Pages

Saturday, February 25, 2017

Asus සමාගමෙන් කැමරා 3 ක් සහිත දුරකතනයක්.


 Asus සමාගම විසින් නිපදවූ මෙම දුරකථනය 8GB RAM ධාරිතාවකට හිමිකම් කියමින් ලොව දැනට විශාලතම RAM සහිත දුරකථනය බවට පත්ව ඇත. නමුත් අපි මෙය තෝරා ගත්තේ එහි දැවැන්ත RAM අගය නිසා නොව අනෙකුත් පහසුකම් නිසාය. VR හෙවත් Virtual Reality පිලිබඳ නොදන්නා අයෙක් අද නොමැති තරම්ය. Google සමාගම සිය නවතම Android මෙහෙයුම් පද්ධතිය හරහා VR සඳහාම සුවිශේෂී වූ Daydream VR නම් පහසුකමක්ද සපයා දී ඇත. කෙසේ වුවද Augmented Reality හෙවත් AR පිලිබඳ හරි හැටි දන්නා අය තරමක් අඩු බව කිව යුතුය. VR මඟින් සම්පුර්ණයෙන්ම ත්‍රිමාණ ලොවක් VR Headset එකක් හරහා අප දෑස ඉදිරියේ මවන ……. AR මඟින් අරුම ත්‍රිමාණ ලොවක් අප දෑස ඉදිරියේ මවයි. AR මඟින් දුරකතනයේ කැමරාව භාවිතා කර අවට සැබෑ ලොව රූපගත කර ත්‍රිමාණ රූපයක් එම පසුබිමට එක් කර සජීවීව දුරකථන තිරය හරහා එය දර්ශනය කරවනු ලබයි. පසුගිය වකවානුවේ නිකුත් වු Pokemon Go ක්‍රීඩාව හා Microsoft සමාගම තොරතුරු ඉදිරිපත් කළ Microsoft HoloLens පහසුකම AR සඳහා උදාහරණ වේ.

 Asus cZenfone AR උපාංගය Google Daydream VR සඳහා Support කරනු ලබන අතර දුරකතනයේ නම පරිදිම AR සඳහාම නිපදවූ උපාංගයන් වේ. AR සඳහා Google සමාගම නිපදවූ මෘදුකාංග පසුබිම වන Google Tango පහසුකම භාවිතාවට ගන්නා මෙම උපාංගය සිය කැමරා භාවිතාවෙන් පසුබිමෙහි දුර, ගැඹුර හා චලනය වන වස්තු පිලිබඳ දත්ත (Depth Sensing, Area learning, Motion Tracking) රැස් කර AR ලොවක් නිර්මාණය කිරීම සිදු කරයි. ලොව ප්‍රථම Google Tango Ready උපාංගය වන මෙයට AR සඳහා පිටුපස කැමරා 3ක් ලබාදී ඇත. පිටුපස ප්‍රධාන කැමරාව 23MP F/20 සතිත කැමරාවක් වන අතර එහි Laser Autofocus, 3X Optical Zoom හා Optical Image Stabilization මෙන්ම ත්‍රිත්ව LED Flasher වැනි පහසුකම්ද අන්තර්ගත වේ. මීට අමතරව දුරකතනයේ පිටුපස Depth sensing හා Motion Tracking සඳහා වෙනම කැමරා දෙකක් අන්තර්ගතය.

No comments:

Post a Comment