Pages

Friday, October 28, 2016

ROOT කරනව කියන්නෙ මොකක්ද? කොහොමද ROOT කරන්නේ.

දැන් කාලෙ ROOT කරනව කියන එක දන්නැති කෙනෙක් හොයාගන්න අමාරුයි. ඉතින් මේ POST එක ලියන්නෙ ඒ ගැන දන්නැති කට්ටියට. අපි සාමාන්‍යයෙන් ෆෝන් එකෙක් ගද්දි ඒකෙ SYSTEM එක තුළ අපිට කරන්න පුලුවන් ප්‍රමාණය සීමිතයි. මේ ROOT කරන එකෙන් අපි කරන්නෙ ඒ සීමා කඩන එක. හැබයි වොරන්ටි කාලය තුළ ROOT කළොත් ඒ වොරන්ටිය අහෝසි වෙනවා. ඉතින් ඔයාල ෆෝන් එක ROOT කරනවන්ම් වගකීම් කාලය අවසන් වූ විට කරන එක ගොඩක් හොඳයි. හැබැයි ආපහු UNROOT කරහම ආපහු වගකීම වලංගු වෙනවා. හැබැයි ඔයා SYSTEM APPS , BOOT ANIMATIONS එහෙම වෙනස් කරල තිබුනොත් ඒ වගකීම ගොඩක් වෙලාවට වලංගු වෙන්නෙ නෑ. දැන් අපි ROOT කරන්නෙ කොහොමද කියල බලමු. මුලින්ම මේකට ඔයාල ROOT ALL DEVICES කියන APP එක ගන්න වෙනවා. ඒක මෙතනින් DOWNOAD කරගන්න. හැබැයි මේක අනිවාර්‍ය නෑ. මේකෙන් කරන්නෙ ඔයාගෙ ෆෝන් එකට හරියන ROOTING APP එක හොයල දෙන එක. එහෙම නැතත් ගොඩක් ෆෝන් KING ROOT , KINGO ROOT කියන ෆෝන් වලට SUPPORT කරනවා. නමුත් එතරම් ජනප්‍රිය නැති  MICROMAX , GREENTEL , XTOUCH වගේ ෆෝන් වලට ගොඩක් වෙලාවට මේ ඇප් වලින් ROOT කරන්න බෑ. පුලුවන් වෙන වෙලාවලුත් තියනවා. හැබැයි SAMSUNG , HUAWEI වගේ ෆෝන් මේ ඇප් වලට SUPPORT කරනවා. දැන් ඔය APP එකෙන් ඔයාගෙ ෆෝන් එකට හරියන ඇප් එක පෙන්නනවා. ගොඩක් වෙලාවට එයාල දෙන්නෙ KING ROOT , KINGO ROOT කියන ඇප් දෙක. ඔයාල කලින් මම දීපු ඇප් එක ගත්තෙ නැත්තං මෙතනින් KING ROOT හෝ මෙතනින් KINGO ROOT DOWNLOAD ක‍රගන්න. දැන් ඉතින් ඕන කෙනෙකුට ෆෝන් එක ROOT කරගන්න පුලුවන්.
ඇතැම් ෆෝන් ROOT කිරීමට ප්‍රථමයෙන් වුවද ROOT CHECKER වැනි ඇප් වල ROOT ACCESS YES ලෙස පෙන්වීමට ඉඩ ඇත. ඒ එම ඇප් එකේ දෝශයක් නොවේ. ඔයාගෙ ෆෝන් එකේ දෝශයක්. ඒක වෙන්න හේතු කිහිපයක් තියනවා. එකක් තමයි ඔයා ROOT ACCESS ඉල්ලන ඇප්ස් ඔයාගෙ ෆෝන් එකට INSTALL කරල තියනවා. ඒ මොකද ඒ ඇප්ස් සමහර ඒවා ඔයාගෙ ෆෝන් එකේ SYSTEM එකට යන්න උත්සහ කරනවා. ඊට පස්සෙ ඔයා ඒ ඇප්ස් UNINSTALL කළාම ඒකෙ සමහර EMPTY FOLDERS , FILES එහෙම ඔයාගෙ ෆෝන් එකේ ඉතිරි වෙනවා. එහෙම උනාම තමයි ඔය ROOT CHECKER APPS වල ROOT ACCESS YES කියල පෙන්නන්නෙ. තවත් හේතුවක් තමයි ඔයාගෙ ෆෝන් එකේ FIRMWARE එකේ අවුලක්. මේකනම් වෙන්නෙ COMPANY එකේදිමයි. ඒ හින්දා අපිට ඒකට කරන්න දෙයක් නෑ. ඉතින් මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගත්තනම් COMMENT එකක් දාගෙන යන්න.


Monday, October 24, 2016

VIDEO එකක BACKGROUND එක වෙනස් කරමු

ගොඩක් දෙනා බලාපොරොත්තුවෙන් ඉන්න දෙයක් තමයි තමන්ගෙම VIDEO එකක් SHORT FILM එකක් නිර්මාණ්‍ය කරන එක. ඒ වගේ දෙයකට ගොඩාක් වටින දෙයක් තමයි මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ. මේකෙ විශේෂත්වය තමයි ඔයාලගෙ VIDEO එකේ පසුබිමට VIDEO එකක් දාන්න පුලුවන් එක. ඕන නම් රූපයක් උනත් දාන්න පුලුවන්. මේකට ඔයාලට පොඩි SOFTWARE එකක් DOWNLOAD කරගන්න වෙනවා. ඒක මෙතනින් DOWNLOAD කරගන්න. මේ වැඩේට ඔයාල රඟපාන පසුබිම එක වර්ණයක් වෙන්න ඕනෙ. FILM වල මේකට පාවිච්ච් කරන්නෙ කොළ පාට පසුබිමක්. ඒකට කියන්නෙ GREEN SCREEN කියල. ඔයාලට ඕනම පාටක පසුබිමක් මේකට ගන්න පුලුවන්. හැබැයි ඒ පාට ඔයාගෙ ඇඳුම් වල තියෙන්න බෑ. එහෙම තිබුනොත් ඒ පාටත් අයින් වෙලා ඒ හරහා ඔයා දාපු පසුබිම පේනව. ඒ නිසා ඔයා BACKGROUND එකට දාන පාට ඔයාගෙ ඇඳුම් වල තියෙන්න බෑ. මෙතන VIDEO එක බලන්න. එතකොට ඔයාලට VIDEO එකක BACKGROUND එක වෙනස් කරන්න පුලුවන් වෙයි. හරිගියොත් COMMENT එකක් දාගෙනම යන්න.
ඔබට ජය!!!

Wednesday, October 19, 2016

ANDROID වල BOOT ANIMATION එක වෙනස් කරමු

BOOT ANIMATION එක කියන්නෙ මොකක් හ‍රි ෆෝන් එකක් ON වෙද්දි වැටෙන ANIMATION එක. ගොඩක් ෆෝන් වල මේකට දාන්නෙ ඒ ෆෝන් එකේ BRAND එකේ ANIMATION එකක්. ඇන්ඩ්‍රොයිඩ් වලින් බලගැන්වෙන ෆෝන් වල මේක අපිට වෙනස් කරන්න පුලුවන්. හැබැයි මේකට SUPER USER PERMISSION එක ඒ කියන්නෙ ෆෝන් එක ROOT කරල තියෙන්න ඕනෙ. මේ වැඩේ කරද්දි පොඩි අවදානමකුත් නැත්තෙම නෑ. මොකද මේ ඉන්ස්ටෝල් කරන ANIMATION එක SYSTEM FILES වලට යන්නෙ. මේකට ඔයාලට පොඩි APP එකක් DOWNLOAD කරගන්න වෙනවා. මෙතනින් ඒක DOWNLOAD කරගන්න. මේ APP එක INSTALL කරල ඔයාට ඕන ANIMATION එක තෝරල ඉන්ස්ටෝල් කරගන්න.
ඊට පස්සෙ ඇප් එකෙන්ම ෆෝන් එක REBOOT ක‍රන්න. 
දැන් ඔබ තෝරා ගත් BOOT ANIMATION එක INSTALL වී ඇත.කොහොමද වැඩේ හරි නේද? හැබයි සමහර ෆෝන් වල මේ BOOT ANIMATION එක වෙනස් වෙන්නෙ නෑ. මොකද ඒ ෆෝන් වල ROOT FOLDER එකේ MEDIA FOLDER එකේBOOTANIMATION.ZIP කියන එකයි SHUTANIMATION කියන එකයි නෑ. ඔයාලට ඒක තියනවද කියල බලාගන්න පුලුවන් ROOT EXPLORER වගේ APP එකකින්. එහෙම නැත්නම් BOOT ANIMATION එක වෙනස් කරන්න ලොකු දෙයක් කරන්න වෙනවා. ඒ ගැන අපි ඉදිරියේදි මේ වගේ POST එකකින් කතාකරමු. ඉතින් ඔයාලගෙ අදහසුත් පහලින් දාන්න. 

Tuesday, October 18, 2016

පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමියක් දෙවලපොලින් හමුවේ



     ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමියක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙවලපොල ආනන්ද මහා විද්‍යාල භූමියෙන් හමුවී ඇත. මෙම විදුහල් භූමි‍යේ ඉපැරණි සුසාන භූමියක් පැවති බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නිළ අවසරය ඇතිව කැළණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ හා ප්‍රකාශන අංශයේ මූල්‍යමය අනුග්‍රහය මත මෙහි කැණීම් කටයුතු ආරම්භ කර ඇත.

       දැනට නිශ්චිතව කාලනිර්ණ‍ය කර නැතත් මෙම සුසාන භූමිය වසර 3000 ක් පමණ පැරණි බව කැණීම් කටයුතු සිදු කරන පුරාවිද්‍යා මහාචාර්‍යවරු අනුමාන කර ඇත. කැළණිය පුරාවිද්‍යා  පශ්චාත් උපධි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය ආචාර්‍ය මංගල කටුගම්පල , කථිකාචාර්‍ය රංජිත් බණ්ඩාර දිසානායක , කැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය ආචාර්‍ය චන්දිම බෝගහවත්ත ඇතුලු පිරිසක් විසින් මෙහි කැණීම් කටයුතු සිදු කරනු ලබයි.
        ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය පිළිබඳ පැරණිතම සාධක අයත් වන්නේ ක්‍රිස්තු පූර්ව 2400 ටය. මේ වන විට සිදු කර ඇති පුරාවිද්‍යා ගවේශන වලට අනුව මෙම යුගයට අයත් ඉතා පැහැදිළි සාක්ෂි අනාවරණය වන්නේ සබරගමු පළාතේ ඊසන දිග කොටසින් සහ ඌව පළාතේ නිරිත දිග කොටසිනි.
         මිනුවන්ගොඩ දෙවලපොල ආනන්ද මහ විදුහල් භූමියෙන් සොයාගත් සොහොන් බිමේ ඇති සොහොන්, මැටි ඔරු සුසාන/බරණි යන නම් වලින් හඳුන්වනු ලබයි. මෙම සොහොන් බිමට බොහෝ සෙයින් සමාන සොහොන් බිම් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළඹගෙආර රංචාමඩම විද්‍යාල භූමියෙන්ද , රුවන්වැල්ලේ නිකවලමුල්ල ප්‍රදේශයෙන්ද , අත්තනගල්ලේ කලඔටුවාව ප්‍රදේශයෙන්ද මීට පෙර පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.
        දෙවලපොල විදුහල් භූමියෙන් සොයාගත් මැටි ඔරු සුසාන තුළ තිබූ මැටි බඳුන් කිහිපයක කැබලි සොයාගැනීමට කැණීම් සිදුකරන මහාචාර්‍යවරු සමත් වී ඇත. මෙලෙස මැටි බඳුන් සොහොන් තුළ භාවිතා කර ඇත්තේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමටය. එසේ මැටි බඳුන් වල දමා මැටි ඔරු තුළ භෂ්මාවශේෂ තැන්පත් කිරීමට ප්‍රථමයෙන් එම මැටි ඔරු මැනවින් පුළුස්සා තිබේ. ඒවා දීර්ඝ කාලයක් තිස්සේ නොනැසී පවතින්නටද හේතුව එයයි.
         දැනට සිදු කර ඇති කැණීම් කටයුතු වලට අනුව කාලනිර්ණය කර ඇති සුසාන භූමි කිහිපයක් තිබේ. බෙරගල සුසාන භූමිය ( ක්‍රි.පූ 2400 ) , හල්දුම්මුල්ල සුසාන භූමිය ( ක්‍රි.පූ 1750 ) , රංචාමඩම සුසාන භූමිය ( ක්‍රි.පූ 1350 ) එම සුසාන භූමි වේ.
        මෙසේ දෙවලපොල ප්‍රදේශයෙන් හමුවී ඇති සුසාන භූමියේ ඇති මැටි ඔරු සුසාන නමින් හඳුන්වන සුසාන වලට අමතරව වෙනත් ක්‍රම අනුගමනය කරමින් නිර්මාණය කරන ලද සුසාන භූමිද දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හමුවී ඇත. ඒවා හැඳින්වීමට මහාශිලා සුසාන ( Megalithic burials ) හෙවත් ශිලාමංජුසා ( Cist burials ) යන නම් යොදන අතර , එවන් සොහොන් බිම් මධ්‍යම පළාතේ දඹුල්ලට නුදුරු ඉබ්බන්කටුව මහාශිලා සුසාන නමින් හඳුන්වන සුසාන භූමියෙන්ද , යාපහුවේ ගල් සොහොන් කනත්ත නමින් හඳුන්වන සුසාන භූමියෙන්ද , ගලේවෙලට නුදුරු යටිගල්පොත්ත සුසාන භූමියෙන්ද සොයාගෙන ඇත.
        මෙවන් කැණීම් කටයුතු වලින් පුරාණ මානවයාගේ සිරිත් විරිත් , සංස්කෘතික ලක්ෂණ හා සමාජ පසුබිම පිළිබඳව මනාවූ තොරතුරු සමුදායක් අනාවරණය කර ගැනීමටත් , එම දැනුම වැළලී යාමට ඉඩ නොදී සමාජගත කිරීමත් මෙම කැණීම් වල අරමුණ වන බව මෙවන් කැණීම් කටයුතු සිදුකරන පුරාවිද්‍යා මහාචාර්‍යවරුන්ගේ අදහසයි.

Saturday, October 15, 2016

පහසුවෙන්ම බ්ලොග් අඩවියක් නිර්මාණය කරමු

බ්ලොග් අඩවියක් නිර්මාණය කිරීමට ඇති පහසුම වෙබ් අඩවිය වන්නේ blogger වෙබ් අඩවියයි. එයට පිවිසීමට www.blogger.com යන වෙබ් ලිපිනය භාවිතා කරන්න. මෙතනින් එයට පිවිසෙන්න. මීට අමතරව බ්ලොග් අඩවි නිර්මාණය කිරීමට බොහෝ වෙබ් අඩවි තිබුනත් වඩා විශ්වාසී වන්නේ මෙම වෙබ් අඩවියයි.
මෙම වෙබ් අඩවිය භාවිතයෙන් බ්ලොග් එකක් නිර්මාණය කිරීමට නම් ඔබට අනිවාර්‍යයෙන්ම gmail ගිණුමක් තිබිය යුතුයි. එම වෙබ් අඩවියට යාමේදී ප්‍රථමයෙන්ම ඔබේ gmail ගිණුමට ලොග් විය යුතුයි. එසේ ලොග් වූ පසු වම් පස ඉහළ ඇති new blog යන්න ක්ලික් කර ඔබේ බ්ලොග් එකේ title එක ලබාදෙන්න. මෙම title එක ඔබේ බ්ලොග් එක සාදා අවසන් වූ විට ඉහලින් දර්ශනය වනු ඇත. පසුව address යන තැනට ඔබේ බ්ලොග් එකේ නම ලබාදෙන්න. (සැලකිය යුතුයි මෙහි නම මැදට නැවතීමේ තිත් යෙදිය නොහැකිය. වචන වෙන් කිරීමට අවශ්‍යමනම් ඉරි කෑලි යොදන්න.) පසුව template එක තෝරා දකුණු පස යට ඇති create blog යන්න තොරන්න. පසුව ඔබේ බ්ලොග් එක නිර්මාණය වනු ඇත. ඉන් පසුව open වන පිටුවේ ඇති පෑනක සංකේතයෙන් යන්නෙන් ඔබට බ්ලොග් එකක් ලිවිය හැකියි.
ඔබ  android දූරකතනයක් භාවිතා කරන්නේනම් blogger app එක google play store වෙතින් බාගත කළ හැකිය. එහිදී ප්‍රථමයෙන්ම ඉහත පරිදි ඔබේ gmail ගිණුමට් log විය යුතුය. ඔබට යම් ගැටලුවක් වෙතොත් comment එකක් දාන්න.