සාමාන්‍ය Aventador රථයේ අශ්වබල 691ක V12 එන්ජිම වෙනුවට Aventador රථයේ තවත් වැඩි දියුණු කළ V12 එන්ජිම මඟින් තවත් අශ්වබල 40ක් රථයට එක් කරයි. නව සැහැල්ලු සයිලන්සර පද්ධතිය නිසා මෙම රථයේ දැවැන්ත එන්ජිමේ හඬ තවත් අඩු වන අතරම තත්පර 2.9 කදී පැයට කිලෝමීටර 100ක වේගයකට ලඟා වීමට හැකිය. රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර 350කි. මිලට ගන්නාගේ අභිමතය පරිදි වර්ණ කිහිපයකින්ම මිලට ගත හැකි මෙම සුපිරි මෝටර් රථය වර්ග කිහිපයකින්ම නිකුත් වන අතර ආසන, ඇතුලත හා ඉදිරිපස පැනලය ඕනෑම වර්ණ සංකලනයකින් නිපදවීමට හැකි බව සමාගම පවසා සිටියි. මෙම රථයේ විවිධාකාර තාක්ෂණික පද්ධති රාශියක් ඇති අතර Apple Car Play පහසුකම ඒ අතරින් එක් නම්‍යතාවයකි. රථයේ Suspension හා Break පද්ධති නවීකරණය කර රථය අධික වේගයෙන් ගමන් කිරීමේදී පාලනයෙන් ගිලිහීම වැලක්වීමට කටයුතු කර ඇති අතර Four wheel drive මෝටර් රථයක් වන මෙහි නවතම ඉලෙක්ට්‍රොනික් පද්ධතියක් මඟින් දැවැන්ත එන්ජිමෙන් ලබා දෙන බලය විවිධ වේග සීමා සහ හැරවීම් වලදී අඩු වැඩි වශයෙන් ඉදිරිපස හා පිටුපස රෝදවලට ලබා දෙමින් රථයේ ධාවන ස්ථාවරත්වය උපරිම කරයි.
නව Aventador – S රථයේ ඇති තවත් නම්‍යතාවයක් වන්නේ Rear wheel steer system නම් වූ නවතම පද්ධතියයි. මෙමඟින් රථය හැරවීමේදී ඉදිරිපස රෝද පමණක් නොව පිටුපස රෝදද ස්වයංක්‍රියව අංශක කිහිපයක් හැරවි රථය හැසිරවීම කාර්යක්‍ෂම කරයි. මෙම ස්වයංක්‍රිය පද්ධතිය මඟින් පැයට කිලෝමීටර 50ට අඩු වේගවලදී ඉදිරිපස රෝද හැරෙන අතට විරුද්ධ පැත්තට පිටුපස රෝද හරවන අතර අධිවේගී ධාවනයේදී ඉදිරිපස රෝද හැරෙන අතටම පිටුපස රෝද ස්වයංක්‍රියව හැරවී උපරිම පාලනයක් ලබා දෙයි. හැඩයේ හා නිමාවේ එතරම් වෙනසක් නොමැති වුවද ඉදිරිපස හා රෝද අවට ඇති විශාල Grille පිටුපස ඇති වායු පීඩනය අවම කරන fins හා අධික වේගයෙන් ධාවනය වන විට ස්වයංක්‍රියව එසවෙන පිටුපස spoiled එකද අතිරේකාංග වේ. අලංකාරය, තාක්ෂණය, ජවය හා වේගය මැනවින් කියාපාන Lamborghini Aventator – S රථය ඇ.ඩො. 421,350ක් මිල වනු ඇති බව Lamborghini සමාගම පවසන අතර මෙය Lamborghini සමාගමේ නොසැලෙන නාමය තවත් වේගයෙන් ඉදිරියට ගෙන යන රථයක් වනු ඇත.
No comments:
Post a Comment