Pages

Thursday, August 1, 2019

Particle accelarator

particle accelerator is a machine that uses electromagnetic fields to propel chargedparticles to very high speeds and energies, and to contain them in well-defined beams.[1]
Large accelerators are used for basic research in particle physics. The most powerful accelerator currently is the Large Hadron Collider (LHC) near Geneva, Switzerland, built by the European collaboration CERN. It is a collider accelerator, which can accelerate two beams of protons to an energy of 6.5 TeV and cause them to collide head-on, creating center-of-mass energies of 13 TeV. Other powerful accelerators are KEKB at KEK in Japan, RHIC at Brookhaven National Laboratory, and the Tevatron at Fermilab, Batavia, Illinois. Accelerators are also used as synchrotron light sources for the study of condensed matter physics. Smaller particle accelerators are used in a wide variety of applications, including particle therapy for oncological purposes, radioisotope production for medical diagnostics, ion implanters for manufacture of semiconductors, and accelerator mass spectrometers for measurements of rare isotopes such as radiocarbon. There are currently more than 30,000 accelerators in operation around the world.[2]
There are two basic classes of accelerators: electrostatic and electrodynamic (or electromagnetic) accelerators. [3] Electrostaticaccelerators use static electric fields to accelerate particles. The most common types are the Cockcroft–Walton generator and the Van de Graaff generator. A small-scale example of this class is the cathode ray tube in an ordinary old television set. The achievable kinetic energy for particles in these devices is determined by the accelerating voltage, which is limited by electrical breakdownElectrodynamic or electromagnetic accelerators, on the other hand, use changing electromagnetic fields (either magnetic induction or oscillating radio frequency fields) to accelerate particles. Since in these types the particles can pass through the same accelerating field multiple times, the output energy is not limited by the strength of the accelerating field. This class, which was first developed in the 1920s, is the basis for most modern large-scale accelerators.
Rolf WiderøeGustav IsingLeó SzilárdMax Steenbeck, and Ernest Lawrence are considered pioneers of this field, conceiving and building the first operational linear particle accelerator,[4] the betatron, and the cyclotron.
Because colliders can give evidence of the structure of the subatomic world, accelerators were commonly referred to as atom smashersin the 20th century.[5] Despite the fact that most accelerators (but not ion facilities) actually propel subatomic particles, the term persists in popular usage when referring to particle accelerators in general.

Beams of high-energy particles are useful for fundamental and applied research in the sciences, and also in many technical and industrial fields unrelated to fundamental research. It has been estimated that there are approximately 30,000 accelerators worldwide. Of these, only about 1% are research machines with energies above 1 GeV, while about 44% are for radiotherapy, 41% for ion implantation, 9% for industrial processing and research, and 4% for biomedical and other low-energy research.[9] The bar graph shows the breakdown of the number of industrial accelerators according to their applications. The numbers are based on 2012 statistics available from various sources, including production and sales data published in presentations or market surveys, and data provided by a number of manufacturers.

High-energy physics

For the most basic inquiries into the dynamics and structure of matter, space, and time, physicists seek the simplest kinds of interactions at the highest possible energies. These typically entail particle energies of many GeV, and the interactions of the simplest kinds of particles: leptons (e.g. electrons and positrons) and quarks for the matter, or photons and gluons for the field quanta. Since isolated quarks are experimentally unavailable due to color confinement, the simplest available experiments involve the interactions of, first, leptons with each other, and second, of leptons with nucleons, which are composed of quarks and gluons. To study the collisions of quarks with each other, scientists resort to collisions of nucleons, which at high energy may be usefully considered as essentially 2-body interactions of the quarks and gluons of which they are composed. Thus elementary particle physicists tend to use machines creating beams of electrons, positrons, protons, and antiprotons, interacting with each other or with the simplest nuclei (e.g., hydrogen or deuterium) at the highest possible energies, generally hundreds of GeV or more.
The largest and highest energy particle accelerator used for elementary particle physics is the Large Hadron Collider (LHC) at CERN, operating since 2009.


For further information please use Wikipedia.
the link as follows

Saturday, March 2, 2019

අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදීගන්නවනම් මෙන්න වටිනා උපදෙස් ටිකක්.


ඉස්සර නම් ඉන්ටනෙට් එකෙන් බඩු ගන්නව කියල කවුරුහරි කිව්වහම ඉතින් ඒක හරී ලොකු දෙයක්. ඒ වගේම ඒ කාලෙ හැමෝම වගේ දන්නෙ e bay විතරයි. ඒ ඉස්සර. ඒ උනාට දැන් අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගන්නව කියන්නෙ ඒ තරම් දුර්ලභ දෙයක් නෙමෙයි.
      ගොඩක් දෙනෙක් මේ විදිහට භාණඩ මිලදී ගන්න බයයි. මොකද අපි ඒ ගන්න බඩු ගෙදරටම එයිද අපෙන් වැඩිපුර සල්ලි කපාගනීද සල්ලි කපාගෙන වෙන බඩුවක් එවයිද කියල ලොකු ගැටලු වගයකට ගොඩක් දෙනෙක් මුහුණ දෙනව.
      ඔය වගේ තත්වයක් සිදුවෙන්න තියන ඉඩ ගොඩාක් අඩුයි. නමුත් අපිට ඒ බඩුව එන්නැති අවස්ථානම් ඕන තරම් තියනවා. ඒ වෙලාවට ඔයාලට පුලුවන් ඒ මුදල නැවත ලබාගන්න. ඒ උනාට ඔය sellers ල අතර හොරුත් නැතුවම නෙවෙයි. ඉතින් ඒ හොරුන්ගෙන් බේරෙන්නනම් ඔයාල ඒ sellers ලට positive feedback තියන ප්‍රමාණය බලන්න ඕනෙ.
       දැන් ගොඩක් දෙනා දන්න online shopping services තමයි e bay , aliexpress , amazon  කියන ඒව. නමුත් මීටත් වඩා ගොඩාක් හොඳ services දෙන ඒව දැන් තියනව. ඒව තාම ජනප්‍රිය වෙමින් පවතින ඒව. ඕවගෙන් දැන් මට හිතෙන විදිහට e bay එකේ ගුණාත්මක භාවය ටිකක් අඩු වෙලා වගේ මට තේරෙන විදිහටනම්. හැබැයි e bay එකේ මාර වටිනම සේවාවක් තමයි e bay money back guarantee. මොකද seller හොරෙක් උනත් අපිට ආපහු සල්ලි ටික හම්බවෙනව. ඔයාල direct e bay එකට සල්ලි ගෙවනවට වඩා paypal , skrill වගේ එකක් හරහා සල්ලි ගෙවනවනම් හොඳයි. හැබැයි එතකොට තියන පොඩි අවාසියක් තමයි එක ඩොලර් එකකට රුපියල් පහක් වගේ එයාල කපාගන්නව. කාලයත් එක්ක මේ ගාණ වැඩිවෙන එක තමයි වෙන්නේ.
ඒ වගේම ඔයාල දැකල ඇති සමහර බඩු තියෙනවා හිතාගන්න බැරි තරම් අඩු මුදලකට. එතකොට ඒ වගේ බඩුවක් මිල දී ගන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න ඕන. මොකද සමහර බොරු sellers ල සංවිධානය වෙලා ඉන්නවා ඒ වගේ වැඩකට. ඕගොල්ලෝ මොකද කරන්නේ මොකක් හරි භාණ්ඩයක් දානවා විකුනන්න එකට වඩා ගොඩක් අඩු මුදලකට. එතකොට කවුරුහරි කෙනෙක් ඒ භාණ්ඩය මිලදී ගත්තොත් එයාට භාණ්ඩය ලැබෙන්නෙ නැහැ. ඔය භාණ්ඩ මිල දී ගන්න අයගෙන් සියයට විස්සක් විතර refund ඉල්ලන්නේ නෑ. අන්න ඒ විදිහට තමයි මේ අය සල්ලි හොයන්නෙ. හැබැයි එයාලගෙන් භාණ්ඩ මිලදී ගත්ත කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මොකද කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මොකද ඒ අදාළ වෙබ් අඩවියෙන් බොහෝ විට අපිට නැවත ඒ මුදල් ලබා දෙනවා.
ඉතින් මේ ටික කිව්වෙ ඔයාල Online shopping වලට අලුත් නම් වැදගත් වෙන නිසා.

වැල් කහඹිලියා ශාකයේ ගුණ


ශාක සාරයන්ගෙන් හදපු ඖෂධ දේශිය වෙදකම ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඒ වගේ එක ඖෂධීය ශාකයක් විදිහට වැල්කහඹිලියා ශාකය හඳුන්වන්න පුලුවන්. මේ ශාකය වල් පැලෑටියක් විදිහට සලකනවා. මේකෙ බූව ගැවුනහම සමේ කැසීම් සහ ආසාදන ඇතිවෙනව. මේක හැමෝම වගේ දන්නවා. ඒ උනාට අපි කවුරුවත් නොදන්න දේ තමයි මේකෙ තියන ඖෂධීය ගුණය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මේ ශාකය කැස්ස උණ ඇදුම හෘද රෝග හා වකුගඩු හා මුත්‍රා ආශිත රෝග වැනි විවිධ ආබාධ සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරනවා. වැල්කහඹිලියා මුළු ශාකයම තම්බාගත් කසාය මුත්‍රා ආශ්‍රිත රෝග සඳහා දේශීය වෙදකමේ භාවිතා කර ඇති නිසා මේ ශාකය මුත්‍රා කාරක ගුණයන් විද්‍යාත්මකව පර්යේෂණ කරලා තියෙනවා.
මේ අධ්‍යයනය සිදු කරලා තියෙන්නෙ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ පවත්වන කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ.
වියලි වැල් කහඹිලියා ශාකය උණු වතුරෙන් තම්බා සාදාගත් ද්‍රවනය විවිධ මාත්‍ර වලින් පර්යේෂණාගාර මීයන්ට ලබා දී නියමිත කාලයක් තුළ මේ සතුන් පිට කරන මුත්‍රා පරීක්ෂාවට ලක්කරන ලදී. එම මුත්‍රාවල පරිමාව pH අගය සෝඩියම් සහ පොටෑසියම් අයන වල සාන්ද්‍රණයන් ද මැන ගන්නා ලදී.
වැල් කහමිලියා ශාක සාර මාත්‍රාව වැඩි වන විට එහි මුත්‍රා කාරක ගුණය ද වැඩි වෙනව. වැල්කහඹිලියා ශාකසාර ලබාදුන් මීයන්ගේ මුත්‍රා පරිමාව එය මුදුන් මීයන්ගෙන් මුත්‍රා පරිමාව මෙන් දෙගුණයක් පමණ විය. ශාකසාර මාත්‍රය වැඩි කරන විට උපරිම අගයක් දක්වා එය වැඩිවිය. තවද ශාකසාර ලබා දී පළමු පැය තුළ මේ මුත්‍රාකාරක ගුණය මීයන්ගේ වැඩි බව දැකගත හැකි විය.
තවද මේ ශාකයේ ඇති මුත්‍රා කාරක ගුණ තවදුරටත් තව දුරටත් විශ්ලේෂණය කිරීමේ දී එය loop diyuretic නැමැති මුත්‍රා මුත්‍රා කාරක ගුණයෙන් සමන්විත බව මේ පර්යේෂණයේදී තහවුරු විය. මෙවැනි මුත්‍රා කාරක ඖෂධ සායනික ලෙස හෘදයාබාධ අධිරුධිර පීඩනය හා ඉදිමුම වැනි රෝගවලදී භාවිතා කළ හැකි වේ. එබැවින් shark ඖෂධයක් වන වැල් කහඹිලියා ශාකය මෙවැනි අවස්ථාවන්හිදී ඉතා ප්ර‍රයෝජනවත් වුණු ඇති බව අපට කිව හැකිය.
මුත්‍රා කාරක ගුණය මෙන්ම මේ ශාකයේ ඇති තවත් ගුණයක් වන්නේ මධුමේහහර ගුණයයි. මෙය තවදුරටත් පරීක්ෂණ කරමින් පවතින ගුණයක්.
තවද මේ ශාකයෙ කිසිදු ආකාරයක විෂ සහිත බවක් නැති බව මේ පරීක්ෂණවලදී තහවුරු වෙලා තියෙනවා.

cell-cultured meat (සතුන් නොමරා මස් කන්න)


අනාගතයේ නිපදවන බර්ගර් ඇතුලට දමන මස් සපයා ගැනීමට ගොවිපලවල්වල සතුන් ඇති කර ඔවුන්ව මරා දමන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට සතෙකුගෙන් ලබාගන්නා පියවි සෛල වලට වැඩීමට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය සපයා ආහාරයට ගැනීමට තරම් විශාලව වර්ධනය කර පරිභෝජනයට ගත හැකි වේ. මේ අලුතින් කෘතිම වර්ධනය කරපු මස් හඳුන්වන්නේ රෝපිත මස් කියලා.ඒ කිව්වේ

cell-cultured meat .

 මෙහි දී සතුන් මරන්නට සිදු නොවන නිසා වඩා කාරුණික ආහාර ලබා ගැනීමේ ක්‍රමයක් වෙනවා. ඒ වගේම මේකෙන් පරිසරයට සිදුවන යහපතත් අති විශාලයි. 
2011 දී සිදුකරන ලද අධ්‍යයනයකට අනුව සෛල මඟින් හරක් මස් කිලෝ ග්‍රෑම් එකක් නිපදවන්නට වැය වන්නේ හරක් මස් කිලෝ ග්‍රෑම් එකක් නිපදවීමට වැයවන භූමියට වඩා 200 ගුණයක් අඩු භූමි ප්‍රමාණයක් හා තිස් ගුණයක් අඩු ජල ප්‍රමාණයක්. 
මේ පරිසර හිතකාමී මස් රස විදින්නට අපිට තවත් වැඩි කාලයක් බලා සිටින්න සිදුවෙන්නේ නෑ. මොකද 2013 වසරේදී ලන්ඩනයේ පැවැත්වුන මාධ්‍ය හමුවක දී ලෝකයේ පළමුවරට දී ලෝකයේ පළමුවරට පර්යේෂණාගාරයක් තුල නිපදවන ලද මස් අනුභවයට ගනු ලැබුණා. 2017 වසරේ නව ඇමරිකානු සමාගමක් පර්යේෂණාගාර තුළ කුකුළු මස් සහ තාර මස් වර්ධනය කර තිබුණා.
මේ ක්‍රමවේදයෙන් වාණිජ කටයුතු වලට ගත හැකි පරිදි මහා පරිමාණයෙන් නිපදවීම සඳහා වැය වන මිල තවමත් පවතින්නේ ඉතා අධික මට්ටමකයි. කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් නිපදවීමට දැනට වැයවන මුදල ඇමරිකානු ඩොලර් විසි දහසක් පමණ වෙනවා.😱
කොහොම වුනත් මේ අගය ඉදිරියේදී විශාල වශයෙන් පහළ වැටෙන බව අපේක්ෂා කරන්න පුළුවන්. දැනට ලෝකයේ ඇති කෘෂිකාර්මික භූමි ප්‍රමාණවලින් ප්‍රමාණ වලින් සියයට අසූවක්ම සතුන් ඇතිකිරීම සඳහා වැයවන බැවින් මෙබඳු සම්පත් අඩු වශයෙන් වැනි විකල්ප මාංශයක් කෙරෙහි යොමුවීමට මීලගට එලඹෙන දශක වලදී මිනිසාට අනිවාර්යෙන්ම අනිවාර්යයෙන්ම හැකිවනු ඇත.

Thursday, February 28, 2019

ගුවන් යානයක් හදන්නෙ එකම කර්මාන්තශාලාවකද?


ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානාව වන්නේ ප්‍රංශ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදන සමාගම විසින් නිපදවනු ලබන A380 ගුවන් යානාවයි. මේ වන විට ගුවන් යානා ඒකක 200 ඉක්මවූ ප්‍රමාණයක් ලොව පුරා මගී ප්‍රවාහනයේ නිරතවන අතර ඒ අතරින් ගුවන්යානා 101 භාවිතා කරනු ලබන්නේ dubai කේන්ද්‍ර කරගත් ලොව ප්‍රමුඛ පෙළේ එමිරේට්ස් ගුවන් සේවයයි. මෙම ගුවන් යානා ප්‍රංශයයේ ටොලූස් හි පිහිටි එයාබස් කර්මාන්ත ශාලාවේ දී එකලස් කිරීමේ කටයුතු නිම වනු ලබන අතර ඒ වෙනුවෙන් යුරෝපයේ මෙන්ම ලොව පුරා පිහිටි කර්මාන්ත ශාලාවල නිපදවනු ලබන කොටස් ටොලූස් වෙත ගෙනෙ එනු ලබන්නේ සුවිශේෂී වූ සැලසුම් කළ ක්‍රමවේදයකට අනුවය.

මූලික වශයෙන් ගත් කළ ප්‍රධාන උපාංග යුරෝපය කේන්ද්‍රකරගත් ගුවන් යානා කොටස් නිෂ්පාදන සමාගම් කිහිපයක් නිපදවනු ලබන අතර එහිදී පියාපත් කොටස් වේල්ස් හීද ගුවන් බඳ කොටස් ජර්මනියේ සහ ප්‍රංශයේ ද පිටුපස තිරස් පියාපත් ස්පාඤ්ඤයේ ද පිටපස සිරස් පියාපත ජර්මනියේද නිපදවනු ලැබේ.අනෙකුත් ඇණ මුරිච්චි සිට ආසන මෙන්ම engine ඇතුළු සියලු කොටස් ප්‍රමාණයක් එක් A380 ගුවන් යානාවක් සඳහා පමණක් මිලියන හතරක් පමණ වන අතර ඒවා ලොව පුරා රටවල් 30ක නිෂ්පාදන සමාගම් 1500ක පමණ නිපදවෙයි. එක් එක් ස්ථාන වල නිපදවෙන මේ සියල්ල ඒකරාශි කොට ගුවන්යා යානාවක් එකලස් කර ගුවන් යෝග්‍යතා අවශ්‍යතා සපුරමින් මෙහෙයුම් කළ හැකි තත්ත්වයට පත් කිරීම සුළුපටු කාරණාවක් නොවෙයි.
A380 ගුවන් යානාවක ප්‍රධාන උපාංග හයක් ලෙස හඳුනාගත හැකි අතර ඒවා ගුවන් බඳ කොටස් තුනක් ලෙසත් පියාපත් කොටස් දෙකක් ලෙසත් පසුපස තිරස් පියාපත ලෙස හඳුනාගත හැකි ය. මේවා Pauillac හි පිහිටි නැව් තටාංගනය සිට ටොලූස් හි පිහිටි ගුවන් යානා ගුවන්යා යානා එකලස් කිරීමේ අංගනය වෙත ප්‍රවාහනය වෙනුවෙන් සුවිශේෂී බහුකාර්‍ය ට්‍රක් රථ නිපදවා ඇත. ඉහත කොටස් 6 එම ට්‍රක්රථ උපයෝගී කරගනිමින් ඒ වෙනුවෙන්ම තනන ලද ද්විතීක මාර්ගයක් ඔස්සේ කිලෝ මීටර් දෙසිය හතළිහක් පමණ දුරක් ප්‍රවාහනය කරනු ලබන්නේ රාත්‍රී කාලයේ දී ය. ඒ වෙනුවෙන් රාත්‍රී කාලයේ තෝරාගෙන ඇත්තේ නගර ආශ්‍රිතව හට ගන්නා මාර්ග තදබදය මඟහැරවීමේ මූලික අරමුණ ඇතිවය.
තවත් සුවිශේෂී කරුණක් වන්නේ ඉහත සඳහන් කළ මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් airbus සමාගම ඩොලර් මිලියන 205 ක පමණ මුදලක් රජයට ප්‍රදානය කළ තිබීමයි. තවද මෙම මාර්ගය හරහා ඇතිවන තද සුළං ධාරාව දැවැන්ත ට්‍රක් රථ මෙහෙයුමට තරමක බාධාවක් ගෙන දෙන බැවින් දෙපස ගස් 6500ක් පමණ සිටුවන්නට කටයුතු කර ඇත. ඒ අතරම පාපැදි සහ අශ්වයන් ධාවනය වෙනුවෙන්ම නිමවූ කිලෝ මීටර් 35ක පමණ දිගින් යුත් මංතීරුවක් ද එම මාර්ගයට සමගාමීව ඉදි කර ඇත.
නිෂ්පාදන කර්මාන්ත ශාලාවල සිට මෙම කොටස් Pauillac නැව් තටාකය වෙත ප්‍රවාහනය කරනුයේ ප්‍රංශ සීමාවෙහි පිහිටි අත්ලාන්තික් සාගරය ඔස්සේ වන මුහුදු මාර්ගය මතිනි. ඒ වෙනුවෙන් විශේෂ වූ තාක්ෂණික හැකියාවන්ගෙන් යුත් සන්නද්ධ නැව් සූදානම් කර තිබේ.
යානාවේ පසුපස පියාපත් ආශ්‍රිත සිරස් ස්ථායිකාරකය සුවිශේෂී කොටසකි. එය ට්‍‍රක් රථ යොදාගෙන ප්‍රවාහනය හා පහසු කරුණකි. එයට පිළිතුරු ලෙස එයාර් බස් සමාගම තම තාක්ෂණය යොදවා A300-600ST නිපදවීය. A380 ගුවන් යානයේ සිරස් ස්ථායිකාරක කොටස ප්‍රවාහනය කළ හැක්කේ A300-600ST super transporters ගුවන් යානාවට පමණි. Beluga ලෙස එයාර් බස් සමාගම හඳුන්වා දී ඇති මෙම ගුවන් යානාව නිපදවා ඇත්තේ එයාර් බස් ගුවන් යානා කොටස් ප්‍රවාහනය සඳහා ම ය.

ගොඩබිමින් ගුවන් යානා කොටස් ප්‍රවාහනය සිදුවන්නේ රාත්‍රි කාලයේ වුවද එය Levignac නගරවැසියන්ටනම් විනෝද ජනක අවස්ථාවක්. ඇතැම් ස්ථානවල නිවස ට්‍රක් රථය අතර පවතින්නේ cm 50ක පමණ ඉතා අවම පරතරයක්. නිවැසියන් ජනේල අසලට වී දැවැන්ත කොටස් ගෙන යන ආකාරය නරඹන්නේ නිදි වර්ජිතවය. ඒ වගේම අප මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ සුරක්ෂිතතාවයට මුල්තැන ලබා දෙමින් සහ සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක් නොවන ලෙසින්. මේ ආකාරයට විදෙස් මාධ්‍යවලට අදහස් දක්වා තිබුණේ එයාර් බස් සමාගමේ ප්‍රවාහන කළමනාකරුවෙකු විසින්.