Tuesday, February 28, 2017
S-ene charge hybrid technology
Suzuki සමාගම විසින් 2014 වසරේ හදුනවා දෙනු ලැබූ Wagon R hybrid මෝටර් රථ දැන් ලංකාවේ සීග්‍ර අලෙවියක් පවතින මොටර් රථයක්. Wagon R FZ මෝටර් රථය හා Wagon R Stingray යනුවෙන් hybrid රථ දෙකක් හදුන්වාදුන් අතර එම රථයන් දෙකම දැන් වෙළදපොලේ රුපියල් මිලියන 3 ත් 3.5 අතර මිලකට ලබාගන්න පුළුවන්. අද මෙම ලිපියෙන් අප කතා කිරීමට සුදානම් වන්නේ එම මෝටර් රථ වල භාවිතා වන hybrid තාක්ෂනය පිළිබඳවයි.
මොකක්ද hybrid කියල කියන්නේ? අපි ඒගැන මුලින් කෙටි පැහැදිලි කිරීමක් කරගමු. hybrid කියන්නේ සිංහලෙන් නම් දෙමුහුන් යන අර්ථයයි ඒ කියන්නේ යම්කිසි දේවල් දෙකක් එකතුවීමෙන් සිදුවන දෙයක්. ප්‍රධාන වශයෙන් අපි හැමෝම දන්නා Prius, Insight, Fit, හා Outlander වැනි මෝටර් රථ ධාවනය විදුලි මෝටරයක් මගින් හා එන්ජිමක් මගින් සිදුකරනවා. එහිදී දැන් පවතින තාක්ෂනය අනුව total electric ලෙසද මෙම රථ ධාවනය කිරීමට පුළුවන්. ඒ සඳහා මෙම මෝටර් රථයන් වල වෙනම ඒසඳහා වෙන්වූ විදුලි මෝටරයක් පවතිනවා. ඒ starter මෝටරය හා alternator එකට අමතරවයි.
දැන් අපි බලමු Wagon R hybrid මෝටර් රථය ඇත්තටම hybrid මෝටර් රථයක්ද කියලා. මුලින්ම සඳහන් කලයුතු දෙයක් තමයි මෙම Wagon R FZ මෝටර් රථය හා Wagon R Stingray මෝටර් රථයන් දෙකම අඩු එන්ජින් ධාරිතාවයකින් යුතු මෝටර් රථ බව.
මෙම රථයන් පණගැන්වීමේදී සාමාන්‍ය මෝටර් රථයක් මෙන් starter මොටරයෙන් පණගැන්වෙන අතර ධාවනයේදී සිදුවන මන්දනයන් (deceleration) වලදී අපතේ යන ශක්තිය ISG උපාංගය මඟින් විද්‍යුත් ශක්තිය බවට පත්කර Lithium-Iron බැටරියක් තුල හා සාමාන්‍ය lead acid බැටරියක්ද ආරෝපණය කරගන්නවා. මේම විදුලිය මෝටර් රථයේ විදුලි අවශ්‍යතාවන් සඳහා යොදාගන්න අතර එන්ජිමට අමතර බලයක් අවශ්‍ය වන ත්වරණයකදී (acceleration) එකකදී IGS එක මගින් එන්ජිමට කිරීමට සිදුවන කාර්යද අඩුකරනු ලබනවා. මිට අමතරව තිරිංග දීම මගින් රථය නැවත්විමේදී, Idling stop එකකදී වේගය 13km/h හෝ ඊට අඩුවූ විට එන්ජිම නතර වන අතර නැවත ගමන ආරම්භ කිරීමට තිරිංග ලිහිල් කිරීමත් සමග ඉතාමත් සුමට ලෙස එන්ජිම පනගැන්වීමද මෙම ISG උපාංගය මගින් සිදුකරනු ලබනවා. මෙම තාක්ෂනය eNe-CHARGE ලෙස සුසුකි සමාගම නම්කර ඇති අතර මෙය ඇත්තටම hybrid තාක්ෂණයට සමාන වුවද මෙය energy harvesting method එකක් ලෙස හැදින්වීම වඩාත් නිවැරදියි.
තවද මෙහි පවතින Lithium-Iron බැටරිය මගින් වායුසමීකරණය පද්ධතිය ක්‍රියාත්මක වීමක් සිදු කෙරෙන්නේ නැ. Idling stop එකකදී එන්ජිම නතරවුවිට fan එක පමණක් ක්‍රියාත්මකවන අතර eco-cool නම් ක්‍රමවේදයක් මගින් ඔව්න් සිසිල් වාතය එන්ජිම නතරවුවිට ලබාදෙනවා. මෙම eco cool තාක්ෂනය මගින් සිදුවන්නේ වායුසමන පද්ධතිය ක්‍රියාකරන විත එහි ඇති freezable substance (ද්‍රවයකි ) එකක් freeze කිරීමයි. ඉන්පසු මෙලෙස freeze වී ඇති ද්‍රව්‍ය හරහා එන්ජිම නැවත්වුවිට වාතය ගලායාමට සැලැස්වීම මගින් සිසිල් වාතය ලබාදෙනවා . 660 cc ප්‍රමාණයේ කුඩා එන්ජිමක් සමග eNe-CHARGE හා eco-cool වැනි තාක්ෂනයන් මගින් තම කාර්යක්ෂමතාවය ඉතා ඉහල මට්ටමක තබාගෙන ඇති මෙම රථය ලීටරයකින් කිලෝමීටර 32.4ක දුරක් ගමන්කිරීමට සමත්වනවා. නමුත් මෙම කිලෝමීටර ප්‍රමාණය ධාවනය කරන මාර්ගය ධාවනය කරන ආකාරය අනුව වෙනස් වෙනවා. Suzuki Stingray , stingray jstyle යන model දෙකෙහිම RBS(RADAR BRAKE SYSTEM)තියනවා. ඒකෙන් වෙන්නෙ ඉදිරිපස යමක ගැටීමට ආ විට වාහනය ඉබේම නැවතීමයි. ඒ වුනාට 2015 WagonR එකේ මෙම පහසුකම නෑ. ඉතින් ඔයාලට මේ වාහනය ගැන තියන ඕනෑම ගැටලුවක් පහලින් Comment කරන්න පුලුවන්.
Sunday, February 26, 2017
Toyota සමාගමේ නව Off road රථය.
මෙම නවීන පහසුකම් සපිරි රථය ඉදිකොට ඇත්තේ ඉතාම නිර්භීතව ජංගම අණ දෙන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කළහැකි ආකාරයටයි. body-on-frame ආකෘතියට අනුකූලව නැවත නිපදවා ඇති මෙම රථය පිළිබඳව ටොයොටා ආයතනය හඬනඟා කියන්නේ 4x4 ට්රක්රථ රාමුව තවත් ශක්තිමත් කරමින් මිනිවෑන් වලට අවශ්‍ය උත්තේජනය මේ තුලින් ලබාදෙන බවයි. මෙම රථය දිවෙන උස අඟල් 4කින් එසවියහැකි ආකාරයට මෙහි චැසිය වැඩිදියුණු කර දුර ධාවනය කළහැකි අවලම්බන ශක්තියකින් සම්බන්ධ කරඇත. රෝද අඟල් 15.75ක් එසවිය හැකිය. TRD Supercharger උපකරණයකින්ද සමන්විත මෙම රථය එන්ජිමෙහි බලය වැඩිකරන අතර wilwood තිරිංග පද්ධතියෙන් වාහනය එකවර නතර කිරීමේ හැකියාවද ඉහළ තලයක පවතී. මුලදී මෙම රථය අසාමාන්‍ය පෙනුමක් ගත් බැවින් ටොයොටා ආයතන විසින් මෙහි පිටතට හැපීම වළකන ආවරණ, තිරිංගල, පිටුපස බම්පර් ආවරණ යනාදියෙන් ආවරණය කොට ඇති අතර වේගය පාලනය කරන උපකරණ සමඟම දල ලෝහ (matte) පෙනුමකින් මෙහි නිමාව සකස් කොට ඇත. එමෙන්ම රථයෙහි වහලය ආවරණයට LED ආලෝක පද්ධතියක්ද යොදා ඇත.
රථයෙහි නිපැයුම් කාලය තුල ටොයොටා ආයතනය විසින් මෙහි ඉතා විශාල රෝදය සහ ටයරයෙහි එකතුව පිළිබඳව අවබෝධ කොටගෙන ඇත. එමනිසා ඉදිරිපස දොර නැවත සාදා ඇත. එහා මෙහා කළහැකි දොරට මෝටර් සවිකොට ඉදිරිපස දොර අසව් කරඇත. ඒ හේතුවෙන් මෙම රථය අශ්ව කරත්තයක පෙනුමට සමාන වන අතර පෙර තිබූ අසාමාන්‍ය පෙනුමද පහව ගොස් ඇත.
සාමන්‍ය 4x4 ආකෘතියෙන් එහා ගිය මිනිවෑන් ආකෘතියකට මෙම අණ දෙන මධ්‍යස්ථානය ටොයොටා ආයතනය විසින් නිපදවා ඇත්තේ මන්ද යන්න පුදුමයට කරුණකි. නමුත් ටොයොටා ආයතන උතුරු ඇමරිකාව මූලික කොටගෙන දැනටමත් Land Cruiser සහ 4Runner වාහන දෙක නිපදවා ඇත. මෙහිදී ටොයොටා ආයතනය විස්තර කරදී ඇති ආකාරයට මෙම ඉහළ තාක්ෂණයෙන් යුත් ජංගම කාර්යාලයක් බඳු රථය ඇතුලත ඉතා ඉහළ ගණයේ පහසුකම් සේම ඉඩකඩද හොඳින් ඇති බව පෙනී යයි.
තාක්ෂණය ඔස්සේ ටොයොටා ප්‍රධාන කාර්යාලය හා සම්බන්ධ වී තොරතුරු හුවමාරු කරගැනීමයි. මෙම රථය තුල අන්තර්ගත ඉහළ ගණයේ තාක්ෂණ පහසුකම් අතර අඟල් 60 sony වර්ගයේ රූපවාහිනියක්, මාර්ග පෙන්වන ජංගම චන්ද්‍රිකා රූපවාහිනී යන්ත්‍රයක්, අන්තර්ජාල පහසුකම, ලැප්ටොප් පරිගනක රඳවන, Wi-fi තාක්ෂණය, අඟල් 17 මොනිටරයක්, USB ports, වොට් 2,500 ශ්‍රව්‍ය පද්ධතියක් සහ M-324 xp රාත්‍රී කාලයේ පටිගත කළහැකි කැමරා පද්ධතියක්ද වේ.
Saturday, February 25, 2017
Asus සමාගමෙන් කැමරා 3 ක් සහිත දුරකතනයක්.
Asus සමාගම විසින් නිපදවූ මෙම දුරකථනය 8GB RAM ධාරිතාවකට හිමිකම් කියමින් ලොව දැනට විශාලතම RAM සහිත දුරකථනය බවට පත්ව ඇත. නමුත් අපි මෙය තෝරා ගත්තේ එහි දැවැන්ත RAM අගය නිසා නොව අනෙකුත් පහසුකම් නිසාය. VR හෙවත් Virtual Reality පිලිබඳ නොදන්නා අයෙක් අද නොමැති තරම්ය. Google සමාගම සිය නවතම Android මෙහෙයුම් පද්ධතිය හරහා VR සඳහාම සුවිශේෂී වූ Daydream VR නම් පහසුකමක්ද සපයා දී ඇත. කෙසේ වුවද Augmented Reality හෙවත් AR පිලිබඳ හරි හැටි දන්නා අය තරමක් අඩු බව කිව යුතුය. VR මඟින් සම්පුර්ණයෙන්ම ත්‍රිමාණ ලොවක් VR Headset එකක් හරහා අප දෑස ඉදිරියේ මවන ……. AR මඟින් අරුම ත්‍රිමාණ ලොවක් අප දෑස ඉදිරියේ මවයි. AR මඟින් දුරකතනයේ කැමරාව භාවිතා කර අවට සැබෑ ලොව රූපගත කර ත්‍රිමාණ රූපයක් එම පසුබිමට එක් කර සජීවීව දුරකථන තිරය හරහා එය දර්ශනය කරවනු ලබයි. පසුගිය වකවානුවේ නිකුත් වු Pokemon Go ක්‍රීඩාව හා Microsoft සමාගම තොරතුරු ඉදිරිපත් කළ Microsoft HoloLens පහසුකම AR සඳහා උදාහරණ වේ.
Asus cZenfone AR උපාංගය Google Daydream VR සඳහා Support කරනු ලබන අතර දුරකතනයේ නම පරිදිම AR සඳහාම නිපදවූ උපාංගයන් වේ. AR සඳහා Google සමාගම නිපදවූ මෘදුකාංග පසුබිම වන Google Tango පහසුකම භාවිතාවට ගන්නා මෙම උපාංගය සිය කැමරා භාවිතාවෙන් පසුබිමෙහි දුර, ගැඹුර හා චලනය වන වස්තු පිලිබඳ දත්ත (Depth Sensing, Area learning, Motion Tracking) රැස් කර AR ලොවක් නිර්මාණය කිරීම සිදු කරයි. ලොව ප්‍රථම Google Tango Ready උපාංගය වන මෙයට AR සඳහා පිටුපස කැමරා 3ක් ලබාදී ඇත. පිටුපස ප්‍රධාන කැමරාව 23MP F/20 සතිත කැමරාවක් වන අතර එහි Laser Autofocus, 3X Optical Zoom හා Optical Image Stabilization මෙන්ම ත්‍රිත්ව LED Flasher වැනි පහසුකම්ද අන්තර්ගත වේ. මීට අමතරව දුරකතනයේ පිටුපස Depth sensing හා Motion Tracking සඳහා වෙනම කැමරා දෙකක් අන්තර්ගතය.
Lambhogini සමාගමේ අලුත්ම රථය
සාමාන්‍ය Aventador රථයේ අශ්වබල 691ක V12 එන්ජිම වෙනුවට Aventador රථයේ තවත් වැඩි දියුණු කළ V12 එන්ජිම මඟින් තවත් අශ්වබල 40ක් රථයට එක් කරයි. නව සැහැල්ලු සයිලන්සර පද්ධතිය නිසා මෙම රථයේ දැවැන්ත එන්ජිමේ හඬ තවත් අඩු වන අතරම තත්පර 2.9 කදී පැයට කිලෝමීටර 100ක වේගයකට ලඟා වීමට හැකිය. රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර 350කි. මිලට ගන්නාගේ අභිමතය පරිදි වර්ණ කිහිපයකින්ම මිලට ගත හැකි මෙම සුපිරි මෝටර් රථය වර්ග කිහිපයකින්ම නිකුත් වන අතර ආසන, ඇතුලත හා ඉදිරිපස පැනලය ඕනෑම වර්ණ සංකලනයකින් නිපදවීමට හැකි බව සමාගම පවසා සිටියි. මෙම රථයේ විවිධාකාර තාක්ෂණික පද්ධති රාශියක් ඇති අතර Apple Car Play පහසුකම ඒ අතරින් එක් නම්යතාවයකි. රථයේ Suspension හා Break පද්ධති නවීකරණය කර රථය අධික වේගයෙන් ගමන් කිරීමේදී පාලනයෙන් ගිලිහීම වැලක්වීමට කටයුතු කර ඇති අතර Four wheel drive මෝටර් රථයක් වන මෙහි නවතම ඉලෙක්ට්‍රොනික් පද්ධතියක් මඟින් දැවැන්ත එන්ජිමෙන් ලබා දෙන බලය විවිධ වේග සීමා සහ හැරවීම් වලදී අඩු වැඩි වශයෙන් ඉදිරිපස හා පිටුපස රෝදවලට ලබා දෙමින් රථයේ ධාවන ස්ථාවරත්වය උපරිම කරයි.
නව Aventador – S රථයේ ඇති තවත් නම්‍යතාවයක් වන්නේ Rear wheel steer system නම් වූ නවතම පද්ධතියයි. මෙමඟින් රථය හැරවීමේදී ඉදිරිපස රෝද පමණක් නොව පිටුපස රෝදද ස්වයංක්‍රියව අංශක කිහිපයක් හැරවි රථය හැසිරවීම කාර්යක්ෂම කරයි. මෙම ස්වයංක්‍රිය පද්ධතිය මඟින් පැයට කිලෝමීටර 50ට අඩු වේගවලදී ඉදිරිපස රෝද හැරෙන අතට විරුද්ධ පැත්තට පිටුපස රෝද හරවන අතර අධිවේගී ධාවනයේදී ඉදිරිපස රෝද හැරෙන අතටම පිටුපස රෝද ස්වයංක්‍රියව හැරවී උපරිම පාලනයක් ලබා දෙයි. හැඩයේ හා නිමාවේ එතරම් වෙනසක් නොමැති වුවද ඉදිරිපස හා රෝද අවට ඇති විශාල Grille පිටුපස ඇති වායු පීඩනය අවම කරන fins හා අධික වේගයෙන් ධාවනය වන විට ස්වයංක්‍රියව එසවෙන පිටුපස spoiled එකද අතිරේකාංග වේ. අලංකාරය, තාක්ෂණය, ජවය හා වේගය මැනවින් කියාපාන Lamborghini Aventator – S රථය ඇ.ඩො. 421,350ක් මිල වනු ඇති බව Lamborghini සමාගම පවසන අතර මෙය Lamborghini සමාගමේ නොසැලෙන නාමය තවත් වේගයෙන් ඉදිරියට ගෙන යන රථයක් වනු ඇත.
volkswagen සමාගමෙන් අධිතාක්ෂණික රථයක්
අද අපි මේ අඳුනගන්න යන්නෙ වොක්ස්වැගන් සමාගම නිෂ්පාදනය කරන්න යන අධිතාක්ෂණික වාහනයක් ගැනයි. VW යන කෙටි නාමයෙන් හඳුන්වන Volkswagen මෝටර් රථ සමාගම ඉතිහාසයේ ජනප්‍රියතම මෝටර් රථ නිපදවූ සමාගම්වලින් එකක්. ඔවුන්ගේ Minibus වෑන් රථය කලක් ලොව පුරා අතිශය ජනප්‍රිය වූ රථයක් වූ අතර එය තවමත් සොයන VW රසිකයන් ඉන්නවා. 1950 ආසන්නයේදී පළමු වර නිපදවූ VW Minibus රථය Microbus, Kombi, Transporter හෝ Microbus යන නම්වලින් හඳුන්වනවා. මෙය පසුගිය වසර ගණනාව තුල විවිධාකාරයෙන් වෙනස් වෙමින්, නවීකරණය වෙමින් හා දියුණු වෙමින් නිපදවනු ලැබූ මෙම රථයේ නවතම සංස්කරණයේ ආදර්ශනයක් පසුගියදා, VW සමාගම විසින් ඉදිරිපත් කළා.
2020 වන විට නිපදවීමට සැලසුම් කරන මෙම නවතම රථය VW I.D. Buzz යන කේත නාමයෙන් හදුන්වනවා. සම්පුර්ණ විදුලි බලයෙන් ක්‍රියාකරන smart රථයක් වන මෙය සම්පුර්ණයෙන්ම නව හැඩයක්, පෙනුමක් හා තාක්ෂනිකාංගයන්ගෙන් සන්නද්ධව නිපදවනු ඇති අතර මෙම රථය බොහෝ ප්‍රයෝජන ලබා ගත හැකි Multipurpose රථයක් ලෙස හඳුන්වන්න පුලුවන්. ආසන 6ක් ඇති මෙම රථයේ ස්වයං ධාවන පහසුකම් ඇති බැවින් අවශ්‍ය විටක ඕනෑම ආසනයක් ඕනෑම අතකට හැරවීමට (රියදුරු අසුන පවා) හැකි අතර ආසන පහලට නවා බඩු බාහිර ආදිය ඇසිරීමට ඉඩකඩ ලබා ගත හැකියි. රේඩාර් අතිධ්වනි තරංග සංවේදක, කැමරා හා ලේසර් සංවේදක මඟින් මාර්ගය නිරීක්ෂණය කරන I.D. Buzz රථය ස්පර්ශ සංවේදී තිරයක් සහිත සුක්කානමකින් සමන්විතයි. සුක්කානම පහලට තෙරපු විට එය dashboard එක තුල සැඟව යන අතර රථය එවිට පුර්ණ ස්වයංක්‍රිය ධාවනය අරඹනවා. පහත රූපය බලන්න.
රියදුරු අසුන හා ඉදිරිපස මගී අසුන අතර විශාල Touch screen එකක් ඇති අතර එය අවශ්‍ය විටක ගලවා ඔබත් සමඟ ගෙන යෑමට හැකියි. මීට අමතරව රථයේ ඉදිරිපස වීදුරුවද දැවැන්ත විනිවිද පෙනෙන තිරයක් වන බැවින් කිසිවෙකු රථය ධාවනය කරන විට වේගය පිටුපසින් එන වාහන, map එක හා විවිධ notification එය මත දර්ශනය වේ. 111 kwh බැටරි පද්ධතියක් හා all wheel drive electric powertrain සමන්විත බැවින් අශ්වබල 369ක් නිපදවීමට මෙම රථයට හැකියි. තවද VW සමාගම, මිලෙන් හා බලයෙන් තරමක් අඩු 83 kwh බැටරියක් ඇති පිටුපස රෝදවලින් ධාවනය වන මාදිලියන්ද නිපදවනු ඇත. Wireless charging හා cable charging ඇති මෙයට මිනිත්තු 30 කදී බැටරියෙන් 80%ක් Charge කර ගැනීමට හැකි අතරම එක්වරක් Charge කර පසු කිලෝමීටර 600ක් ගමන් කිරීමට මෙයට හැකියාව ඇත. Volkswagen සමාගම නුදුරේදීම මෙම රථයේ අත්හදා බැලීම් මාදිලි හෙවත් prototypes නිකුත් කර ඇති මෙම රථයද පෙර රථ මෙන් ජනප්‍රිය වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.
2020 වන විට නිපදවීමට සැලසුම් කරන මෙම නවතම රථය VW I.D. Buzz යන කේත නාමයෙන් හදුන්වනවා. සම්පුර්ණ විදුලි බලයෙන් ක්‍රියාකරන smart රථයක් වන මෙය සම්පුර්ණයෙන්ම නව හැඩයක්, පෙනුමක් හා තාක්ෂනිකාංගයන්ගෙන් සන්නද්ධව නිපදවනු ඇති අතර මෙම රථය බොහෝ ප්‍රයෝජන ලබා ගත හැකි Multipurpose රථයක් ලෙස හඳුන්වන්න පුලුවන්. ආසන 6ක් ඇති මෙම රථයේ ස්වයං ධාවන පහසුකම් ඇති බැවින් අවශ්‍ය විටක ඕනෑම ආසනයක් ඕනෑම අතකට හැරවීමට (රියදුරු අසුන පවා) හැකි අතර ආසන පහලට නවා බඩු බාහිර ආදිය ඇසිරීමට ඉඩකඩ ලබා ගත හැකියි. රේඩාර් අතිධ්වනි තරංග සංවේදක, කැමරා හා ලේසර් සංවේදක මඟින් මාර්ගය නිරීක්ෂණය කරන I.D. Buzz රථය ස්පර්ශ සංවේදී තිරයක් සහිත සුක්කානමකින් සමන්විතයි. සුක්කානම පහලට තෙරපු විට එය dashboard එක තුල සැඟව යන අතර රථය එවිට පුර්ණ ස්වයංක්‍රිය ධාවනය අරඹනවා. පහත රූපය බලන්න.
රියදුරු අසුන හා ඉදිරිපස මගී අසුන අතර විශාල Touch screen එකක් ඇති අතර එය අවශ්‍ය විටක ගලවා ඔබත් සමඟ ගෙන යෑමට හැකියි. මීට අමතරව රථයේ ඉදිරිපස වීදුරුවද දැවැන්ත විනිවිද පෙනෙන තිරයක් වන බැවින් කිසිවෙකු රථය ධාවනය කරන විට වේගය පිටුපසින් එන වාහන, map එක හා විවිධ notification එය මත දර්ශනය වේ. 111 kwh බැටරි පද්ධතියක් හා all wheel drive electric powertrain සමන්විත බැවින් අශ්වබල 369ක් නිපදවීමට මෙම රථයට හැකියි. තවද VW සමාගම, මිලෙන් හා බලයෙන් තරමක් අඩු 83 kwh බැටරියක් ඇති පිටුපස රෝදවලින් ධාවනය වන මාදිලියන්ද නිපදවනු ඇත. Wireless charging හා cable charging ඇති මෙයට මිනිත්තු 30 කදී බැටරියෙන් 80%ක් Charge කර ගැනීමට හැකි අතරම එක්වරක් Charge කර පසු කිලෝමීටර 600ක් ගමන් කිරීමට මෙයට හැකියාව ඇත. Volkswagen සමාගම නුදුරේදීම මෙම රථයේ අත්හදා බැලීම් මාදිලි හෙවත් prototypes නිකුත් කර ඇති මෙම රථයද පෙර රථ මෙන් ජනප්‍රිය වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.
Subscribe to:
Posts (Atom)
-
ශාක සාරයන්ගෙන් හදපු ඖෂධ දේශිය වෙදකම ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඒ වගේ එක ඖෂධීය ශාකයක් විදිහට වැල්කහඹිලියා ශාකය හඳුන්වන්න පුලුවන්. මේ ශාකය වල...
-
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමියක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙවලපොල ආනන්ද මහා විද්‍යාල භූමියෙන් හම...
-
Suzuki සමාගම විසින් 2014 වසරේ හදුනවා දෙනු ලැබූ Wagon R hybrid මෝටර් රථ දැන් ලංකාවේ සීග්‍ර අලෙවියක් පවතින මොටර් රථයක්. Wagon R FZ මෝට...