Pages

Wednesday, January 4, 2017

ඔබේ පරිගණකයේ MANUFACTURER DETAILS වෙනස් කරමු.

මම අද ඔයගොල්ලන්ට මේ කියල දෙන දේ ගොඩක් දෙනෙකුට බොහොම වටින දෙයක්. මුලින්ම කියන්න ඕනෙ මේ POST එක කියවල ඔයගොල්ලන්ට මොනොවහරි ගැටලුවක් තියන්වනම් COMMENT එකක් දාන්න.අපි දැන් එහෙනම් වැඩේට බහිමු.
ඔ‍යාල දැකල ඇති අලුතින් LAPTOP එකක් ගත්තම ඒකෙ SYSTEM PROPERTIES වල OPERATING SYSTEM එකට අමතරව ඒ LAPTOP එකේ BRAND එකේ LOGO එකකුත් තියනවා. පහත රූපය බලන්න.



හැබැයි ඔය LOGO එක පරිගණකය FORMAT කරාම නැතුව යනවා. අද මම කියල දෙන්න යන්නේ කොහොමද ඒ LOGO එකයි MANUFACTURER DETAILS වෙනස්කරන්නෙ කොහොමද  කියල. මුලින්ම WINDOWS KEY + R PRESS කරන්න. එවිට ඔබේ පරිගණකයේ RUN WINDOW එක OPEN වේවි. ඒ WINDOW එකේ regedit කියල TYPE කරල OK කරන්න.
එතකොට ඔබේ පරිගණකයේ registry වින්ඩෝව OPEN වෙයි.දැන් මේ විදිහට කරගෙන යන්න.
HKEY_LOCAL_MACHINE/SOFTWARE/Microsoft/Windows/CurrentVersion/OEMInformation විදිහට KEYS EXPAND කරමින් යන්න.
ඔබේ පරිගණකයේ දැනටමත් manufacturer details ඇතුලත් වේ නම් පහත රූපයේ රවුම් කර ඇති කොටසේ එය පෙන්වනු ඇත.

මෙම අගයන් STRING VALUES ලෙස තමයි හඳුන්වන්නෙ. ඉහත රූපයට අනුව නම් මගේ පරිගණකයේ දැනට Manufacturer details ඇතුළත් කර නෑ. මේකට අපිට ඕන ඕන දේවල් දාන්න බෑ. දාන්න පුලුවන් ටික තමයි මේ.

*Manufacturer
*SupportHours
*SupportPhone
*SupportURL
*Logo

දැන් අපි එම values වලට අදාල තොරතුරු ඇතුළත් කරමු. OEMInformation key එක උඩ right click කරල new ‍ක්ලික් කරල string value කියන එක select කරන්න. ඊට පස්සෙ ඒ එන එක අර මම දීපු value වලින් කැමති එකකට rename කරන්න.  ඊට පස්සෙ ඒක උඩ double click කරල අදාළ තොරතුරු ඇතුළත් කරන්න. මම දීපු values වලින් මුල් හතරම ඔයාලට සාමාන්‍ය විදිහට ඇතුලත් කරන්න පුලුවන්. ටිකක් වෙනස් වෙන්නෙ Logo කියල value එක විතරයි. ඒක දාද්දි ඇතුලත් කරන්න ඕනෙ ඔබේ logo එකේ path එකයි. සැලකිය යුතුයි. ඔබ මේ සඳහා භාවිතා කරන logo එක bitmap format එකෙන් (bmp) තිබිය යුතුයි.තවද එම රූපය bmp ආකාරයට සකසා ගත් පසු එය rename කිරීමේදී නම අගට .bmp යනුවෙන් යෙදීම අනිවාර්‍යයයි. උදාහ‍රණයක් ලෙස Mylogo.bmp ‍යනුවෙන් ගත හැකිය. එවිට ඔබ සඳහන් කරන path එක මේ ආකාරයෙන් විය යුතුය.
C:\Users\Images\Mylogo.bmp
දැන් එම වින්ඩෝව close කර system properties වලට ගොස් බලන්න. වැඩේ ගොඩ නේද??

  වැඩේ හරිගියානම් comment එකක් දාන්න අමතක කරන්න එපා.

No comments:

Post a Comment