Pages

Saturday, March 2, 2019

අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදීගන්නවනම් මෙන්න වටිනා උපදෙස් ටිකක්.


ඉස්සර නම් ඉන්ටනෙට් එකෙන් බඩු ගන්නව කියල කවුරුහරි කිව්වහම ඉතින් ඒක හරී ලොකු දෙයක්. ඒ වගේම ඒ කාලෙ හැමෝම වගේ දන්නෙ e bay විතරයි. ඒ ඉස්සර. ඒ උනාට දැන් අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගන්නව කියන්නෙ ඒ තරම් දුර්ලභ දෙයක් නෙමෙයි.
      ගොඩක් දෙනෙක් මේ විදිහට භාණඩ මිලදී ගන්න බයයි. මොකද අපි ඒ ගන්න බඩු ගෙදරටම එයිද අපෙන් වැඩිපුර සල්ලි කපාගනීද සල්ලි කපාගෙන වෙන බඩුවක් එවයිද කියල ලොකු ගැටලු වගයකට ගොඩක් දෙනෙක් මුහුණ දෙනව.
      ඔය වගේ තත්වයක් සිදුවෙන්න තියන ඉඩ ගොඩාක් අඩුයි. නමුත් අපිට ඒ බඩුව එන්නැති අවස්ථානම් ඕන තරම් තියනවා. ඒ වෙලාවට ඔයාලට පුලුවන් ඒ මුදල නැවත ලබාගන්න. ඒ උනාට ඔය sellers ල අතර හොරුත් නැතුවම නෙවෙයි. ඉතින් ඒ හොරුන්ගෙන් බේරෙන්නනම් ඔයාල ඒ sellers ලට positive feedback තියන ප්‍රමාණය බලන්න ඕනෙ.
       දැන් ගොඩක් දෙනා දන්න online shopping services තමයි e bay , aliexpress , amazon  කියන ඒව. නමුත් මීටත් වඩා ගොඩාක් හොඳ services දෙන ඒව දැන් තියනව. ඒව තාම ජනප්‍රිය වෙමින් පවතින ඒව. ඕවගෙන් දැන් මට හිතෙන විදිහට e bay එකේ ගුණාත්මක භාවය ටිකක් අඩු වෙලා වගේ මට තේරෙන විදිහටනම්. හැබැයි e bay එකේ මාර වටිනම සේවාවක් තමයි e bay money back guarantee. මොකද seller හොරෙක් උනත් අපිට ආපහු සල්ලි ටික හම්බවෙනව. ඔයාල direct e bay එකට සල්ලි ගෙවනවට වඩා paypal , skrill වගේ එකක් හරහා සල්ලි ගෙවනවනම් හොඳයි. හැබැයි එතකොට තියන පොඩි අවාසියක් තමයි එක ඩොලර් එකකට රුපියල් පහක් වගේ එයාල කපාගන්නව. කාලයත් එක්ක මේ ගාණ වැඩිවෙන එක තමයි වෙන්නේ.
ඒ වගේම ඔයාල දැකල ඇති සමහර බඩු තියෙනවා හිතාගන්න බැරි තරම් අඩු මුදලකට. එතකොට ඒ වගේ බඩුවක් මිල දී ගන්න කලින් පොඩ්ඩක් හිතල බලන්න ඕන. මොකද සමහර බොරු sellers ල සංවිධානය වෙලා ඉන්නවා ඒ වගේ වැඩකට. ඕගොල්ලෝ මොකද කරන්නේ මොකක් හරි භාණ්ඩයක් දානවා විකුනන්න එකට වඩා ගොඩක් අඩු මුදලකට. එතකොට කවුරුහරි කෙනෙක් ඒ භාණ්ඩය මිලදී ගත්තොත් එයාට භාණ්ඩය ලැබෙන්නෙ නැහැ. ඔය භාණ්ඩ මිල දී ගන්න අයගෙන් සියයට විස්සක් විතර refund ඉල්ලන්නේ නෑ. අන්න ඒ විදිහට තමයි මේ අය සල්ලි හොයන්නෙ. හැබැයි එයාලගෙන් භාණ්ඩ මිලදී ගත්ත කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මොකද කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මොකද ඒ අදාළ වෙබ් අඩවියෙන් බොහෝ විට අපිට නැවත ඒ මුදල් ලබා දෙනවා.
ඉතින් මේ ටික කිව්වෙ ඔයාල Online shopping වලට අලුත් නම් වැදගත් වෙන නිසා.

වැල් කහඹිලියා ශාකයේ ගුණ


ශාක සාරයන්ගෙන් හදපු ඖෂධ දේශිය වෙදකම ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඒ වගේ එක ඖෂධීය ශාකයක් විදිහට වැල්කහඹිලියා ශාකය හඳුන්වන්න පුලුවන්. මේ ශාකය වල් පැලෑටියක් විදිහට සලකනවා. මේකෙ බූව ගැවුනහම සමේ කැසීම් සහ ආසාදන ඇතිවෙනව. මේක හැමෝම වගේ දන්නවා. ඒ උනාට අපි කවුරුවත් නොදන්න දේ තමයි මේකෙ තියන ඖෂධීය ගුණය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මේ ශාකය කැස්ස උණ ඇදුම හෘද රෝග හා වකුගඩු හා මුත්‍රා ආශිත රෝග වැනි විවිධ ආබාධ සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරනවා. වැල්කහඹිලියා මුළු ශාකයම තම්බාගත් කසාය මුත්‍රා ආශ්‍රිත රෝග සඳහා දේශීය වෙදකමේ භාවිතා කර ඇති නිසා මේ ශාකය මුත්‍රා කාරක ගුණයන් විද්‍යාත්මකව පර්යේෂණ කරලා තියෙනවා.
මේ අධ්‍යයනය සිදු කරලා තියෙන්නෙ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ පවත්වන කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ.
වියලි වැල් කහඹිලියා ශාකය උණු වතුරෙන් තම්බා සාදාගත් ද්‍රවනය විවිධ මාත්‍ර වලින් පර්යේෂණාගාර මීයන්ට ලබා දී නියමිත කාලයක් තුළ මේ සතුන් පිට කරන මුත්‍රා පරීක්ෂාවට ලක්කරන ලදී. එම මුත්‍රාවල පරිමාව pH අගය සෝඩියම් සහ පොටෑසියම් අයන වල සාන්ද්‍රණයන් ද මැන ගන්නා ලදී.
වැල් කහමිලියා ශාක සාර මාත්‍රාව වැඩි වන විට එහි මුත්‍රා කාරක ගුණය ද වැඩි වෙනව. වැල්කහඹිලියා ශාකසාර ලබාදුන් මීයන්ගේ මුත්‍රා පරිමාව එය මුදුන් මීයන්ගෙන් මුත්‍රා පරිමාව මෙන් දෙගුණයක් පමණ විය. ශාකසාර මාත්‍රය වැඩි කරන විට උපරිම අගයක් දක්වා එය වැඩිවිය. තවද ශාකසාර ලබා දී පළමු පැය තුළ මේ මුත්‍රාකාරක ගුණය මීයන්ගේ වැඩි බව දැකගත හැකි විය.
තවද මේ ශාකයේ ඇති මුත්‍රා කාරක ගුණ තවදුරටත් තව දුරටත් විශ්ලේෂණය කිරීමේ දී එය loop diyuretic නැමැති මුත්‍රා මුත්‍රා කාරක ගුණයෙන් සමන්විත බව මේ පර්යේෂණයේදී තහවුරු විය. මෙවැනි මුත්‍රා කාරක ඖෂධ සායනික ලෙස හෘදයාබාධ අධිරුධිර පීඩනය හා ඉදිමුම වැනි රෝගවලදී භාවිතා කළ හැකි වේ. එබැවින් shark ඖෂධයක් වන වැල් කහඹිලියා ශාකය මෙවැනි අවස්ථාවන්හිදී ඉතා ප්ර‍රයෝජනවත් වුණු ඇති බව අපට කිව හැකිය.
මුත්‍රා කාරක ගුණය මෙන්ම මේ ශාකයේ ඇති තවත් ගුණයක් වන්නේ මධුමේහහර ගුණයයි. මෙය තවදුරටත් පරීක්ෂණ කරමින් පවතින ගුණයක්.
තවද මේ ශාකයෙ කිසිදු ආකාරයක විෂ සහිත බවක් නැති බව මේ පරීක්ෂණවලදී තහවුරු වෙලා තියෙනවා.

cell-cultured meat (සතුන් නොමරා මස් කන්න)


අනාගතයේ නිපදවන බර්ගර් ඇතුලට දමන මස් සපයා ගැනීමට ගොවිපලවල්වල සතුන් ඇති කර ඔවුන්ව මරා දමන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට සතෙකුගෙන් ලබාගන්නා පියවි සෛල වලට වැඩීමට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය සපයා ආහාරයට ගැනීමට තරම් විශාලව වර්ධනය කර පරිභෝජනයට ගත හැකි වේ. මේ අලුතින් කෘතිම වර්ධනය කරපු මස් හඳුන්වන්නේ රෝපිත මස් කියලා.ඒ කිව්වේ

cell-cultured meat .

 මෙහි දී සතුන් මරන්නට සිදු නොවන නිසා වඩා කාරුණික ආහාර ලබා ගැනීමේ ක්‍රමයක් වෙනවා. ඒ වගේම මේකෙන් පරිසරයට සිදුවන යහපතත් අති විශාලයි. 
2011 දී සිදුකරන ලද අධ්‍යයනයකට අනුව සෛල මඟින් හරක් මස් කිලෝ ග්‍රෑම් එකක් නිපදවන්නට වැය වන්නේ හරක් මස් කිලෝ ග්‍රෑම් එකක් නිපදවීමට වැයවන භූමියට වඩා 200 ගුණයක් අඩු භූමි ප්‍රමාණයක් හා තිස් ගුණයක් අඩු ජල ප්‍රමාණයක්. 
මේ පරිසර හිතකාමී මස් රස විදින්නට අපිට තවත් වැඩි කාලයක් බලා සිටින්න සිදුවෙන්නේ නෑ. මොකද 2013 වසරේදී ලන්ඩනයේ පැවැත්වුන මාධ්‍ය හමුවක දී ලෝකයේ පළමුවරට දී ලෝකයේ පළමුවරට පර්යේෂණාගාරයක් තුල නිපදවන ලද මස් අනුභවයට ගනු ලැබුණා. 2017 වසරේ නව ඇමරිකානු සමාගමක් පර්යේෂණාගාර තුළ කුකුළු මස් සහ තාර මස් වර්ධනය කර තිබුණා.
මේ ක්‍රමවේදයෙන් වාණිජ කටයුතු වලට ගත හැකි පරිදි මහා පරිමාණයෙන් නිපදවීම සඳහා වැය වන මිල තවමත් පවතින්නේ ඉතා අධික මට්ටමකයි. කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් නිපදවීමට දැනට වැයවන මුදල ඇමරිකානු ඩොලර් විසි දහසක් පමණ වෙනවා.😱
කොහොම වුනත් මේ අගය ඉදිරියේදී විශාල වශයෙන් පහළ වැටෙන බව අපේක්ෂා කරන්න පුළුවන්. දැනට ලෝකයේ ඇති කෘෂිකාර්මික භූමි ප්‍රමාණවලින් ප්‍රමාණ වලින් සියයට අසූවක්ම සතුන් ඇතිකිරීම සඳහා වැයවන බැවින් මෙබඳු සම්පත් අඩු වශයෙන් වැනි විකල්ප මාංශයක් කෙරෙහි යොමුවීමට මීලගට එලඹෙන දශක වලදී මිනිසාට අනිවාර්යෙන්ම අනිවාර්යයෙන්ම හැකිවනු ඇත.