Pages

Sunday, February 26, 2017

Toyota සමාගමේ නව Off road රථය.

 ටොයොටා ආයතනය විසින් මාස කිහිපයකට ඉහතදී එළිදැක්වූ නවීන පහසුකම් පිරි රථය පිළිබඳව සියළුදෙනා විකාරරූපී අදහසක් මවාගෙන සිටියද මේ වනවිට ටොයොටා ආයතනය විසින් එහි සියළු තොරතුරු හෙළිදරව් කිරීමත් සමඟම එම රථය සිතූ ආකාරයට වඩා හොඳ යැයි සිතේ. එහි ඇතුලතින් මෙන්ම පිටතින්ද නවීන පන්නයේ පහසුකම් පිරි මිනිවෑන් වර්ගයට අයත් රථයක් වන අතර ලොව ගමන් කිරීමට ඉතාම අපහසු භූමි ප්‍රදේශයකට වුවද ගමන් කිරීමේ හැකියාව මෙම රථය සතු වේ. එපමණක් නොව ඉතා ඉහළ ගනයේ තාක්ෂණික උපකරණ වලින් සමන්විත මෙම වාහනයට ලොව ඕනෑම තැනක සිට ජංගම වැඩ බිමක් ලෙසටද කටයුතු කළහැක. පසුගිය සතියක SEMA වෙළඳ ප්‍රදර්ශනයේදී මෙම නවතම රථය ද මිනිසුන්ට දැකබලාගැනීමේ අවස්ථාව උදා විය. මෙම රථය නිර්මාණය කොට ඇත්තේ සැතපුම් 16,500ක් (කිලෝමීටර 26,500ක්) දුර උතුරු ඇමරිකානු චාරිකාවක් සඳහායි. ටොයොටා ආයතනයේ ඉහළම ඝනයේ ගවේෂණයක් වන්නේ ලොව මහාද්වීප අතුරින් උතුරු ඇමරිකානු මහාද්වීපය හරහා නව නිපැයුම් වාහන ගමන් කරවා අත්හදා බැලීමයි. මෙහිදී අතිශය වෙහෙසකර මාර්ග චාරික සඳහා ඉන්ජිනේරුවරුන් යොදවා ටොයොටා වාහන ඒවායේ සීමාවන් වෙත ගෙනයමින් අත්හදා බැලීම් සිදුකර ගණුදෙනුකරුවන් සමඟ රැඳී සිටීම මොවුන්ගේ අභිප්‍රාය වේ. මේ වනවිටත් ටොයොටා සමාගම උතුරු ඇමරිකානු ප්‍රදේශයේ දැඩි උණුසුම් ප්‍රදේශ හරහා තම ගමන අවසන් කොට ඇති අතර ඔවුන් ඉතා ඉක්මණින්ම කැනඩාව සහ ඇලස්කාව යන රටවල් හරහා දැඩි ශීත කාලගුණ සහිත තත්වයන් ඔස්සේ තම චාරිකාව අරඹනු ඇති.

 මෙම නවීන පහසුකම් සපිරි රථය ඉදිකොට ඇත්තේ ඉතාම නිර්භීතව ජංගම අණ දෙන මධ්යස්ථානයක් ලෙස ක්‍රියා කළහැකි ආකාරයටයි. body-on-frame ආකෘතියට අනුකූලව නැවත නිපදවා ඇති මෙම රථය පිළිබඳව ටොයොටා ආයතනය හඬනඟා කියන්නේ 4x4 ට්‍රක්‍රථ රාමුව තවත් ශක්තිමත් කරමින් මිනිවෑන් වලට අවශ්‍ය උත්තේජනය මේ තුලින් ලබාදෙන බවයි. මෙම රථය දිවෙන උස අඟල් 4කින් එසවියහැකි ආකාරයට මෙහි චැසිය වැඩිදියුණු කර දුර ධාවනය කළහැකි අවලම්බන ශක්තියකින් සම්බන්ධ කරඇත. රෝද අඟල් 15.75ක් එසවිය හැකිය. TRD Supercharger උපකරණයකින්ද සමන්විත මෙම රථය එන්ජිමෙහි බලය වැඩිකරන අතර wilwood තිරිංග පද්ධතියෙන් වාහනය එකවර නතර කිරීමේ හැකියාවද ඉහළ තලයක පවතී. මුලදී මෙම රථය අසාමාන්ය පෙනුමක් ගත් බැවින් ටොයොටා ආයතන විසින් මෙහි පිටතට හැපීම වළකන ආවරණ, තිරිංගල, පිටුපස බම්පර් ආවරණ යනාදියෙන් ආවරණය කොට ඇති අතර වේගය පාලනය කරන උපකරණ සමඟම දල ලෝහ (matte) පෙනුමකින් මෙහි නිමාව සකස් කොට ඇත. එමෙන්ම රථයෙහි වහලය ආවරණයට LED ආලෝක පද්ධතියක්ද යොදා ඇත.


 රථයෙහි නිපැයුම් කාලය තුල ටොයොටා ආයතනය විසින් මෙහි ඉතා විශාල රෝදය සහ ටයරයෙහි එකතුව පිළිබඳව අවබෝධ කොටගෙන ඇත. එමනිසා ඉදිරිපස දොර නැවත සාදා ඇත. එහා මෙහා කළහැකි දොරට මෝටර් සවිකොට ඉදිරිපස දොර අසව් කරඇත. ඒ හේතුවෙන් මෙම රථය අශ්ව කරත්තයක පෙනුමට සමාන වන අතර පෙර තිබූ අසාමාන්‍ය පෙනුමද පහව ගොස් ඇත.

 සාමන්ය 4x4 ආකෘතියෙන් එහා ගිය මිනිවෑන් ආකෘතියකට මෙම අණ දෙන මධ්‍යස්ථානය ටොයොටා ආයතනය විසින් නිපදවා ඇත්තේ මන්ද යන්න පුදුමයට කරුණකි. නමුත් ටොයොටා ආයතන උතුරු ඇමරිකාව මූලික කොටගෙන දැනටමත් Land Cruiser සහ 4Runner වාහන දෙක නිපදවා ඇත. මෙහිදී ටොයොටා ආයතනය විස්තර කරදී ඇති ආකාරයට මෙම ඉහළ තාක්ෂණයෙන් යුත් ජංගම කාර්යාලයක් බඳු රථය ඇතුලත ඉතා ඉහළ ගණයේ පහසුකම් සේම ඉඩකඩද හොඳින් ඇති බව පෙනී යයි.

 තාක්ෂණය ඔස්සේ ටොයොටා ප්‍රධාන කාර්යාලය හා සම්බන්ධ වී තොරතුරු හුවමාරු කරගැනීමයි. මෙම රථය තුල අන්තර්ගත ඉහළ ගණයේ තාක්ෂණ පහසුකම් අතර අඟල් 60 sony වර්ගයේ රූපවාහිනියක්, මාර්ග පෙන්වන ජංගම චන්ද්‍රිකා රූපවාහිනී යන්ත්‍රයක්, අන්තර්ජාල පහසුකම, ලැප්ටොප් පරිගනක රඳවන, Wi-fi තාක්ෂණය, අඟල් 17 මොනිටරයක්, USB ports, වොට් 2,500 ශ්‍රව්‍ය පද්ධතියක් සහ M-324 xp රාත්‍රී කාලයේ පටිගත කළහැකි කැමරා පද්ධතියක්ද වේ.

1 comment: