නියමිතය.

ෂර්ලොක් හෝම්ස්ගේ බිහිවීම


සර් ආතර් කොනන් ඩොයිල් විසින් බිහිකල ෂර්ලොක් හෝම්ස් චරිතය ගැන නොදන්න කෙනෙක් නැනේ. ඔයාලා දන්නවාද, කොනන් ඩොයිල් ෂර්ලොක්ව බිහිකලේ ඇත්තම මිනිස් චරිත බලාගෙන කියලා.

ක්‍රි.ව 1887 දී ආතර් කොනන් ඩොයිල් විසින් A Study in Scarlet කෘතිය හරහා ෂර්ලොක් හෝම්ස් හා ජෝන් වොට්සන් හට උපත ලබාදුනි. A Study in Scarlet කෘතිය සිංහලට පරිවර්තනය වන්නේ ලෝහිත පරික්ෂණය ලෙසයි. අද වන විට ජනප්‍රිය කෘතියක් වුවද, A Study in Scarlet එවකට පුලුල් පාඨක අවධානය දිනාගැනිමට සමත්වූය් නැ. A Study in Scarlet කෘතියට පසුව එලිදුටු, The Sign of Four (සිවු රහස් සලකුණ) කෘතියද එතරම් පාඨක අවධානයක් දිනාගත්තේ නැ.

කොනන් ඩොයිල්


ශර්ලොක් පුළුල් පාඨක අවධානයකට නතු වන්නේ, 1891 වසරේදි The Strand Magazine සගරාවට කොනන් ඩොයිල් විසින් ලියු ෂර්ලොක් හෝම්ස් පරික්ෂණයක් රැගත් කෙටි කතා මාලාව මගිනි. ශර්ලොක් ගේ පරික්ෂණ තතු කියවන ඕනැම පාඨකයකුට නැගෙන කුකුසක් ඇත. ශර්ලොක් ඇත්ත පුද්ගලයෙකුද? කොනන් ඩොයිල් ශර්ලොක් හෝම්ස් ලිව්වේ ඇත්තටම හිටපු පුද්ගලයකු ඇසුරින්ද? ශර්ලොක් හෝම්ස් නමින් ඇත්තටම පුද්ගලයකු ඉදලා නැතත්, හෝම්ස්ව නිර්මාණය කරද්දි කොනන් ඩොයිල් විසින් පුද්ගලයින් දෙදෙනකුවම ඇසුරු කරගෙන තියනවා. කොනන් ඩොයිල්, එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ ශිල්ප හදාරණ සමයේදි. විශ්වවිද්‍යාලයේ කා අතරත් ජනප්‍රිය ආචාර්යවරයකු සිට තිබෙනවා. ඔහු නමින්, ජෝසප් බෙල්

ජෝසප් බෙල්, අහංකාර නමුත් ආකර්ෂණිය චරිතයක්. සත්‍ය වශයෙන්ම දක්ෂයෙක්. ජෝසප් හමුවිමට පැමිණෙන රෝගින්ගෙන් තොරතුරු විමසිමකින් තොරව, බාහිර ලක්ෂණ නිරික්ෂනයෙන් විවිධ පුරෝකතන සිදුකර තිබෙනවා. මෙය නිරන්තරයෙන්ම ශර්ලොක් හෝම්ස් කතා කියවන ඔබට හමුවි ඇති. ශර්ලොක් පවා ඔහු හමුවට පැමිණෙන පුද්ගලයින් නිරික්ෂණය කර ඔවුන් පිලිබද විවිධ නිගමන වලට එලැබෙනවානේ. මේ ලක්ෂණ කොනන්ඩොයිල් අරන් තියෙන්නේ ජෝසප් බෙල් ගේ චරිතය ඇසුරින්. ඔබ දන්නවාද, ජෝසප් ගේ ‘‘වොට්සන්‘‘ වෙලා තියෙන්නෙත් කොනන් ඩොයිල් තමයි. ජෝසප් ගේ සහයකයා ඩොයිල් කටයුතු කරලා තියෙනවා. ජෝසප් හා ඩොයිල් සුසංයෝගයෙන් ඩොයිල් ලබපු ඇත්දැකිම්, ජෝන් වොට්සන් චරිතය බිහිවෙන්නත් හේතු වෙලා තියෙනවා. ශර්ලොක් චරිතයට පාදක වෙච්ච ප්‍රධානතම චරිතය, වෛද්‍ය ජෝසප් බෙල් වුනාට, තවත් වැදගත් චරිතයක් සිහිපත් කලයුතුමයි. ඔහු නමින්, හෙන්රි ලිට්ල්ජෝන්

ලිට්ල්ජෝන් යනු, එඩින්බරෝ හී සිටි දක්ෂ වෝහාරික වෛද්‍යවරයෙක්, කාය විඡ්ඡේදකයෙක් මෙන්ම සෞඛ්‍ය පරික්ෂකවරයෙක්. ශර්ලොක් හෝම්ස් ගේ අධිකරණ වෛද්‍ය හැකියාවන් ට පාදක වි ඇත්තේ ලිට්ල්ජෝන් ගේ හැකියාවන්ය. එඩින්බරෝ හී සිදුවන හදිසි මරණ,ඝාතන අවස්ථා වලදි ලිට්ල්ජෝන්ගේ හැකියාවන් කැපි පෙනුනා. ඔහු ඇගිලි සලකුණු අපරාධකරුවන් සෙවිමට යොදාගත් පරපුරේ පුරෝගාමියෙක්. කොනන් ඩොයිල් The Final Problem(අවසන් ගැටලුව) ලියනසමයේදි ලිට්ල්ජෝන්, රටම කැලබූ ආඩ්ලමන්ට් නඩුවට සම්බන්දව සිටියා. යම් පුද්ගලයකු විසින් දඩයම් සවාරියක් අතරතුර තරුණයකුට වෙඩිතබා තිබෙනවා. විත්තිකරු නඩුවේදි කියාසිටියේ තමා අතින් අත්වැරදිමකින් තරුණයාට වෙඩි වැදුනු බවයි. නමුත් ලිට්ල්ජෝන් විසින් අපරාධ ස්ථානය ගොස් උණ්ඩය වැදුනු දිශාව, වෙඩි වැදුනු දුර, තුවාලයේ ගැබුර හා ස්වභාවය නිරික්ෂණය කර මෙය අත්වැරදිමකින් වූ වෙඩි තැබිමක් නොව ඝාතනයක් ලෙස ඔප්පු කලා. මෙයට සමාන අපරාධ පරික්ෂණ බොහොමයක් ඔබට ශර්ලොක් කතා මලාවෙන් සොයාගත හැකියිනේ. ශර්ලොක් චරිතය නිර්මාණට දායක වූ පුද්ගලයින් ගැන දැන් දන්නවානේ. ඔයාලා දන්නවාද ශර්ලොක් හොම්ස් නම හැදුන හැටි? Sherlock Holmes නාමයේ ‘‘Holmes‘‘ යන කොටස ලබාගෙන ඇත්තේ, ඩොයිල්ගේ මිත්‍ර වෛද්‍යවරයකු වන ඔලිවර් වෙන්ඩල් හෝම්ස් ගේනම ඇසුරින්. ඩොයිල් ගේ ප්‍රියතම සංගීතඥ ඇල්ෆ්‍රඩ් ශර්ලොක් ගේ නම ඇසුරින් ‘‘Sherlock‘‘ යන නම ලබාගත්තා. ඔන්න ඔහොමයි ශර්ලොක් හොම්ස් නම හැදුනේ.  

උපුටා ගැනීමකි. අයිතිය මුල් කතෘ සතුය.