මේව දැනගත්තහම නිතර නිතර භාවිතා කරන්න ඕනෙ. නැත්තන් ඉක්මනටම අමතක වෙනවා.
Keyboard එකේ කෙටික්රම භාවිතා කිරීම.
බොහෝ දෙනා පරිගණකයේ Type කිරීම , Presentation නිර්මාණය කිරීම වැනි දේවල් වල බොහෝ දෙනා නිරත වෙනවා. ඒ වුනාට තාමත් නිතරම වගේ Mouse එකට අත යනවා. Keyboard shortcuts ගැන දන්නැති එක තමයි ඒකට හේතුව. අද මේ මං කියල දෙන Shortcuts වලින් ඔබගේ කාලයත් ඉතිරි කරගන්න පුලුවන්. ඒ වගේම කරන වැඩෙත් Smart.
* Esc - Web pages load වීම නැවැත්වීම.
* Ctrl+Tab - ඊළඟ ටැබ් එකට යාම.
* Ctrl+D - ඔබ දැනට සිටින පිටුව Book mark කිරීම.
* Space - පිටුවක පහළට යාම.
* Shift+Space - පිටුවක ඉහළට යාම.
* Ctrl+Shift+T - අවසානයට වැසූ ටැබ් එක නැවත විවෘත කිරීම.
* Ctrl+අංකය - එම අංකයට අදාළ ටැබ් එකට පිවිසීම.
* Ctrl+Shift+Tab - කලින් ටැබ් එකට පිවිසීම.
මේ කෙටි ක්රම එකපාරින් පුරුදු වෙන්න බෑ. එකින් එක පුරුදු වෙන එක තමයි සුදුසු. මේ ටික පුරුදු වුනාට පස්සෙ Mouse එකට අත යන එකත් දන්නෙම නැතිව අඩු වෙයි. දැන් අපි බැලුවෙ Keyboard shortcuts නෙ. Mouse එකෙත් shortcuts තියනවා.
* මවුස් එකේ මැද එබීමෙන් ටැබ් එකක් වැසිය හැකියි.
* මොකක් හරි Link එකක් උඩටගිහිල්ල මවුස් එකේ මැද එබුවහම ඒ ලින්ක් එක අලුත් ටැබ් එකකින් විවෘත කරගත හැක.
* Ctrl+මවුස් එකේ මැද ඉහළට කැරකැවීම මඟින් Zoom in.
* Ctrl+මවුස් එක පහළට කැරකැවීම මඟින් Zoom out.
මේ කෙටි ක්රමත් බොහෝ දෙනෙක්ට වටිනවා. ඉතින්මේ post එක හොඳනම් Comment එකක් දාගෙනම යන්න.
No comments:
Post a Comment