ඔබගේ වයිෆයි රවුටරයෙන් ලබාදෙන සඥා ප්‍රබල කර ගැනීමට ඔයාලට මං මේ දෙන ක්‍රම යොදාගන්න පුලුවන්.
මෙසේ signal අඩුවීමට බලපාන ප්‍රධාන හේතුව දුර ප්‍රමානයයි.රැහැන් රහිත සඥා සාර්තකව ක්‍රියාත්මක වීමට නිශ්චිත දුර ප්‍රමානයක් තිබේ.රවුටරයට සම්ප්‍රේෂණය කළ හැකි සීමාවට වඩා ඔබ දුරින් සිට වයිෆයි භාවිතා කරන්නේනම් සංඥා වලට බිත්ති බොහොමයක් හරහා ඒමට සිදුවේ. එවිට සඥා වල ප්‍රබලතාවය අඩුවේ. තවද වයිෆයි සංඥා ක්‍රියාත්මක වන ප්‍රදේශයක වෙනත් රැහැන් රහිත සංඥා බොහොමයක් ක්‍රියාත්මක වේනම් එයද වයිෆයි සංඥා වල ප්‍රබලතාවය අඩු වීමට හේතුවක්.
මෙහිදී සැලකිළිමත් විය යුතු තවත් කාරණයක් වන්නේ ඔබගේ රවුටරයට සම්බන්ද වී ඇති උපාංග පිළිබඳවයි.සමහර අවස්ථාවලදී ඔබ නොදන්න අනෙකුත් උපාංග ඔබගේ ජාලයට හොරෙන් සම්බන්ද වෙන්න පුලුවන්. මේ හින්දා ඔබගේ Administer interface එක සෑම විටම පරීක්ෂා කිරීම වැදගත්. එසේ නොමැතිනම් ඔබගේ ජාලය තුළ ඇති අනවශ්‍ය උපාංග පරීක්ෂා කිරීමට Network Analyzer tool එකක් භාවිතා කළහැකිය. ඔබගේ වයිෆයි සබඳතාවය මන්දගාමී වීම වළක්වාගැනීමට කළ හැකි දේවල් ටිකක් තමයි මේ.
01) වඩාත් සුදුසු සංඛ්‍යාතය.
ඔබගේ Administer Interface එක වඩාත් සුදුසු ක්‍රියාකාරීත්වයට සකසා තිබේදැයි බලන්න. ඔබේ රවුටරය dual band එකක් නම් එහි සංඛ්‍යාතය 5GHz දක්ව වෙනස් කරන්න. මොකද 5GHz වඩිපුර භාවිතා නොවන සංඛ්‍යාතයක් නිසා අනෙකුත් රැහැන් රහිත සංඥා වලින් 5GHz වලට බලපෑමක් ඇති නොවීමයි.
02) රවුටරයේ firmware අප්ඩේට් කිරීම.
බොහෝ විට ඔබගේ රවුටරයට firmware update එකක් අවශ්‍ය විය හැකිය. රවුටර් නිෂ්පාදකයින් විසින් software update කිරීමක් මඟින් එහි ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි. මෙමෙ update කිරීම ඔබගේ රවුටරයේ model එක මත රඳා පවතියි. මෙසේ update කිරීමට අදාළ button එක බොහෝ විට Administer interface එකේ දක්නට ලැබෙන අතර ඇතම් විට රවුටරයේ නිෂ්පාදන සමාගමේ නිළ වෙබ් අඩවියෙන් එය Download කරගැනීමට සිදුවේ. ඉතින් ඔබගේ රැහැන් රහිත ජාලයේ වේගය වැඩි කර ගැනීමට නම් firmware update කිරීම වැදගත්.
03) ඔබ රවුටරය තබා තිබෙන්නෙ සුදුසු ස්ථානයකද?
රවුටරය කබඩ් එකක් තුළ තිබීම හෝ රවුටරය ජනේලයක් අසල තිබීම සුදුසු නොවෙයි. රැහැන් රහිත රවුටරක් තැබීමේදී විවෘත පරිසරයක් තුළ එය තැබීම සුදුසුය. ඔබගේ රවුටරයේ ඇන්ටනා තිබේනම් ඒව ඉහලට ඔසවා තැබීමෙන් එහි ආවරණ කලාපය වැඩි කර ගන්න පුලුවන්. රවුටරය ඉහළින් තැබිය හැකිනම් එය වඩාත් සුදුසුයි.
04) සුදුසු චැනලයක් භාවිතා කරන්න.
මෙම චැනල් පවතින්නේ සඛ්‍යාත මතය. ඔබට රවුටරයේ recomended චැනලය වුවද භාවිතා කළ හැකිය. නමුත් ඔබගේ අසල නිවසකද එම චැනලයම භාවිතා කරයිනම් ජාල අවහිරතා ඇතිවිය හැකිය. මේ නිසා අවම භාවිතයක් පවතින චැනලයක් ඔබට භාවිතා කළ හැකිනම් ඔබේ වයිෆයි සබඳතාවයේ වේගය වැඩි කරගත හැක. Windows පරිගණක වල මේ සඳහා Command Prompt වල net show lan show all කියන එක ටයිප් කිරීමෙන් අවට ඇති ජාල වල තොරතුරු ලබාගත හැකිවෙයි. ඔබ භාවිතා කරන චැනල හා අවට ඇති චැනල පිලිබඳ විස්තර දැනගත් විට අවම අවහිර වීමක් ඇතිචැනලය ඔබගේ රවුටරය සඳහා යොදාගත හැකිය.
05) ඔබගේ ඇන්ටනාව මාරු කරන්න.
ඔබගේ රවුටරයේ අභ්‍යන්තර ඇන්ටනාවක් පමණක් සහිත නම් එයට බාහිර ඇන්ටනාවක්ද සවි කිරීමෙන් වඩාත් ප්‍රබල සංඥා ලබාගත හැකිවෙයි. බාහිර ඇන්ටනාවක් තිබුනද තවත් බාහිර ඇන්ටනාවක් සම්බන්ධ කිරීම සුදුසුය. මෙම බාහිර ඇන්ටනා වෙළඳපොලේ විකිණීමට ඇති අතර එසේ මිලදී ගැනීමේදී High Gain යනුවෙන් සඳහන්ව ඇති එකක් මිලදී ගැනීම වඩාත් සුදුසුය.
Subscribe to:
Post Comments (Atom)
-
ශාක සාරයන්ගෙන් හදපු ඖෂධ දේශිය වෙදකම ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඒ වගේ එක ඖෂධීය ශාකයක් විදිහට වැල්කහඹිලියා ශාකය හඳුන්වන්න පුලුවන්. මේ ශාකය වල...
-
ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන භූමියක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙවලපොල ආනන්ද මහා විද්‍යාල භූමියෙන් හම...
-
Suzuki සමාගම විසින් 2014 වසරේ හදුනවා දෙනු ලැබූ Wagon R hybrid මෝටර් රථ දැන් ලංකාවේ සීග්‍ර අලෙවියක් පවතින මොටර් රථයක්. Wagon R FZ මෝට...
No comments:
Post a Comment