Pages

Saturday, February 25, 2017

volkswagen සමාගමෙන් අධිතාක්ෂණික රථයක්

අද අපි මේ අඳුනගන්න යන්නෙ වොක්ස්වැගන් සමාගම නිෂ්පාදනය කරන්න යන අධිතාක්ෂණික වාහනයක් ගැනයි.  VW යන කෙටි නාමයෙන් හඳුන්වන Volkswagen මෝටර් රථ සමාගම ඉතිහාසයේ ජනප්‍රියතම මෝටර් රථ නිපදවූ සමාගම්වලින් එකක්. ඔවුන්ගේ Minibus වෑන් රථය කලක් ලොව පුරා අතිශය ජනප්‍රිය වූ රථයක් වූ අතර එය තවමත් සොයන VW රසිකයන් ඉන්නවා. 1950 ආසන්නයේදී පළමු වර නිපදවූ VW Minibus රථය Microbus, Kombi, Transporter හෝ Microbus යන නම්වලින් හඳුන්වනවා. මෙය පසුගිය වසර ගණනාව තුල විවිධාකාරයෙන් වෙනස් වෙමින්, නවීකරණය වෙමින් හා දියුණු වෙමින් නිපදවනු ලැබූ මෙම රථයේ නවතම සංස්කරණයේ ආදර්ශනයක් පසුගියදා, VW සමාගම විසින් ඉදිරිපත් කළා.

 2020 වන විට නිපදවීමට සැලසුම් කරන මෙම නවතම රථය VW I.D. Buzz යන කේත නාමයෙන් හදුන්වනවා. සම්පුර්ණ විදුලි බලයෙන් ක්‍රියාකරන smart රථයක් වන මෙය සම්පුර්ණයෙන්ම නව හැඩයක්, පෙනුමක් හා තාක්ෂනිකාංගයන්ගෙන් සන්නද්ධව නිපදවනු ඇති අතර මෙම රථය බොහෝ ප්‍රයෝජන ලබා ගත හැකි Multipurpose රථයක් ලෙස හඳුන්වන්න පුලුවන්. ආසන 6ක් ඇති මෙම රථයේ ස්වයං ධාවන පහසුකම් ඇති බැවින් අවශ්‍ය විටක ඕනෑම ආසනයක් ඕනෑම අතකට හැරවීමට (රියදුරු අසුන පවා) හැකි අතර ආසන පහලට නවා බඩු බාහිර ආදිය ඇසිරීමට ඉඩකඩ ලබා ගත හැකි‍යි. රේඩාර් අතිධ්වනි තරංග සංවේදක, කැමරා හා ලේසර් සංවේදක මඟින් මාර්ගය නිරීක්ෂණය කරන I.D. Buzz රථය ස්පර්ශ සංවේදී තිරයක් සහිත සුක්කානමකින් සමන්විතයි. සුක්කානම පහලට තෙරපු විට එය dashboard එක තුල සැඟව යන අතර රථය එවිට පුර්ණ ස්වයංක්‍රිය ධාවනය අරඹනවා. පහත රූපය බලන්න.



 රියදුරු අසුන හා ඉදිරිපස මගී අසුන අතර විශාල Touch screen එකක් ඇති අතර එය අවශ්‍ය විටක ගලවා ඔබත් සමඟ ගෙන යෑමට හැකියි. මීට අමතරව රථයේ ඉදිරිපස වීදුරුවද දැවැන්ත විනිවිද පෙනෙන තිරයක් වන බැවින් කිසිවෙකු රථය ධාවනය කරන විට වේගය පිටුපසින් එන වාහන, map එක හා විවිධ notification එය මත දර්ශනය වේ. 111 kwh බැටරි පද්ධතියක් හා all wheel drive electric powertrain සමන්විත බැවින් අශ්වබල 369ක් නිපදවීමට මෙම රථයට හැකියි. තවද VW සමාගම, මිලෙන් හා බලයෙන් තරමක් අඩු 83 kwh බැටරියක් ඇති පිටුපස රෝදවලින් ධාවනය වන මාදිලියන්ද නිපදවනු ඇත. Wireless charging හා cable charging ඇති මෙයට මිනිත්තු 30 කදී බැටරියෙන් 80%ක් Charge කර ගැනීමට හැකි අතරම එක්වරක් Charge කර පසු කිලෝමීටර 600ක් ගමන් කිරීමට මෙයට හැකියාව ඇත. Volkswagen සමාගම නුදුරේදීම මෙම රථයේ අත්හදා බැලීම් මාදිලි හෙවත් prototypes නිකුත් කර ඇති මෙම රථයද පෙර රථ මෙන් ජනප්‍රිය වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

No comments:

Post a Comment