අනාගතයේ නිපදවන බර්ගර් ඇතුලට දමන මස් සපයා ගැනීමට ගොවිපලවල්වල සතුන් ඇති කර ඔවුන්ව මරා දමන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට සතෙකුගෙන් ලබාගන්නා පියවි සෛල වලට වැඩීමට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය සපයා ආහාරයට ගැනීමට තරම් විශාලව වර්ධනය කර පරිභෝජනයට ගත හැකි වේ. මේ අලුතින් කෘතිම වර්ධනය කරපු මස් හඳුන්වන්නේ රෝපිත මස් කියලා.ඒ කිව්වේ
cell-cultured meat .
මෙහි දී සතුන් මරන්නට සිදු නොවන නිසා වඩා කාරුණික ආහාර ලබා ගැනීමේ ක්‍රමයක් වෙනවා. ඒ වගේම මේකෙන් පරිසරයට සිදුවන යහපතත් අති විශාලයි.
2011 දී සිදුකරන ලද අධ්‍යයනයකට අනුව සෛල මඟින් හරක් මස් කිලෝ ග්‍රෑම් එකක් නිපදවන්නට වැය වන්නේ හරක් මස් කිලෝ ග්‍රෑම් එකක් නිපදවීමට වැයවන භූමියට වඩා 200 ගුණයක් අඩු භූමි ප්‍රමාණයක් හා තිස් ගුණයක් අඩු ජල ප්‍රමාණයක්.
මේ පරිසර හිතකාමී මස් රස විදින්නට අපිට තවත් වැඩි කාලයක් බලා සිටින්න සිදුවෙන්නේ නෑ. මොකද 2013 වසරේදී ලන්ඩනයේ පැවැත්වුන මාධ්‍ය හමුවක දී ලෝකයේ පළමුවරට දී ලෝකයේ පළමුවරට පර්යේෂණාගාරයක් තුල නිපදවන ලද මස් අනුභවයට ගනු ලැබුණා. 2017 වසරේ නව ඇමරිකානු සමාගමක් පර්යේෂණාගාර තුළ කුකුළු මස් සහ තාර මස් වර්ධනය කර තිබුණා.
මේ ක්‍රමවේදයෙන් වාණිජ කටයුතු වලට ගත හැකි පරිදි මහා පරිමාණයෙන් නිපදවීම සඳහා වැය වන මිල තවමත් පවතින්නේ ඉතා අධික මට්ටමකයි. කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් නිපදවීමට දැනට වැයවන මුදල ඇමරිකානු ඩොලර් විසි දහසක් පමණ වෙනවා.😱
කොහොම වුනත් මේ අගය ඉදිරියේදී විශාල වශයෙන් පහළ වැටෙන බව අපේක්ෂා කරන්න පුළුවන්. දැනට ලෝකයේ ඇති කෘෂිකාර්මික භූමි ප්‍රමාණවලින් ප්‍රමාණ වලින් සියයට අසූවක්ම සතුන් ඇතිකිරීම සඳහා වැයවන බැවින් මෙබඳු සම්පත් අඩු වශයෙන් වැනි විකල්ප මාංශයක් කෙරෙහි යොමුවීමට මීලගට එලඹෙන දශක වලදී මිනිසාට අනිවාර්යෙන්ම අනිවාර්යයෙන්ම හැකිවනු ඇත.
No comments:
Post a Comment