Pages

Monday, January 9, 2017

HOME PLUG NETWORK CONNECTORS

යම් ගොඩනැගිල්ලක් තුල හෝ නිවසක් තුළ අන්තර්ජාල සබඳතාවයක් ව්‍යාප්ත කිරීමේ ක්‍රම රාශියක් තියනවා. එයින් සාම්ප්‍රදායික ක්‍රමය තමයි Ethernet ක්‍රමය. ඒ කියන්නෙ ඔබේ රවිටරයේ ethernet port එක හරහා network cable එකක් භාවිතා කර අන්තර්ජාලයට සම්බන්ධ වීමයි. දැන් බහුලව භාවිතා වන නව ක්‍රමය තමයි WiFi තාක්ෂණය. මෙම ක්‍රම වල ගැටලු ගොඩක් තියනවා. ඒ තමයි ethernet ගත්තොත් තට්ටු දහයක් විතර තියන ගොඩනැගිල්ලක ethernet cable සවි කිරීම අපහසුයි. ඒ වගේම ඒ වගේ ගොඩනැගිල්ලක WiFi සංඥාද දුර්වලයි. මේ සියලු ගැටලු වලට විසඳුමක් ලෙස Home plug network connectors හෙවත් Powerline network kits ඔබට භාවිතා කරන්න පුලුවන්.

Powerline network kit එකක් කියන්නෙ ඔබේ නිවසේ ගෘහස්ථ විදුලි පරිපථයට සම්බන්ධකළ හැකි Network Extender විශේෂයක්. එවිට නිවසේ ඕනෑම Plug Point එකකින් අන්තර්ජාල සබඳතාවක් ලබාගත් හැකිය.
ඔයාලගෙ ගෙදර තට්ටු තුනක් විතර තියන එකක් නම් මේක ඔ‍යාලට බොහොම වැදගත් දෙයක්. මේ වැඩේ කරන්න ඔයාල Powerline network kit එකක් මිලදී ගන්න ඕනෙ. ගොඩක් වෙලාවට මේක කොටස් දෙකකින් සමන්විතයි. ඔයාල කරන්න ඕන ඔය කොටස් දෙකෙන් එකක් ( උපකරණයත් සමඟ එය සවිකරන ආකාරය කුඩා කොළයක එනවා. ඒ හින්දා බය වෙන්න ඕනෙ නෑ.) ඔබේ රවුටරයට ( ethernet cable එකකින් ) හා නිවසේ විදුලි සොකට්ටුවකට සම්බන්ධ කිරීමයි. එවිට ඔබේ නිවසේ ගෘහ විද්‍යුත් පරිපථය හරහා අන්තර්ජාල සබඳතාව නිවස පුරා බෙදා හරිනවා. මේ ගැන තවත් විස්තර ඉදිරියේදී දාන්න බලාපොරොත්තු වෙනවා.

3 comments: