Pages

Saturday, March 2, 2019

අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදීගන්නවනම් මෙන්න වටිනා උපදෙස් ටිකක්.


ඉස්සර නම් ඉන්ටනෙට් එකෙන් බඩු ගන්නව කියල කවුරුහරි කිව්වහම ඉතින් ඒක හරී ලොකු දෙයක්. ඒ වගේම ඒ කාලෙ හැමෝම වගේ දන්නෙ e bay විතරයි. ඒ ඉස්සර. ඒ උනාට දැන් අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගන්නව කියන්නෙ ඒ තරම් දුර්ලභ දෙයක් නෙමෙයි.
      ගොඩක් දෙනෙක් මේ විදිහට භාණඩ මිලදී ගන්න බයයි. මොකද අපි ඒ ගන්න බඩු ගෙදරටම එයිද අපෙන් වැඩිපුර සල්ලි කපාගනීද සල්ලි කපාගෙන වෙන බඩුවක් එවයිද කියල ලොකු ගැටලු වගයකට ගොඩක් දෙනෙක් මුහුණ දෙනව.
      ඔය වගේ තත්වයක් සිදුවෙන්න තියන ඉඩ ගොඩාක් අඩුයි. නමුත් අපිට ඒ බඩුව එන්නැති අවස්ථානම් ඕන තරම් තියනවා. ඒ වෙලාවට ඔයාලට පුලුවන් ඒ මුදල නැවත ලබාගන්න. ඒ උනාට ඔය sellers ල අතර හොරුත් නැතුවම නෙවෙයි. ඉතින් ඒ හොරුන්ගෙන් බේරෙන්නනම් ඔයාල ඒ sellers ලට positive feedback තියන ප්‍රමාණය බලන්න ඕනෙ.
       දැන් ගොඩක් දෙනා දන්න online shopping services තමයි e bay , aliexpress , amazon  කියන ඒව. නමුත් මීටත් වඩා ගොඩාක් හොඳ services දෙන ඒව දැන් තියනව. ඒව තාම ජනප්‍රිය වෙමින් පවතින ඒව. ඕවගෙන් දැන් මට හිතෙන විදිහට e bay එකේ ගුණාත්මක භාවය ටිකක් අඩු වෙලා වගේ මට තේරෙන විදිහටනම්. හැබැයි e bay එකේ මාර වටිනම සේවාවක් තමයි e bay money back guarantee. මොකද seller හොරෙක් උනත් අපිට ආපහු සල්ලි ටික හම්බවෙනව. ඔයාල direct e bay එකට සල්ලි ගෙවනවට වඩා paypal , skrill වගේ එකක් හරහා සල්ලි ගෙවනවනම් හොඳයි. හැබැයි එතකොට තියන පොඩි අවාසියක් තමයි එක ඩොලර් එකකට රුපියල් පහක් වගේ එයාල කපාගන්නව. කාලයත් එක්ක මේ ගාණ වැඩිවෙන එක තමයි වෙන්නේ.
ඒ වගේම ඔයාල දැකල ඇති සමහර බඩු තියෙනවා හිතාගන්න බැරි තරම් අඩු මුදලකට. එතකොට ඒ වගේ බඩුවක් මිල දී ගන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න ඕන. මොකද සමහර බොරු sellers ල සංවිධානය වෙලා ඉන්නවා ඒ වගේ වැඩකට. ඕගොල්ලෝ මොකද කරන්නේ මොකක් හරි භාණ්ඩයක් දානවා විකුනන්න එකට වඩා ගොඩක් අඩු මුදලකට. එතකොට කවුරුහරි කෙනෙක් ඒ භාණ්ඩය මිලදී ගත්තොත් එයාට භාණ්ඩය ලැබෙන්නෙ නැහැ. ඔය භාණ්ඩ මිල දී ගන්න අයගෙන් සියයට විස්සක් විතර refund ඉල්ලන්නේ නෑ. අන්න ඒ විදිහට තමයි මේ අය සල්ලි හොයන්නෙ. හැබැයි එයාලගෙන් භාණ්ඩ මිලදී ගත්ත කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මොකද කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මොකද ඒ අදාළ වෙබ් අඩවියෙන් බොහෝ විට අපිට නැවත ඒ මුදල් ලබා දෙනවා.
ඉතින් මේ ටික කිව්වෙ ඔයාල Online shopping වලට අලුත් නම් වැදගත් වෙන නිසා.

No comments:

Post a Comment